CAST




මෙවර කොටසින්..

හැමෝටම සුභම සුභ උළුත් අවුරුද්දක් වේවා!!!! කියලම වැඩේ පටන් ගන්නම්කෝ. ඉතින් යාළුවනේ ඔන්න මම අද අල්කට්රාස් කතා මාලාවේ අවසාන කොටසේ උපසිරැසිය ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. මේකෙදි මම මේ දක්වා මෙම කතා මාලාවට උපසිරැසි යොදන්න සහය දීපු සවිඳ බිම්සර මල්ලිවත්, ධනුෂ්ක ලක්මාල් සහෝදරයා සහ චමීර අබේසිංහ මල්ලිව සම්බන්ධ කරගෙන සබ් එක ඉදිරිපත් කරන්න හිතුවා. ඒත අපේ චමීර කොල්ලගේ අධික කාර්යබහුලත්ව නිසා එයාව මේ කොටසට සම්බන්ධ කරගන්න බැරිඋනා. කොහොම නමුත් මේ කතා මාලාවේ 12 වෙනි කොටසට උපසිරැසි ලබා දීමට දායක උන චමීර මල්ලිටත්, 7 වෙනි කොටසේ ඉඳන් 11 වෙනි කොටසට වෙනකං උපසිරැසි යොදපු ධනුෂ්ක ලක්මාල් සොයුරාටත් 5 වෙනි කොටසේ සිට අවසාන කොටස දක්වා මාගේ මෙම කාර්යය සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබාදීපු අපේ සවිඳ බිම්සර මල්ලිටත් මාගේ විශේෂ ස්තූතිය පිරි නමන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. ආ තව දෙයක් මේ කතා මාලාවෙන් පස්සේ මම ඔයාලට තවත් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් දෙන්න කටයුතු සුදානම් කරමින් පවතිනවා. ඉතින් එතෙක් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා([email protected]). "ඔබ සැමට සියළු පැතුම් ඉටුවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා"

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes