CAST




මෙවර කොටසින්..

අද ගෙන එන්නේ තුන්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.තාමත් ඔබ මෙම කතා මාලාව ලබාගෙන නැතිනම් ඉක්මනටම අරගෙන බලන්න,ඔබ බැලුවා කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මේක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුලුවන් හැකියාව තියෙනවා.එහෙනම් මෙහි සිව්වන කොටසින් ලබන බදාදා හමුවෙමු.

(මේ ටොරන්ට් එකේ සම්පුර්ණ කතාමාලාම ඇති බැවින් ඔබ කැමතිනම් සියළුම කොටස් ඩවුන්ලොඩ් කරගැනිමට පුලුවන සම්පුර්ණ ටොරන්ට් එකේ ප්‍රමාණය 2.05GB වේ)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes