Into the Badlands Season 2




සුභ දවසක් යාලුවනේ, අද ඔබ වෙත ගෙන එන්නේ Into the Badlands දෙවන කතා සමයේ තුන්වන කොටසයි. ගිය සතියේ වුනේ බජී, සනීව පාවල දුන්න නිසා සනීව පතලේ සටනකට දානවා. හැබැයි තනියම නෙවේ බජී එක්කමයි.. සටන අතතුර දෙන්නා පැන ගන්නවා එතනින්. තව රයිඩර් ගේ අම්ම ඉන්න ගමට පහර දීමක් වෙනවා. M.K කැඩපත් මානයක පුහුණුවක් දෙනවා. ඒත් තමන්ගේ බලය පාලනය කරගන්න ඒක උදවුවක් වෙන්නේ නැති බව M.K ට තේරෙනවා. ඒ වගේම කුයින් උත්සවයක් පවත්වනවා. අවසානයේදී සනී ට සහ බජි ට විශාල ප්‍රාකාරයක් දකින්නට ලැබෙනවා. මේ දේවල් තමයි ගිය වර කොටසේදී සාරාංශ වශයෙන් වුනේ.

අද කතාවේ වෙන දේ ඔයාලටම බලන්න ඉතුරු කරනවා. සනීට හමුවන අලුත් අමුත්තා කවුද? ඔහු ඔවුන්ට උදව් කරාවිද ප්‍රකාරය පසු කර යන්නට?. ආශ්‍රමයේ සිදුවන්නේ මොනවද? MK ට බලය පාලනය කරගන්න මෙවරවත් පුළුවන් වෙයිද? කුයින් ගේ අසනීප තත්වය කොහොමද? තවත් දේවල් ගොඩක් තියෙනවා.ඔයාලටම ප්‍රශ්න ටික ඉතුරු කරන ගමන් අදට නවතිනවා. ලබන සතියේ හමු වෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes