CAST




ඹන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ආවා.දැන් තියන වැඩත් එක්ක මේක ඉවර වුන එකනම් ලොකු දෙයක්.එහෙනම් කලින් කොටස ගැන ටිකක් කියලා ඉන්නම්.මතකනේ සෑන්ඩ්පයිපර්ලගේ නඩුවත් චක් කියනවා HHM එකට දෙමු කියලා.ඒකට හේතුව විදිහට චක් කියන්නේ මේක දෙන්නට තනියම කරන්න බෑ කියලා.‍කොහොම හරි ජිමිත් අදි මදි කරලා කොහොම හරි කැමති වෙනවා.දන්නවානේ හාවර්ඩ් කියන්නේ ජිමීගේ පරම හතුරනෙ.ජීමී චක් එක්ක මේ නඩුව බාර දෙන්න HHM එකට යනවා.ජිමී මේ නඩුව බාරදෙන්න තීරණය කරන්නේ ලොකු බලාපොරොත්තුවකුත් එක්ක.ඒ තමයි මේ නඩුවෙදි HHM එකත් එක්ක වැඩ කරන බලාපොරොත්තුව.ඒත් හාවර්ඩ් ජිමීව වැඩට සම්බන්ධ කරගන්න කැමති වෙන්නේ නෑ.ජිමී හාවර්ඩ්ට හොදවයින් දෙකක් කියලා එතනින් එනවනේ නඩුව බාර දෙන්නෙත් නැතුව.ඒත් ජිමී පස්සේ දැනගන්නවා මේක කරලා තියන්නේ චක් කියලා.චක් තමයි හාවර්ඩ්ට කියලා තියන්නේ ජිමීව වැඩට ගන්න එපා කියලා.(චක් නම් ඇත්තටම හෙණම පණ්ඩිතයෙක්.මට නම් පේන්ඩම බෑ ඒ අපතයව. :D ) චක් ඒකට හේතුව විදිහට දක්වන්නේ ජිමී ලේසි ක්රඩමයකින් නීතීඥයෙක් වුන එක.කොහොම හරි අන්තිමට ජිමී චක්ව දාලා ගෙදරින් යනවා.ඒ වගේම මයික් පොඩි පෙති බිස්නස් එකකුත් ඉවරයක් කරනවානේ.

අද කොටසින් ජිමීට මොකද වෙන්නේ මොකද කරන්නේ කියලා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම අද කොටසෙදි ජිමීගේ හොද යාළුවෙකුත් මැරෙණවා.

මෙහෙම කථාවක් තියනවා කරන්න කියලා මට කිව්වේ සුපුනා.ඒ හින්දා මේ වගේ හොද කථාවක් ගැන මට කිව්වට සුපුනට ස්තූති කරනවා.ඒ වගේම මේකෙ දෙවෙනි සීසන් එකත් ආව ගමන්ම ඒකටත් සබ් දෙනවා.එතකොටවත් වැඩ ටිකක් අඩුවෙලා තියෙන් නැතෑ.එහෙනම් the returened us පස්වෙනි කොටසින් ඉක්මණටම හමුවෙමු. ඔබට ජය....!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes