CAST




කොහොමද කස්ටිය! ඔන්න සෑගෙන්න දවසකට පස්සේ ඇරෝ කතාමාලාව අරගෙන එන්න අවස්ථාව ලැබුනා, පසුගිය ටිකේ ඉගනීමේ වැඩ එක්ක ගොඩක් රාජකාරි බහුල වෙලා හිටියේ උපසිරැසියක් කරන්න වෙලාවක් තිබ්බෙම නෑ, දැන් කියලත් ඉතින් වෙනසක් නෑ, හැබැයි ඉතින් හැමෝම ඉල්ලීමක් කලා ඇරෝ එක ආපහු කරන්න කියලා, ඔන්න ඉතින් ඉල්ලීම පිළිගත්තා, ඒවගේම කලින් කොටස් ටික ලබාදෙන්න දායක වුන අපේ සූම් එකේ සෙට් එකටම තෑන්ක්ස් කරන්න ඕනේ, එහෙනම් දැන් කතාවේ ගොඩක්ම රසවත් හරියක් තමයි යන්නේ, මෙච්චර දවසක් සැඟවිලා හිටිය ප්‍රොමිත්ස් කවුද කියලා ඔයාලා දැන් දැනගන්න ඇති, හැබැයි ප්‍රොමිතස්ට තනියෙම මේ තරම් දෙයක් කරන්න විදියක් නෑ කියලා හැමෝටම තේරෙනවනේ, ඉතින් ඒ උදවු කරන අනිත් කෙනා කවුද කියලා අද කොටසින් දැනගන්න ලැබෙයි, ඒවගේම ෆෙලිසිටිත් හෙලික්ස් කියන රහස් සංවිධානයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් අරන්, අද කොටසේ ගොඩක්ම උදවු ලබාගන්නේ ඒ සංවිධානයෙන් තමයි, ඉතින් ෆෙලිසිටිගෙනුත් තව කතාමාලාවක් ආරම්භ කරන්න යන වගක් තමයි පේන්න තියෙන්නේ, එහෙනම් ඊලඟ කොටසත් එක්ක හමුවෙමු ,ජයවේවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes