Dragons: Race to the Edge Season 5

මෙවර කතාමාලාවෙන්..

පස්වෙනි සිසන් එකත් අරගෙන ආවා මේ පැත්තට.ඉක්මනට අවසානයට ලගා වෙනවා. සිසන් පහක් ඉවරයිනේ.තව එකයි තියෙන්නෙ.හරි හරියට වැඩ කරගෙන ගියා. ඒක නිසයි ඉක්මනට ඉවරකරගන්න ලැබුනේ,අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මම ගිය වර කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.හිකප් මකර ඇසෙ ගවේෂණ කරගෙන යනකොට මකරෙ ඇසේ උරුමක්කාරයො එනවනෙ ඒක අරගන්න.මකර දඩයක්කරුවන්. රයිකර් තමයි පාලනය කරන්නෙ.ඒත් ලොක්කා එයා නෙමෙයි.ඒ වගේම හෙදර් කතාවට එකතු වෙනවනේ.හෙදර් දැනගන්නවා ඩැගර් ඔහුගේ සහොදරයා කියල,ඊට පස්සෙ හෙදර් යන්න ගියාට ඇය මකර දඩයක්කරුවන්ට එකතුවෙලා ඩැගර් එක්කම.ඒකත් බොරුවක් කියල පස්සෙ දැනගන්නවනේ.හෙදර් මකර දඩයක්කරුවන්ට එකතුවෙලා ඉන්නේ නායකයව අල්ලගන්න.ඒ කියන්නෙ වීගෝ.ටිකක් අමුතු කෙනෙක්.කෙලින්ම කරන දේ කාටවත් හිතාගන්න අමාරුයි.හිකප් කරදර ගොඩක වැටෙනවනේ.කොහොමහරි අවසානයෙ වීගො දැනගන්නවා හෙදර් ද්‍රෝහියෙක් කියල,ඊට පස්සෙ හිකප් එනවනේ බේරගන්න.ඒ අස්සෙ ඔවුන් ෆ්ලයිට්මෙයර් කෙනෙක් අල්ලගන්නවා.ඒකටත් හෙතුවක් තියෙනවා.මකර ඇසේ අගුල අරින්න ස්නෝ ව්රෙත්ගේ දත් ඕනනේ.ඒත් හිකප්ලා ඒක ගන්න දුන්නෙ නැනේ.ඒත් මකර ඇසේ හදිසි අගුල අරින්න පුළුවන් යතුර නැතුවත් ෆ්ලයිට්මෙයර් විදින මීදුමෙන්.හිකප් ඒක තවම දන්නෙ නැහැනේ.හෙදර්වනම් බේරගන්නවා. ඒත් මකර ඇස වීගොට අයිති වෙනවා.එතනින් නේ ඉවර උනේ.

ඔන්න එහෙනම් මේ සැරේ කතාව.හිකප් සහ කට්ටිය එකතුවෙලා වීගො දඩයම් කරන මකරු නිදහස් කරනවා.ඔවුන්ගේ නැව් වලට පහර දිලා.වීගො කරන්නෙ මකර වෙළදාමක් කියල කට්ටිය දැක්කනෙ.ඉතින් කලින් කතාවේ අන්තිමට ඩැගර් සහොදරයො ගැන තේරුම් අරගෙන හෙදර්ව නිදහස් කරලා යවනවනේ.ඒ වගේම ඔහුත් එහෙන් පැනගන්නවා.හිකප් නිවහනේ හොරෙන් වීගොව හොයන්න පිට උනාම දඩයක්කාරයෝ ටූත්ලස්ට පහර දෙනවා.ටූත්ලස්ට මකර මුල් ඊතලයකින් විදින්නෙ.ඒ දුපතෙ දෙන්න තනියම ඉන්නකොට දඩයක්කරුවන් අල්ලගන්න එනවනේ.ඩැගර් හිකප්ට උදව් කරනවා. ඩැගර් ගොඩක් වෙනස් වෙලා වගේ.අන්තිමට දෙන්නම දුපතෙන් පැනගන්නවා. ඒ වගේම හෙදර් හිකප්ගෙ මකර දාවක කන්ඩායමට එකතුවෙනවා.පොඩි පොඩි ආදර කතා ටිකකුත් ඒ අස්සෙ යනවා ඉතින්.මේ වීගො මකර ඇස අගුලු ඇරිය නිසා ඔහු එක එක වර්ගයෙ අලුත් මකරු අල්ලන්න යනවා.ඉතින් හිකප්ලා එකතුවෙලා ඒක නවත්තන හැටි තමයි තියෙන්නෙ. මේ සීසන් එකයි how to train your dragon 2(2014) ෆිල්ම් එකයි තාම සම්බන්ධ උනේ නෑ. ඊට කලින් වගේ තමයි සිරිස් එක යන්නෙ.උදාහරණ විදියට පොඩ්ඩක් කියන්නම්. ෆිල්ම් එකේදි හිකප්ගෙ තාත්තා මැරෙනවා.ඒත් සිරිස් ඒකෙ තාම නැ.ෆිල්ම් එකෙදි ගොබර්ට අලුත් මකරෙක් ඉන්නවනේ පදින්න.ඒ මකරා හොයාගන්නෙ මේ සිරිස් එකේදි. ටූත්ලස් ඇල්ෆා උනානේ ෆිල්ම් එකේ.තාම මේකෙදි නෑ.හිකප් හදන් යන සිතියම.එතකොට පියාබන ඇදුම.ටූත්ලස්ගේ අමතර පිහාටු.ඒවා තාම සිරිස් එකේ හදාගෙන යන දේවල්. ඉතින් how to train your dragon 3 ෆිල්ම් එක 2019 එන්න තියනවනේ.ඒකත් එක්ක තව දෙවල් ටිකක් වෙනස් වේවි.

එහෙනම් කතාව මෙච්චරයි.සීසන් හයක වැඩක් නිසා හරිම මහන්සියි.දැන් නම්. කී බොඩ් එකෙ අකුරුත් නැ.මැකිලා ගිහින්.ඊලග සිරිස් එකෙන් පස්සෙ ඉතින් සිරිස් කරන්න කලින් ෆිල්ම් ටික ඉවරකරලා දෙන්නම්.මෙ සෙරම මම ඩිරෙක්ට් ගත්තේ.ටොරන්ට් හොයන්න අමාරු නිසා.ඉතින් මේ ඩිරෙක්ට් ලින්ක් වල ගන්න බැරි අවුලක් තියෙනම් [email protected] එකට මේල් එකක් දාන්න.එහෙනම් කට්ටිය අරගෙන බලලා හොද නරක කමෙන්ටුවක් දාගෙන යන්න. ඊලග සීසන් එකෙන් හමුවෙනතුරු කට්ටියටම ජය වේවා....!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)