The Dragon Prince (2018) Season 1

මෙවර කතාමාලාවෙන්..

ඉතින් ඔන්න ආයෙත් ආවා මේ පැත්තට.කාලෙකින්.අන්තිම වැඩේ troll එක වෙන්න ඔනි මට හිතේ.වැඩත් එක්ක රෑට ඇවිත් සබ් කරනවා කියන්නෙ ඉතින් නතින්. :) ඒත් ඔන්න සුපිරි සීරිස් එකක් අහු උනා.ඒක බලල ඉවර උනාම හිතුනා කට්ටියට බලන්න දුන්නනම් හොදයි කියල.ඉතින් සතියෙන් වැඩේ ඉවරකරගත්තා කොහොමහරි. එහෙනම් අපි කතාව පැත්තට යමුකෝ.

මේක විකාශනය වෙන්නෙ netflix වෙබ් නාලිකාවේ.හැමෝම දැන් දන්නවැති නේ.මම ගේන ගොඩක් සීරිස් ඒකෙ තමයි විකාශනය වෙන්නෙ.දෙකක් නෑ මේකත් ඒ වගෙම සීරිස් එකක් වේවි.ඉතින් කට්ටියට මතක ඇති නේ the last air bender කියල සීරිස් එකක්.ඒකේ පොත ලිව්ව කෙනා වගේම සීරිස් එක කරපු අයම තමයි මේ සීසන් එකත් හදල තියෙන්නෙ.ඒ කියන්නෙ ඉතින් ඒ සීරිස් එක වගේම සුපිරි සීරිස් එකක් තමයි මේකත්. ඒ වගේම මේක තවත් ඇවටාර් කෙනෙක් එකතුවෙන සීසන් එකක්නම් නෙමෙයි.මේකෙ යන්නෙ වෙනස් කතාවක්. කතාව ගැන කිව්වොත් ඉතින් මේක පාදක වෙන්නෙ එක්සේඩියා කියන මහද්වීපයක වෙන සිදුවීමක් ගැන. මේ දූපතේ ජීවත් වෙනවා එල්ෆ්ලා මකරු මිනිස්සු වගේ කට්ටිය.ඉතින් මේ ලෝකය හැදිලාතියෙන්නේ ප්‍රධාන මායා ප්‍රභව හයකින්. 1.ඉර 2. හද 3.තරු 4.පොලොව 5.අහස 6. මුහුද .ඉතින් මේ හයම පාලනය කරෙ එල්ෆ්ලා තමයි.එහෙම ඉන්නකොට මිනිස්සු හොයාගත්තා හත්වෙනි බලයක්.අදුරු මායාවන්.ඒත් ඒක හොද අතට හැරුනේ නෑ. මිනිස්සු අදුරු බලය පාලනය කරනවා වෙනුවට අදුරු බලය මිනිස්සු පාලනය කරන්න ගත්තා.මේක දැක්ක එල්ෆ්ලා මේක නවත්තන්න හිතුවා.ඔන්න එතනට තමයි අපේ ප්‍රධාන චරිතය එන්නෙ.මකර රජතුමා රැජින සහ කුමාරයාගෙ බිත්තරය. එල්ෆ්ලා මිනිස්සුන්ව දූපතේ බටහිරට එලවලා බාධකයක් දැම්මා.ඒ බාධකයේ ආරක්ෂකයා උනේ ඔය මකර රජතුමා තමයි. මිනිස්සුට එල්ෆ්ලාගේ රාජ්‍යය අල්ලගන්න තිබුනු එකම බාධකය.ඉතින් මේ මනුශ්‍ය රාජධානියේ ප්‍රධාන මායාකාරයා සහ රජතුමා ( ඒ රාජධානිය උනේ කටෝලිස් රාජධානිය) එකතුවෙලා ශීත ශෘතුවේ මකර රජතුමාට පහර දීල මරලා ඔවුන්ගේ එකම මකර කුමාරයාගේ බිත්තරයත් විනාශ කලා.ඉතින් එහෙම කාලේ ගෙවෙනකොට එල්ෆ්ලා මේකට පලිගන්න හිතලා එල්ෆ්ලාගේ දරුණුම ඝාතකයෝ කන්ඩායමක් කටෝලිස් රාජධානියට එව්වා හැරෝ රජතුමාව මරන්න.ඉතින් මේ රජතුමාට හිටියා පුංචි කුමාරවරු දෙන්නෙක්. කැලම් සහ එස්‍රන්.ඒ දෙන්නාට මුණ ගැහෙනවා තව එල්ෆ්ලා එක්ක ඔවුන්ව මරන්න ආපු එල්ෆ් කෙනෙක්.රයිලා.මේ පුංචි එස්‍රන් කුමාරයා හොයාගන්නවා මකර කුමාරයාගෙ බිත්තරය විනාශ කරල නෑ ඒක රාජධානියේ බිං ගුහාවක තියෙනවා කියල. ඉතින් ඒකෙන් මේ එල්ෆ්ලා සහ මිනිස්සු අතර ඇතිවෙන යුද්ධය නැතිකරන්න හිතාගෙන රයිලා කැලම් සහ එස්‍රන් බිත්තරය අරගෙන එක්සේඩියාවට යන්න තීරණය කලා.මකර බිත්තරය මකර රැජිණට බාරදෙන්න.ඉතින් ඔන්න ඒ කතාව තමයි පලවෙනි කතා මාලාව් සිද්ධවෙන්නේ.

කතාව ගැන එහෙනන් කට්ටියට ටිකක් පැහැදිලි වෙන්න ඇති නේ.හොදටම පැහැදිලි කරගන්න ඉතින් අරගෙනම බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ.මේ සීසන් එක කොටස් නමයකින් සමන්විතයි.හාස්‍ය භීතිය ත්‍රාසය ඔක්කොම කැටිවෙලා තියෙන්නෙ. ඒ වගේම මේකෙ ඉදිරියට තව සීසන් කිහිපයක්ම එන්න තියෙනවා.ඒක ගැන තාම සදහනක්නම් නෑ.ඒත් ඒකත් ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට එනවනම් කට්ටියට ඒකත් අරගෙන එන්නම්.එහෙනම් ඉතුරු වැඩ ටිකත් තියෙනවනේ. dragon race to the edge අන්තිම සීසන් එකත් අරගෙන තව දින කිහිපයකින් හමුවට එනතුරු කට්ටියටම ජය වේවා....

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 9ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)