Criminal Justice (2019) Season 1

මෙවර කතාමාලාවෙන්..

ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට තිබෙනවා. එයිනුත් වෙබ් සීරීස් (Web Series) වලට වැඩි ඉල්ලුමක් තිබෙන බව පේනවා. ඒ වගේම ප්‍රේක්ශක පැසසුම් නොවඩුව දිනාගත් තවත් වෙබ් සීරීස් එකක් තමයි මේ Criminal Justice කියන්නේ. ත්‍රිලර් කියන කැටගරි එකට ප්‍රිය කරන අයට මේක විශේෂයි.

බ්‍රිතාන්‍ය BBC නාලිකාවේ 2008 වර්ශයේ විකාශය වුනු Criminal Justice රූපවාහිනී කතා මාලාව ආශ්‍රයෙන් තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තිබෙන්නේ. 8.2/10ක IMDB දර්ශක අගයක් වාර්තා කරගෙන තිබෙන මේ වෙබ් සීරීස් එක Hotstar ආයතනයේ නිර්මාණයක්. Crime, Drama, Thriller කියන වර්ගීකරණයන්ට අයත් මෙම කතා මලාවට Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff , Anupriya Goenka වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වෙනවා. මේ කතා මාලාවේ පළවෙනි කොටස තමයි මම අද මේ විදියට උපසිරැසි ගන්වලා අරගෙන ඇවිත් තියෙන්නේ. හැරෙමු කතාව දිහාවට...

පළමු කොටසෙන් (1)
ආදිත්‍ය ෂර්මා උපාධිය සඳහා ඉගෙන ගනිමින් ඉන්න ශිෂ්‍යයෙක්. විනෝදාංශයක් විදිහට පාපන්දු ‍ක්‍රීඩා කරන ඔහුගේ පියා ටැක්සි රියදුරෙක්. ෆ්‍රස්ට්කැබ් කුලී රථ සේවය හරහා තමයි ආදිත්‍යගෙ පියාගෙ මෝටර් රථයත් සේවය සපයන්න්. ඔහුගේ පියා සහ මස්සිනා තමයි වැඩ මුර දෙකක් විදියට ටැක්සිය එළවන්නේ. හැබැයි ආදිත්‍යත් සති අන්තයේ සහ සමහරදිනවල රාත්‍රි කාලයේ ටැක්සිය එළවලා ආදායමක් හොයාගන්නවා. එවන් එක් රාත්‍රියක ආදිත්‍යගේ ටැක්සියට ගොඩ වෙන එක් තරුණියක් නිසාවෙන් ආදිත්‍යගේ මුලු ජීවිතයම කණපිට හැරෙනවා. මොකක් සිද්ද වෙන්න ඇති කියලාද ඔබ හිතන්නේ? නරඹන්න කුතුහලයෙන් පිරුණු විනාඩි 40ක්. ඔබට පිළිතුරු ලැබේවි.

දෙවැනි කොටසෙන් (2)
පළවෙනි කොටසෙදි ආදිත්‍ය මිනීමැරුම් චෝදනාවක් පිට පොලිස් අත්තඩංගුවට පත් වුනා. ඔහුගෙන් ප්‍රශ්න කරමින් පොලීසිය ඇත්ත හෙලිදරුව් කරගන්නට දරණ උත්සාහය සාර්ථක වේවිද? ආදිත්‍යට එල්ල වුනු මිනීමැරුම් චෝදනාව ආදිත්‍යගේ පවුලේ උදවියට කොහොම බලපාවිද? අද දෙවන කොටසින්...

තෙවැනි කොටසෙන් (3)
ආදිත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න ෆ්‍රස්ට්කැබ් ආයතනයෙන්ම එවපු මන්ධිරා කියන දක්ෂ නීතීඥවරිය ඉදිරිපත් වෙද්දි මාධව් මිෂ්රා නීතීඥතුමා එලියට විසි වුනා ඔබ දකින්න ඇති. ඒ වගේම පොලිස් විමර්ශන හමාර වන තෙක් දින 14කට ආදිත්‍යව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ජීවිතේදි කවමදාවත් පය ගහන්න හීනෙන්වත් නොහිතපු හිර ගෙදරට කොටු වෙන්න සිද්ද වෙන ආදිත්‍යට හිර ගෙදරදි අනෙක් සිරකරුවන්ගෙන් කොහොම පිළිගැනීමක් ලැබේවිද? ඔහුට බන්ධනාගාරය ඇතුලෙදි මොන වගේ අභියෝගයකට මුහුණ දෙන්න සිදු වේවිද? මින් ඉදිරියට මාධව් මිෂ්රාගේ භූමිකාව කොහොම එකක් වේවිද?

සිව්වැනි කොටසෙන් (4)
බන්ධනාගාර ගත වුනු ආදිත්‍යට බන්ධනාගාර ජීවිතේ පළමු දවසේ ඉඳන්ම ලේසි වෙන්නේ නෑ. ඔහුට විවිදාකාරයේ කරදරයන්ට මුහුණපාන්නට සිදු වෙනවා. වැඩියෙන්ම හිරිහැර සිදු වෙන්නේ ලායක්ගෙන්. මේ අතරෙදි සනායා ඝාතනයේ නඩු විභාගය පැවැත්වෙන්නට පටන් ගන්නවා. අපරාදය සිදුවුනු රාත්‍රියේ එම මොහොතේ සිදු වූ කිසිදු දෙයක් මතකයේ නැති ආදිත්‍ය නඩු විභාගයේදී පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට කෙසේ පිළිතුරු දේවිද? පැමිණිල්ලේ නීතීඥයාගේ තරක් විත්තියේ නීතීඥවරිය කෙසේ බිඳ දමයිද? අද සිවුවන කොටසින්....

පස් වැනි කොටසෙන් (5)
ආදිත්‍යගෙ සොහොයුරිය මුස්තාෆාට මුදල් ලබාදීමත් එක්ක ලායක්ගෙන් ආදිත්‍යට සිදුවෙන හිරිහැර යම් තරමක් අඩු වෙනවා. නමුත් ආදිත්‍යගේ පවුල මුහුණ දෙන ප්‍රශ්න නම් තවත් වැඩි වෙනවා. මන්ධිරා සහ නිකාත් ආදිත්‍ය වෙනුවෙන් සාක්ෂි එකතු කරමින් නඩු විමසීම්වලදී ඒවා ඉදිරිපත් කරමින් ආදිත්‍යව ‍චෝදනාවලින් නිදහස් කරගන්නට උත්සාහ කරනවා. මාස 5ක් අවසානයේ නඩුව තිබෙන්නෙ මොන තත්ත්වයේද ආදිත්‍යට මේ චෝදනාවලින් නිදහස් වෙන්නට හැකි වේවිද? එහෙමත් නැත්නම් ආදිත්‍ය තව දුරටත් සිර දඬුනම් විඳින්නට සිදු වේවිද? අද පස්වන කොටසින්....

සය වැනි කොටසෙන් (6)
සියලුම සාක්ෂී ආදිත්‍යට විරුද්ධව තිබෙන නිසා මන්ධිරා නීතීඥවරිය ආදිත්‍යට යෝජනාවක් කරනවා අධිකරණයේදී මිනීමැරීම් චෝදනාවට වැරැද්ද පිළිඅරගෙන දඩුවම් කාලය අඩු කරගන්න ලෙස. නමුත් එහෙම නිකන්ම වැරැද්ද පිළිගන්න ආදිත්‍ය කැමති වෙන්නේ නෑ. ආදිත්‍ය නැවත වතාවක් අධිකරණය ඉදිරියේ තමන් නිර්දෝෂීබව කියා හිටීමත් එක්ක ජයගැනීමට නොහැකි මේ නඩුවෙන් මන්දිරා ඉවත් වෙනවා.. එතනින් එහාට නඩුව බාර වෙන්නේ මන්ධිරාගෙ සහායිකාව වූ නිකාත්ට. අත්දැකීම් නොමැති නිකාත්ට ආදිත්‍යව මේ චෝදනාවලින් නිදහස් කරගන්න පුලුවන් වේවිද? මාධව් මිෂ්රා නිකාත්ට කොහොම උදවු කරාවිද? අධිකරණයේ අවසන් තීන්දුව අද හයවන කොටසින්....

සත් වැනි කොටසෙන් (7)
අනෙකුත් සියලුම චෝදනාවලින් නිදහස් වුනත් ආදිත්‍ය මිනිමැරීමේ චෝදනාවට වරදකරු වූ නිසා ඔහුට ජීවීතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. ඔහුට සිද්ද වෙනවා පරාජය බාරගෙන හිරගෙදර ඇතුලේ අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒ වගේම ආදිත්‍යගේ අක්කාගෙ පවුල් ජීවිතයත් දෙදරා යනවා. අම්මාගේ කඩේ විකුණන්න සිද්ද වෙනවා. ආදිත්‍යගේ පවුලම බරපතල ජීවන අර්බුදයක ඉන්න වෙලාවේ ආදිත්‍ය වෙනුවෙන් මේ සටන ඉදරියට ගෙන යන්න කෙනෙක් ඉඳිවිද? ඔවු තවමත් සටන අතනොහැරි කෙනෙක් ඉන්නවා. ඒ තම් නීතීඥ මාධව් මිෂ්රා. ආදිත්‍ය නිර්දෝෂීයැයි විශ්වාස කරන ඔහු මෙතනින් එහාට ආදිත්‍ය වෙනුවෙන් කොහොම අරගලයක් කරයිද? අද සත්වන කොටසින්....

අට වැනි කොටසෙන් (8)
පසුගිය කොටසෙදි මාධව් මිෂ්රා අලුත් හෝඩුවාවක් පස්සේ ගිහින් ජීවිතය පවා අවධානමේ දාගත්තු හැටි ඔබ දකින්න ඇතිනේ. එතනින් එහාට මොකද වුනේ කියලා වගේම සිරගෙදර තුළ සිදුවෙන ලොකු පෙරළියක් ඔබට මේ කොටසෙදි දකින්න පුලුවන්. එම පෙරළිය ආදිත්‍යගේ ජීවිතේටත් ලොකු බලපෑමක් සිද්ද කරන වග නම් විශ්වාසයි. ඒ වගේම ආදිත්‍ය වෙනුවෙන් දිගටම පෙනී හිටි නීතීඥවරිය නිකාත්ගෙ භූමිකාවත් මේ කොටසෙදි සුවිශේෂියි. ඒ වගේම මෙම කොටස අවසානයේදී මුලු සිදුවීම් මාලාවම උඩුයටිකුරු වෙන ආකාරයේ හෙලිදරවුවක් සිදුවේවි. සියල්ල නරඹන්න 08වන කොටසින්....

නම වැනි කොටසෙන් (9)
පසුගිය කොටසේදි බන්ධනාගාරය තුල සිදුවුනු ලොකු පෙරලියත් එක්ක මුස්තාෆා බායි සතුව තිබුනු අසීමිත බලය ගිලිහී ගියා. ලායක් හිරගෙදර ආධිපත්‍ය තමන් සතුකරගත්තා. වැදගත්ම සිදුවීම තමයි පසුගිය කොටස අවසානයේ මාධව් මිෂ්රා සහ නිකාත් එකතුව මේ සිදුවීම් මාලාවම වෙනස්ම මානයකට ගෙනියන්න පුලුවන් අලුත් හෝඩුවාවක් හොයාගත්තා. මිෂ්රා සහ නිකාත්ගේ සහායට මෙම කතා මාලාවේ සිටින තවත් වැදගත් චරිතයක් එකතු වෙනවා. ඔවුන් තිදෙනා එකතුව මේ ප්‍රෙහ්ලිකාව කොහොම විසඳයිද? ආදිත්‍යගේ හිරගෙදර ජීවිතය කොහොම විසඳෙයිද? ඔහුට මේ මිනීමැරුම් චෝදනාවෙන් ගැලවීමක් තියේවිද? අද 09වන කොටසින්...

දස වැනි කොටසෙන් (10) (අවසන් කොටස)
මීට මාස 17කට පමණ පෙර දවසක එක් රාත්‍රියක ආදිත්‍යගේ මුලු ජීවිතයම උඩුයටිකුරු කරමින් සිදු වූ ඛේදවාචකය ඔබට මතක ඇති. සනායා නම් තරුණියව ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබූ ඔහුට තමන්ගේ මුලු ජීවිතයම සිරගෙයක්තුළ දියකර හරින්නටයි දෛවය විසින් නියම කර තිබෙන්නේ. නමුත් මුලු සිදුවීම් මාලාවම දිහා නැවත හැරී බැලීමට සිදුවෙන අන්දමේ හෙළිදරවුවීම් කිහිපයක් නිසාවෙන් ආදිත්‍යගේ දෛවය අලුතින්ම ලියවේවිදෝ කියන සැකය සහ බලාපොරොත්තුව ප්‍රේක්ශක ඔබේ සිතේ ඇති. එහෙම නම් ඒ සියලු සැක සංකා දුරු කරගන්න, කාලාන්තරයක් පුරාවට නොවිසඳුනු මෙම අභිරහස විසඳගන්න, නරඹන්න Criminal Justice අවසාන කොටස...

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 10ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)