Dragons: Race to the Edge Season 8 (Final Season)

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් අන්තිම සීසන් එකෙන් පස්සෙ ආයෙත් ආවා මේ පැත්තේ. කට්ටිය මග බලන් හිටපු සීරිස් එකක් අරගෙන. අවුරුදු දෙකක් තිස්සෙ මහන්සිවෙලා කට්ටිය වෙනුවෙන් කරපු වැඩේ අවසානය අද සනිටුවහන් වෙයි.මේ සීසන් එකෙන්. ටිකක් කතාව පැත්තට හැරෙමු බලන්න.

කට්ටිය නම දැක්කම ඉතින් කියන්න දෙයක් නෑනේ. dragon race to the edge අන්තිම සීසන් එක. කට්ටියට මතක ඇති නේ කලින් කතාවේ අන්තිමට වෙච්ච දේ.ඔන්න ටිකක් මතක් කරල ගන්නම්. හෙදර්ගේ තාත්තා ඔස්වල්ඩ්ව මැරුණු එක ගැන දන්නෙ නැතුව හොයාගෙන යද්දි නොමග යැවීමක් වෙනවා. ඒක කෝර්ගන් සහ වීගෝගේ වැඩක් කියල අන්තිමේදි දැගන්නවනේ.එ වගේම හෙදර්ගේ ඉණ බෙල්ට් එකේ මකර ඇසෙ කාචයක් තියෙනවා කියල දැනගන්නවනේ.ඒ අස්සේ ඒක කෝර්ගන්ලා අතට පත්වෙනවා අන්තිම සටනින්. සීසන් එක අවසන් වෙන්නෙ කතාව කනපිට හැරවිලා. අන්තිමට කවුරුවත් නොහිතපු හතුරෙක් තමයි ඉදල තියෙන්නෙ මුල ඉදන්ම.සීසන් එකෙ මුල ඉදන් බලපු හැමෝටම මතක ඇති වෙච්ච සීන්. (මටනම් මැද හරියෙන් මීටර් උනා ) ඉතින් ඒ හතුරා තමයි ජෝහන්.කවුද හිතන්නෙ :D කොහොමහරි ඒ වගේම කතාවට අලුත් මකරෙක් ඇතුලත් උනා. මකර රජතුමා ඇත්තටම.ඔන්න එතනින් කලින් කතාව අවසන්.

මේ සීසන් එකේ පුරාවටම මේ මකර රජතුමා හොයන් යන කතාව තමයි තියෙන්නෙ.හිකප් දැනගන්නවා ජෝහාන් තමයි මේ පිටිපස්සෙ ඉන්නෙ කියල.ඉතින් කස්ටියටම බලන්න කතාව මොකක්ද වෙන්නේ කියල. මේ සීසන් එක ගැන විස්තර කිව්වොත් කුතුහලේ නැතිවෙනවනේ.මම පොඩි ඉගි ටිකක් දෙන්නම්. how to train your dragon ෆිල්ම් දෙකම බැලුව කට්ටියටම තේරෙවි සීසන් ටික පලවෙනි ෆිල්ම් එකේ ඉදන් දෙවනි ෆිල්ම් එකට සම්බන්ධ වෙන්නෙ කියල. හැබැයි තාම කතාව පරස්පරයි හැබයි වැඩේ හොදටම තේරේවි අවසානය දක්වා බැලුවම.

ඉතින් ඔන්න ඔහොමයි උනේ, පොඩ්ඩක් සීසන් එකෙ අතීතෙ ගැන බැලුවම වැඩේට අතගහල අවුරුදු දෙකක් වගේ මට හිතේ. උපසිරැසි කරන්න.මම බලන්න අරන් සබ් කරන්න ඕනෙ කියල සිතුවිල්ල ආවම ආයෙ හැරිල්ලක් නැතුව තියෙන ඔක්කොම ඉවර කලා. අමාරුවෙන් ගියේ පොඩ්ඩක් අන්තිම සීසන් දෙක.පලවෙනි එකේ ඉදන්ම මාත් එක්ක ඉදපු සෙට් එකටම ස්තුති කරන්න ඔනේ.මම සබ් කරන එකෙ එකම සතුට මගේ ඩව්න්ලෝඩ් ටිකයි මට වැටෙන කමෙන්ට් ටිකයි විතරයි.ඇනිමේෂන් වලට ඩව්න්ලෝඩ් අඩු වෙන්නෙ මම හිතන්නෙ ඇනිමේෂන් බලන අය ගොඩක් අඩු නිසා වෙන්න ඇති.නමුත් එහෙම කියල මන් ඒ අයට අසාධාරණයක් නොකර මෙතෙක් කල් ඇනිමේෂන් වලට සබ් ගෙනාවේ ඔය මුකුත් බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒත් මම ඉදිරියටත්එහෙමයි. එහෙම අප්ලෝඩ් කරන සබ් එකට ආපු ඩව්න්ලෝඩ් ටික සහ පෝස්ට් එකට වැටුනු කමෙන්ට් ටිකෙන් නිහතමානි සතුටක් ලබන කෙනෙක් මම.ඉතින් මේ සීසන් එක මෙතනින් අවසන්. ඩ්වුන්ලෝඩ් ලින්ක් වැඩ නැති සීසන් කිහිපයක් ඇති.මම ඒ ලින්ක් අප්ඩේට් කරනවා ලගදිම. හොයාගන්න බැරි අය ඉන්නවනම් [email protected] එකට මේල් එකක් දාන්න.

ඊලගට සබ් ගේන්න හිතන් ඉන්නේ troll hunters season 3 එකට.අන්තිම සීසන් එක.ඒ වගේම 2019 මාර්තුවල how to train your draogn 3 රිලීස් වෙනවා. ඒකෙ ට්‍රයල් දැන් ඇවිත් තියෙන්නෙ නොවරදවාම බලල තියාගන්න. draogn prince season හතක් දක්වා යවි කියල බලාපොරොත්තු වෙන්නෙ. ඒ ඔක්කොටම සබ් ගේනවා අනිවාර්යයෙන්. ඒ වගේම තවත් netflix සීරිස් එකකට සබ් කරන්න හිතන් ඉන්නවා.ඒකත් බලමු :D නැවතත් සීසන් එකක් ෆිල්ම් එකෙන් පස්සෙ පැමිනේවි කියන බලාපොරොත්තුවෙන් ඔන්න මම සමුගත්තා. කස්ටියටම ජය වේවා........

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)