මෙවර කොටසින්..

මාස තුනකට ආසන්න කාලයක් ඔයාලට අරගෙන ආව බැන්ශේ කතාමාලාවෙ අවසාන කොටසත් එක්ක තමයි මම අද ආවෙ, නොහිතපු විදියෙ දේවල් ගොඩක් මේ කතාමාලාවෙදි සිදු වුනා, ප්‍රධාන චරිත කීපයකම සමුගැනීම වගේම, බැන්ශේ නඟරය තවත් අවුලෙන් අවුලට පත් වුන එක වගේ ගොඩක් සිදුවීම් මේ කතාමාලාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් වුනා, කතාමාලාවෙ සාරාංශය කෙටියෙන් හැදින්වීමක් කරනවනම්, දෙවෙනි කතාමාලාවෙ අවසානයේදි රෙබෙකා කිනාහෝ ගෝත්‍රයේ නායක ඇලෙක්ස් ලෝන්ග්ශැඩෝව මරනවා මේ හේතුව නිසා, බැන්ශේ වලින් ඈත් වෙලා හිටපු චේටන් ආපහු බැන්ශේ වලට එනවා තමන්ගෙ ගෝත්‍රයේ නායකයා මරපු එකට පලිගන්න, මෙ වෙනුවෙන් ‍චේටන් කරන්නේ කිනාහෝ ගෝත්‍රයේ කට්ටිය එකතු කරගෙන රෙඩ්බෝන් කියලා කල්ලියක් හදාගන්න එක, බැන්ශේ වලට කිට්ටුව තියෙන ජෙනෝවා කියන හමුදා කදවුර කොල්ළකාලා චේටන් රෙඩ්බෝන් එකට ආයුධ සපයගන්නවා, මේ ජෙනෝවා කෑම්ප් එක ඇතුලේ තියෙන්නේ ඇමරිකාවෙ හමුදා මෙහෙයුම් වලින් එකතු වෙන වටිනාකියන දේවල් ගබඩාකරලා තියාගන්න එක, චේටන්ගේ කොල්ලකෑම ගැන පරීක්ශන පවත්වන්න කෑම්ප් ජෙනොවා වලට යන හුඩ් ට කෑම්ප් එක කොල්ලන්න අදහසක් පහළ වෙනවා, හුඩ් ඒ වෙනුවෙන් සුගර්, ජොබ් කැරී එක්ක සැලසුම් සකස් කරගෙන යනවා, මේ අතරේ චේටන් දිගටම දඩයම කරගෙන යනවා, මෙතනදි මුලින්ම කතාවෙන් සමුගන්නේ නෝලා, ඒ බර්ටන් එක්ක ඇතිවුන සටනකට පස්සෙ, ඊටත් පස්සෙ චේටන් අතින් හුඩ්ගේ පෙම්වතිය සිබෝන් ඝාතනය වෙනවා, මේ නිසා හුඩ් චේටන්ව මරන්න පස්සෙන් පන්නනවා, දෙතුන් වතාවක්ම හුඩ්ගෙන් බේරුන චේටන් අන්තිමේදි නිව් ඕර්ලන්ස් වලදි හුඩ් අතින්ම මැරුම් කනවා, මේ වෙනකොට හුඩ් කෑම්ක් ජෙනොවා එක සාර්ථකව කොළ්ලකෑම කරනවා, හැබැයි කෑම්ප් ජෙනෝවා වල කර්නල් ඩග්ලස් මෙයලා පස්සෙන් එන එක නතර කරන්නේ නෑ, කලින් කොටසෙදි හුඩ් ඇරෙන්න කැරී, ජොබ්, සුගර් තුන්දෙනවම කෑම්ප්ජෙනෝවා වලින් අල්ලගෙන යනවා, මේ අතරේ ප්‍රොක්ටර්ටත් සෑහෙන්න කරදර විදින්න වෙනවා එයාගෙ ලේලි රෙබෙකා නිසා, හැබැයි කලින් සතියේ කොටසෙදි ප්‍රොක්ටර් ඒ හැමදේකින්ම පනබේරගෙන ආපහු සුපුරුදු මාර්ගයට අවතීර්ණ වෙනවා, මේ කතාවෙ සුළු සාරාංශයක් විතරයි, කතාව මුල ඉදන්ම බලපු අය දන්නවා මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා, මේ නිසාම මේකේ හතරවෙනි කතාමාලාවක් විකාශය වෙනවා කියලා Cinemax නාළිකාවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, හැබැයි හතරවෙනි කතාමාලාවෙ විකාශය වෙන්නේ කොටස් අටක් විතරයි කියලා තමයි ආරංචිය ලැබෙන්නේ, එහෙනම් ඉතින් නොඉවසිල්ලෙන් බලන් හිටපු අවසන් කොටස නරඹන්න කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, ජයවේවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes