CAST




මෙවර කොටසින්..

නොකඩවා රැගෙන එන ඇමරිකාවේ CW නාලිකාව සහ ඊට සමගාමී ලෙස ලෝකයේ බොහෝ රටවල් වල විකාශනය වන ජනප්‍රිය ඇරෝ කතා මාලාවේ 16 වෙනි කොටසත් සිංහල උපසිරැසි සහිතව ඔන්න රැගෙන ආව. ඔබට පසුගිය කොටස් මගහැරුනානම් අද කොටස බලන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඒ කොටස් බලලා ඉන්න. මොකද අද අද කොටසෙන් පසුව මේ කතා මාලාවේ නිමාවට තවත් කොටස් දෙකක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඒ නිසා දැන් අවසානය කර එන නිසා මේ කතාවේ යම් යම් අපි නොසිතු දේවල් සිදුවෙලා කතාවේ අවසානය සහ නොදන්නා රහස් දැනගන්න හැකිවෙනවා. ඒ වගේම ඔලිවර් ග්‍රීන් හුඩ් ලෙස ස්ටර්ලින් නගරය බේරා ගැනීමේ රහස අද තවත් කෙනෙක් දැනගන්නවා. ඒ වගේම ඔලිවර් සමඟ බෝට්ටුවේදී මියගියා කියලා හිතාගෙන සිටින ලොරල් ගේ සහෝදරිය ගැනත් අද අපි නොසිතන යමක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පසුගිය කොටස් වල ඔලිවර් ගේ අම්මා මර්ලින්ව ඝාතනය කිරීමට බාරදුන් කර්තව්‍ය අද සිදුකරනවා. ඒ සැලැස්මෙන් මර්ලින්ට ජීවිතය බෙර ගැනීමට හැකි වෙයිද ? අද ඔලිවර්ගේ රහස දැනගන්න අනෙත් කෙනා කවුද ? ලෝරල් ගේ නැඟී ගැන දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද ? ඔන්න අද කොටසේ ප්‍රශ්න ගොඩයි. මේ හැම එකකටම පිළිතුරු දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා. ඒ වගේම අද කොටසත් ඔබේ බාගත කිරීමේ පහසුව තකා අපේ සර්වරයෙන් ඔබට ක්‍ෂණයෙන් කෙලින්ම බාගත කිරීමට හැකියාව තියෙනවා. එහෙනම් අවසාන කොටස් දෙක සමගින් ඉදිරියේදී හමුවෙමු. rokiya@zoom.lk

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes