Ghoul (2018) Season 1

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් තවත් ටිවි සිරිස් එකක් ගෙනාවා....සුපුරුදු පරිදි මේකත් හින්දි රුපවාහිනි කතාමාලාවක්ම තමයි... හැබැයි මේක හොරර් හා ත්‍රීලර් චිත්‍ර‍පටි ඝනයට අයත්වන්නක්... වැඩියෙන්ම හොරර් රසයට වඩා මේක ත්‍රීලර් රසය තමයි වැඩි... මේකත් නෙට්ෆිලික්ස් ආයතනයෙන් නිකුත් කරනු ලැබු රුපවාහිනි කතාමාලාවක්... Patrick Graham විසින් රචනා කල අධ්‍යක්ෂණය කරපු මේ රුපවාහිනි කතාමාලාව සම්පුර්ණ කොටස් තුනකින් යුක්තයි..Radhika Apte,Manav Kaul,Ratnabali Bhattacharjee,Mahesh Balraj,S. M. Zaheer වැනි නළු නිලියන්ගෙන් මේ කතාව හැඩවෙනවා...

කතාව ගැන කෙටි හැදින්විමක් කිව්වොත් තවත් කල් යද්දි ආගම්වාදය ජාතිවාදය කියන දේ වලින් රටවල් වල කැරලි ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා ආගම්වාදය පතුරවමින් ජාතිවාදය පතුරන පුද්ගලයන්ව සිරකර පුනුරුත්තාපනය කරන්න ආණ්ඩුවෙන් තැන් තැන් වල භූගත මධ්‍යස්ථාන ඉදි කරනවා. මෙහෙම තියන භූගත මධ්‍යස්ථානයක සිදුවන සිදුවිමක් තමයි මේ කතාවට පාඨක වෙන්නේ... තමන්ගේ ආගමේ නාමයෙන් මිනිමැරුම් හා බොම්බපුපුරුවා ගන්නා කල්ලියක මහා මොළකාරයෙක් තමයි අල් සයිද් කියන්නේ. මේ කල්ලි නායකයාව දිනක් ත්‍ර‍ස්තවාදි මුලස්ථානයක් වටලද්දි හසුවෙනවා. මොහුගෙන් ප්‍ර‍ශ්න කරන්න කියලා හිතාගෙන තමයි අර මං මුලින් සදහන් කරපු හමුදා මුලස්ථානයකට ඔහුව අරන් එන්නේ... ඔහුව අරන් ආව මොහොතේ ඉදන් එක එක අමුතු සිදුවිම් මේ මුලස්ථානය ඇතුලත සිදුවෙනවා. ඉතින් එවා කියනවාට වඩා හොදයි ඔබ අරන් බලන එකම... එහෙනම් තවත් රුපවාහිනි කතාමාලාවක් මං අරන් ආවා. නෙට්ෆිලික්ස් තුලින්ම තවත් හින්දි කතාමාලාවක් නිකුත් උනොත් එකත් අරන් එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 3ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)