Dragons: Race to the Edge Season 6

මෙවර කතාමාලාවෙන්..

ඉතින් ඔන්න හයවෙනි සිසන් එකත් අරගෙන ආවා.දැනට කතාවෙ අවසාන සිරිස් එක. ඊලග සිරිස් එක ඉතින් තාම එනවා කියල ආරංචියක් නම් නැ.මේ සිසන් එක මේ අවුරුද්දෙ පෙබරවාරි ආපු නිසා ඊලග සිසන් එක ඉතින් කොහොමත් ලබන අවුරුද්දෙ වගේ වේවි.මාස හතරක උත්සහයක්.කොහොමහරි සේරම ඉවරකරනවා කියල අතගහපු වැඩේ ඔන්න ඉවරකලා.ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.

ගිය සිසින් එක ඉවර වෙච්ච පැත්තෙන් පටන් ගමුකො.පොඩ්ඩක් මතක් කරලා ගන්න.වීගො මකර ඇසත් අරගෙන අතුරුදහන් උනාට පස්සෙ මාස ගානකට හිකප්ට මුණ ගැහුනේ නැහැනේ.හිකප් දිගටම සොදිසි මෙහෙයුම් යනකොට දඩයක්කාරයෝ වගයක් හිකප්ට පහර දෙනවා.හිකප් සහ ටූත්ලස් තනියමනෙ යන්නෙ.ඉතින් මකර මුල් ඊතලයක් ටූත්ලස්ට වැදුනට පස්සෙ දුපතකට කඩාගෙන වැටෙනවා.ඉතින් මේ කරදරේදි හිකප්ගේ පරණ හතුරෙක් උදව් කරනවනේ. ඩැගර්.ඩැගර් වෙනස් වෙලා.හිකප් විශ්වාස කරන්නෙ නම් නෑ.ඒත් අන්තිමට විශ්වාස කරන්න වෙනවා.ඒ වගේම හෙදර් කන්ඩායමට එකතුවෙනවනේ.අන්තිමට විගො හිකප් සහ කන්ඩායම රවට්ටලා වින්ග්වල ආරක්ෂකයන්ගේ ඉරප්ටඩොන් මකරාව හොරකම් කරනවා.එතනින් තමයි කතාව ඉවර උනේ.

ඉතින් ඉවර වෙච්ච තැනින් නේ පටන් ගන්නෙ.මාලා මුලදි කිව්වා වගේම ද්‍රෝහි උනොත් මරණය.ඉතින් හිකප් ඒ වෙනුවට යොජනාවක් ගේනවා කට්ටිය එක්ක ගිහින් ඉරප්ටඩොන්ව බේරගන්න.ඉතින් කට්ටිය එකතුවෙලා යනකොට තමයි දැනගන්නෙ වීගො නිවහන විනාශ කරන්න තමයි ඉරප්ටඩොන්ව ගෙනිහින් තියෙන්නෙ කියල.ඉතින් කොහොමද හිකප් එකට මුහුණ දෙන්නෙ.ඒ වගෙම හිකස් සහ ඇස්ට්‍රිඩ්ගේ ආදර කතාවත් පටන් ගන්නෙ මේ සිසන් එකෙන්.මම කලින් කිව්වා වගේ තාම සිරිස් එක how to train your dragon 2 චිත්‍රපටයට එකතු වේගෙන එන්නෙ.ඒ වගේම කියන්න ඔනේ මේ සිසන් එක ටිකක් සතුටු දායක අවසානයක් තියෙන්නෙ.

එහෙනම් විස්තර ඇති.සිසන් හයම අරගෙන බලන්න.ඔක්කොම 92ක්.මුලදි මුලදි අමාරුවෙන් වගේ කලේ ඉස්සරහට තියෙන කොටස් මතක් උනාම හොල්මන් වගේ. කොහොමහරි ඔන්න වැඩේ ඉවරකරලා දුන්නා.ඇනිමේෂන් බලන මගේ රසිකයන් වෙනුවෙන්. ඔන්න එහෙනම් තවත් සිරිස් එකකින් හම්බෙමු ඉක්මනින්.චිත්‍රපටි ටිකකුත් තියෙනවා කරන්න.ඩවුන්ලොඩ් අවුලක් තියෙනවම් [email protected] එකට මේල් එකක් දාන්න. එහෙනම් ඔන්න මම ගියා.කට්ටියටම ජය වේවා.....!!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)