Dragons: Race to the Edge Season 7

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් හත්වෙනි සීසන් එකත් අරගෙන මේ පැත්තට ආවා.මේ සැරේ පොඩ්ඩක් පරක්කු උනා මම දැන් පොඩි වැඩකට යනවා.ඉතින් ඒ අතරතුරේ මේ වැඩත් කරගෙන යන්නෙ.කොහොමහරි පුළුවන් ඉක්මනින් ඔන්න අරගෙන ආවා.

ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.සිසන් හයක් ආපු එකෙ හත්වෙනි එක තමයි මම ගෙන්නෙ.how to train your dragon චිත්‍රපට මාලාවට සම්බන්ධ the dragon race to the edge සිසන් මාලාව තමයි මේ.කලින් සීසන් හයම වෙනම තනි ලිංක් එකක ඇති බලපු නැති අය එකත් එහෙනම් අරගෙන බලන්ට.ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.ශෙල්ෆයර් ව්‍යාපෘතියත් එක්ක සටන් කරල අන්තිමේදි හිකප් ජයගන්නවනේ.ඒ වීගොගෙ උදව්වෙන්.ඒත් එක්කම වීගො මකර ඇස ආයෙත් පැහැරගන්න ගිහින් ගිනිකන්ද ඇතුලට වැටෙනවනේ. එතනින් තමයි කතාව ඉවර උනේ.ඉතින් කතාව පටන්ගන්නෙ ගිනිකන්දේ ප්‍රශ්නෙත් එක්ක තමයි.ශැල්ෆයර් මකරාගෙ ප්‍රහාරයන්ගෙන් ගිනිකන්ද සක්‍රිය වෙච්ච නිසා සැරින් සැරේට ගිනිකන්ද පුපුරන්න උත්සාහ ගන්නෙ. ඉතින් මෙකට විසදුමක් හොයාගන්න හිකප් සහ ෆිශ්ලෙග් උත්සහ ගන්නවා. අන්තිමේදි එකත් ඉතින් හරියනවා.ඒ වගෙම යනකොට ඩැගර් වෙනුවට අලුත් මකර දඩයකකර නායකයෙක් එකතුවෙනවා.එයානම් ටිකක් වීගොට වඩා කරදර කාරයෙක්.ඒ වගෙම දඩයක්කරුවන් අලුත්වෙලා එන්නෙ මේ වතාවෙ.හිකප් සහ කන්ඩායමට වෙන කරදරත් ඒකෙන් වැඩි.ඒ වගේම ඩැගර් සහ හෙදර් ඔස්වල්ඩ් කියන ඔවුන්ගේ තාත්තා හොයන්න උත්සාහ කරනවා.ඉතින් ඔවුන්ට මේ වැඩටික සාර්ථකව කරගන්න ලැබෙවිද කියල අරගෙනම බලන්න.අලුත් දුපතකුත් හොයාගන්නවා කට්ටිය.ස්නොට්ලවුට් තමයි ඉතින් :D ඒ වගේම මකර දඩයක්කරුවන් එක්ක හිතාගන්න බැරි කෙනෙක් එකතුවෙනවා. ඒකත් මේ කතාවෙ ඉස්සරහට වෙන ලොකු වෙනසක් වේවි.

ඉතින් ඔන්න සාරාංශය.අගොස්තු 25 තමයි නෙට්ෆිලික්ස් නාලිකාවෙ මේක විකාශනය උනේ.ඉතින් මාසයක් විතර ගියා මේ සැරෙ වැඩේ ඉවරකරගන්න.කට්ටියගෙන් මැසේජ් ගොඩක් ආවා කතාව පිටවෙච්ච ගමන්.අපි වෙන මහන්සියත් එක්ක ස්තුති වෙන්න ඔනේ එහෙමහරි දිරිගන්වනවට.අටවෙනි සීසන් එකක් එනවා කියල නිල වශයෙන් දැනුම් දිමක් නැ. ආවොත් බොහොවිට 2018 පෙබරවාරි වගේ වෙයි.මට හිතෙන විදියට 2019 how to train your dragon 3 රිලිස් වෙන නිසා එතකම් සීසන් ඒවි කියලයි මට හිතෙන්නෙ.ඉවර නොවෙන තරමට හොදයි මමත් ආසාවෙන් බලන සිසන් එකක් නිසා.සීසන් එකක් විදියට ඊලගට දෙන්න තියෙන්නෙ trollhunters season 2 දෙසැම්බර් වගේ රීලිස් වෙයි.ඊට කලින් චිත්‍රපටයකට උපසිරැසියකින් ඉක්මනට හම්බෙමු.ජයවේවා......!!!!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)