Breaking Bad

හැමදාම වගේ ඔන්න සූම් උපසිරැසි කණ්ඩායම තවත් අළුත් වැඩකට අතගැහුවා! වර්තමානයේ චිත්‍රපටි ඒ වගේම රූපවාහිනි කතා මාලා බලද්දී ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන පොඩ්ඩක් අපි හොයාබලනවා. ඇත්තටම ඒක ගොඩක් හොද ප්‍රවණතාවයක්! එයින් ගුණාත්මක මෙන්ම තාත්වික නිර්මාණ වලට අපි හැමෝටම යොමු වෙන්න පුළුවන්! මොකද ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ලෝකයේ සිටින අනෙකුත් රසිකයන් අදාළ චිත්‍රපටිය/රූපවාහිනි කතා මාලාව පිළිබදව කෙතරම් සෑහීමකට පත්වෙලාද කියලා අපිට බලාගන්න පුළුවන්! මම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළේ අපි අද ලබාදෙන්න පටන් ගන්න රූපවාහිනි කතාමාලාව ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් ඉහළම අගයක් ගෙන තියෙනවා! ඒ වගේම මේක විකාශනය වී අවසන් වුනු කතාමාලාවක් නෙවෙයි. තාමත් විකාශනය වෙන කතාමාලාවක්! ඉතින් මේ කතාමාලාව තමා Breaking Bad! මෙය IMDBහි ලබාගෙන ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර 9.4ක් වෙනවා. මෙහි සීසන් 5ම මේ වෙනකොටත් විකාශනය වෙලා තියෙනවා. 5 වෙනි සීසන් එක තමා මේ වෙනකොට විකාශනය වෙන්නේ!
කතාමාලාව ගැන කියනවා නම් මෙහි ඇති සමහර දර්ශන නිසා වඩාත්ම වැඩිහිටියන්ට නිර්දේශ කරන්න පුළුවන්! නමුත් පැහැදිලිවම කියන්න පුළුවන් අනෙක් කතාමාලාවලට වඩා මෙ‍ම කතාමාලාව වෙනස්ම තේමාවකින් යුක්තයි. මිස්ටර් වයිට් කියන්නේ රසායන විද්‍යා උගන්වන ගුරුවරයෙක්! මොහු ඉතාමාත් ආර්ථික දුෂ්කරතා මැද තමා ජීවත් වෙන්නේ. ඒ අතර මොහු දවසක් අසනීප වෙලා, ඇද වැටෙනවා! ඊට පස්සේ මෙයා දැනගන්නවා ; මෙයාට පෙණහළු පිළිකාවක් තියෙනවා කියලා! ඊට පස්සේ තමා කතාව අනිත් පැත්ත පෙරළෙන්නේ! වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑ! මිනිත්තු 45ක් පුරා දිවෙන මෙය කම්මැළිකමකින් තොරව බලන්න පුළුවන් කියලා, බය නැතුව කියන්න පුළුවන්!
මේ කතාමාලාව පුළුවන් ඉක්මනට ඔබලාගේ රසවින්දනයට ලබාදෙන්න අපි වැඩකටයුතු සූදානම් කරලා තියෙන්නේ!