CAST




එහෙනම් මේ සතියෙ නම් ටිකක් වෙලාවට ගෙනත් දෙන්න පුළුවන් වුනා. මේකෙ ඉංග්‍රීසි සබ් එක එන්නත් දවසක් විතර යන නිසා කොහොමත් දින දෙකක් විතර ගිහින් තමයි සිංහල උපසිරැසිය දෙන්න වෙන්නෙ. මොකද මේකෙ ඉංග්‍රීසි වචනට ටිකක් සිංහල අපිට ගලපගන්න ටිකක් අමාරු නිසා. කොහොමෙන් කොහොම හරි අළුත් කොටසෙ සිංහල සබ් එක ඔන්න අද දෙනවා. මම මුලින්ම හිතපු සොම්බි කතාව මේක නොවුනත් පස්සෙ ටිකක් වෙනස් ආරකට යන නිසා හිත ගියා. ඒත් මම හිතුවෙ නම් මේකත් වෝකින් ඩෙඩ් වගේ කතාවක් වේවි කියලා. කොමික්ලා හදන්නෙ ඉතින් මේ වගේ එව්වානේ. දැනට යන විදිහට නම් අයි සොම්බි කතාව වරදක්ම නෑ වගේ. ඒත් ඇරෝ ෆ්ලෑෂ් තරම් ෆේමස් වෙයිද කියන්න නම් දන්නෙ නෑ. මොකද එක හේතුවක් තමයි සොම්බි කතාවලට ගොඩක් අය කැමති නැති එක. අනෙක තමයි ගොඩක් ලංකාවෙ අය නම් අලුත් කතාව වලට නැඹුරුවක් දක්වන්න තියෙන අකමැත්ත නිසා. කොහොමෙන් කොහොම හරි ස්ටාර් ක්‍රොස් වගේ නම් මේකත් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

එහෙනම් ද කොටසෙන් වෙන දේ අපි කතාකරමු. අද වෙන්නෙ ලිව්ගෙ හොඳම යෙහෙලියකට වෙන අකරතැබ්බයක් ගැන. ඒ කිව්වෙ මැරෙන සීන් එකක් තමයි. මට පේන විදිහට නම් මේ කතාමාලාවෙ ලොකුම මූල කේන්ද්‍රිය වෙන්නෙ ලිව් වගේ ඉන්න අනිත් සොම්බි බුවාගෙ වැඩක් තමයි. මොකද අද කතාවෙත් ලිව්ගෙ මිතුරයක් මිය යන්නෙ එක්තරා මත් ද්‍රව්‍යක් අරගෙන. එමෙන්ම ලිව්ට තවත් ආදරවන්තයෙක් හමුවෙනවා ඔහුත් අළුත් සොම්බියෙක්. හැබැයි පොර නම් බාගයක් දුරට යනකම් හිතාගන්න බැරිවුනා සොම්බියෙක්ද කියලා. අපි බලමු අද කතාවෙ ලිව් ඇගේ මිතුරිගෙ මරණයට වගකිව යුත්තන් සොයාගන්නෙ කොහොමද, ඒ වගේම ඇය ආදරයකට පෙරලෙන්නෙත් කොහොමද කියලා. ආ.. ඒක විතරක් නෙවෙයි අපේ පරීක්ෂක බාබිනොක්ස් තුමාගේ ලොක්කා. එයාගෙ ලුතිනන් පොරත් පේන විදිහට සොම්බියෙක්. ඒ කියන්නෙ අර මත්ද්‍රව්‍ය පොරගෙ අතකොලුවක්ද කොහෙද එයත්. ඒකත් අද කස්ටියටම බලාගන්න පුළුවන් යස අගේට. එහෙනනම් හැමෝටම සුබ සතියක් ලබන සතිතේ කතාවෙ සුපිරි කොටසක් අරගෙන එන්නම්කෝ.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes