මෙවර කොටසින්..

කොහොමද යාලුවනේ,ෆ්ලෑෂ් කතාමාලාවේ පළමු අදියරේ දහනව වන කතාංගය ඔයාලට සමීප කරන්න තමයි මේ ලක ලැස්ති වෙන්නේ.අදත් ෆ්ලෑෂ් කතා මාලාවට ඈරෝ කතා මාලාවේ කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා දකින්න පුලුවන් ඒ අතරට ඇරෝ කතා මාලාවේ කැනේරි අක්ක හෙවත් ලොරල් අක්කත් ඉන්නවා හරි එහෙනම් වැඩියේ වැල් වටාරම් නැතුව ගිය සතියේ උනේ මොකද කියලා මතක් කරගෙනම අද කතාවට බහිමු.

ගිය සතියේ කතාවේදී සෙන්ට්‍රල් නගරයේ පිස්සු නටන්න හැදුවේ රොබෝ මි මැසි හමුදාවක් හදා ගත්ත පිස්සු හැදිච්ච්ච විද්‍යාඥවරියක්නේ එයාගේ වැඩ නිසා තව ටිකෙන් බැරී අයියටත් නිවන් සුව ලබන්න වෙනවා එත් සිස්කෝ සහ කෙට්ලින්ගේ ටිකිරි මොලේ නිසා බැරී අයියා යාන්තමින් බේරුනා,මේ මි මැසි රැජිණට ඕන වෙලා තිබුනේ තමන්ව අයින් කරපු මර්කරි ලැබ්ස් ආයතනයෙන් පළිගන්න හැබැයි එයාට ඒක කරගන්න ලැබෙන්නේ නැහැ අපේ ෆෙලිසිටි අක්කගේ බිලියනපති පෙම්වතා ඇටම් නිසා,කොහොමෙන් කොහොම හරි අපිට ගිය සතියේ රේ අයියගේ ඇඳුමේ වැඩ කෑලි ටිකකුත් බලා ගන්න පුලුවන් උනා.ගිය සතියේ කතාව නම් කරලා තිබුනේ "all star team up" කියලා ඒ විදියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගිය සතියෙදි හැමෝගෙම සහයෝගය ඇතුව කණ්ඩායමක් විදියට වැඩ කරලා තමයි වැඩේ ගොඩ දා ගන්න ෆ්ලෑෂ් ඇතුළු අපේ යාළුවො සෙට් එකට පුලුවන් උනේ.

අද කතාව ගැන කියනකොට ඩොක්ටර් වේල්ස්ගේ හැම තොරතුරක්ම වගේ ෆ්ලෑෂ් ඇතුළු අපේ යාළුවන්ට දැනගන්න ලැබෙනවා. අද කතාවේදී සෙන්ට්‍රල් නගරයට තර්ජනයක් වෙන්නේ අමුතුම මෙටා මිනිසෙක් මේ යකාට තියෙන්න නම් මහා කැතම බලයක් කිව්වොත් තමයි හරි.ඒ වගේම අද හරි මාන්ජමික සිද්ධි කිහිපයකුත් ඔයාලට බලාගන්න පුලුවන්.එහෙනම් වැඩි කතා නැතුව ඉතුරු ටික ඔයාලටම බලාගන්න දීලා මම යනවා තවත් උපසිරසියකින් හමුවෙමු,ජයවේවා.

විශේෂ නිවේදනයයි...
පහත ඇති ටොරන්ට් ලින්ක් ක්‍රියානොකරයි නම් අන්තර්ජාලයේ ඕනෑම ටොරන්ට් අඩවියක ඇති...ඕනම HD පිටපතක් ඩවුන්ලොඩ් කරගන්න. ඒ සියළුම පිටපත් සදහා ගැලපෙන පරිදි උපසිරැසි සකසා ඇත.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes