Heartstrings

මෙවර කතාමාලාවෙන්..

සූම් එක එන්න කලින් කස්ටියට සබ් එකක් ගන්නවා කියන්නේ අද කාලෙ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් හොයනවා වගේ වැඩක් නේ. හිහි. ඒත් ‍උපසිරැසි වෙනුවෙන්ම ලංකාවට ආපු සූම් එකෙන් හැමෝම පුදුම වෙන විදිහට චිත්‍රපට වලට උපසිරැසි දෙන්නගත්තා. එහෙම ලංකාවෙ කාගෙත් අතර කතාබහට ලක්වූ අපි ටෙලිකතාමාලා වලටත් උපසිරැසි දෙන්න පටංගත්තේ ලංකාවෙ වෙබ් අඩවියක් ප්‍රථම වතාවට එවැන්නක් සිදුකල අය බවට ඉතිහාස ගතවෙමින්. ඒ වගේම කොරියානු කතා සිංහල උපසිරැසි සමඟි දීම ආරම්භ කලේ සූම් අපි වීම ආඩම්බරයට කරුණක්. මුලින්ම YOUR' BEUTIFUL කතාවෙන් ආරම්භ වුන අපගේ කොරියානු කතාමාලා ලබාදීම අද වනවිට ඉතාමත් සාර්ථකත්වයට පත්වෙමින් තවත් තවත් කතාවකට ඉඩ ලබා දෙන්න තමයි මේ සුදානම් වෙන්නේ

දැන් ඉතිං හැමෝම කොරියානු කතා ගැන දන්නවනෙ. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කොරියන් කතාවක් කොතනද ආදරයත් එතන තියෙනවනෙ. කොරියාවෙ SBS නාලිකාවෙන් ප්‍රථම වතාවට ජනතා අතරට පත්වූ මෙය ඉතාමත් පෝසත් පවුලක පිරිමි ලමයෙක් වටා ගෙතෙන කතාවක් ඔහු නමින් Kim Tan. ඔහු බඳින්න ඉන්න කෙල්ල තමයි Rachel Yoo කියන්නේ. ඇයත් පෝසත් පවුලක කෙල්ලේක්. ඉතිං ඔවුන්ගෙ ආදර පලහිලව්ව යන අතරතුර තවත් අහිංසක ගැහැනු ලමයෙකු කතාවට ඇතුල් වෙනවා. ඇය Kim Tan ට මුන ගැසෙන්නෙ අහම්බෙන්. හෝටල් වල වැඩකරලා හරිම අමාරුවෙන් හම්බකරලා ජීවත් වන්න හදන ඇය Kim Tan ගෙ හිතගන්නවා. දැන් එක කොල්ලෙක්ට ආදරේ කරන කෙල්ලො දෙන්නෙක්. ඉතිං අපි බලමු අහිංසක දුප්පත් කෙල්ලද සත්‍ය ආදරය ජයගන්නේ නැත්නම් පෝසත් නපුරු කෙල්ලද සත්‍ය ආදර ජය ගන්නෙ කියලා.

ඒ එක්කම THE NEW FOLDER වන අපේ 50වැනි උපසිරැසි කඩඉම මෙලෙස ඉක්මනවා යනවා. ඉතින් ඒකට දෙන තැග්ග තමයි මේ. තව කොරියන් කතාමාලා ගොඩක් එනවා. කට්ටිය මේ විදියට එවා එක පාරම ලබාගන්න ආසද නැත්නම් දවස ගානේ ලබාගන්න ආසද කියලා කියලා යන්න. ඒක ඊලඟ කතාමාලා දෙද්දි අපිට ලේසි වේවි. එහෙනම් රස විදින්න මේ කතාව...තව දෙයක් මේ කතාවේ ඇතැම් කොටස් වල දැන්විමක් යනවා අලුත් කතාවක ඒ My Love from the Star කතාමාලාවේ. ඉතින් ඒ කතාවම ඔයාට අපේ සචින් සහෝදරයා දිලා තියෙනවා නේ. එකත් අරගෙන බලන්න. කිව්වාත් වගේ තවත් අලුත් කොරියන් කතාවක් හෙට අනිද්දාම ලැබේවි. එතකම් මේක බලන්නකෝ.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.