Locked (2020)

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් අද අපි ඔයාලට ඉක්මනටම උස්සගෙම එන්නෙ thriller කාණඩයට වැටෙන සීරීස් එකක් තමයි..නමින් locked (2020)..ඇවිල්ලත් සති 2ක් වත් නෑ..එක පාරම ඔක්කොම කොටස් ටික දෙනව අපි..මේ උපසිරැසි කරන්න මට ලහිරු හා නවීන් කියන සහොයුරන් දෙන්නත් ගොඩක් උදව් වුනා....ලහිරු අයියා හොයලා දුන්නා..නවීන් අයියා කරන එක ඉක්මන් කෙරෙව්වා..ඒක නිස එක දවසින්ම කරලා දැම්මා....

හරි ඔන්න කුතුහලය පිරි කතාවක් තමයි මේක.pradeep devakumar ගෙ අධ්‍යක්ෂනයකින් හා පිටපතකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ..

චරිත ගැන කිව්වොත් අපිට, Usthad ismart shanker එකේ ප්‍රධාන චරිතයක් රගපාපු පොලිස්කාරයා අරුන් තමා මෙකෙත් ඉන්නේ තව brochevarevarura (2019), George reddy එකෙත් හිටියේ...ඉතිං වෙන කවුරුත් නෙවේ, නම ඇහිල අඩු උනාට අපිට දැකල පුරුදු කෙනෙක් වන Satyadev Kancharana තමා....තව මේකට අපිට ෆිල්ම් වලින් නිතරම මුන ගැහෙන sri lakshmiත් හෙරකගේ චරිතෙකට පණ පොවනවා..තවත් ගොඩක් අය ඉන්නවා...

කතාව පැත්තට හැරුනොත් satyadev මේකේ ඩොක්ටර් ආනන්ද් කියන චරිතෙ තමා කරන්නේ...කෙටියෙන්ම කිව්වොත් ආනන්ද් කියන්නේ මොළයේ මතක ඒකක හා සම්බන්ද ස්නායු ඩොක්ටර් කෙනෙක්..කතාවෙ හැටියට සුපිරිම වැඩ්ඩෙක්......ඉතිං මේ දොස්තරගේ ගෙදරට මහ රෑ කාන්තාවන් දෙන්නෙක් එනවා වාහනේ කැඩිලා කියාගෙන මහ වැස්සත් එක්ක.. ඉතිං කෝම හරි මේ දෙන්නා ගෙට රිංගලා ඩොක්ටර්ට සිහි නැති කරලා ගැටගහලා ගේ මංකොල්ල කනවා, එක පාරම උඩ තට්ටුවේ කබඩ් එකක් ඇරියම සිහි නැතිවුන කෙනෙක් ඇගට කඩන් වැටෙනවා.. ඉතිං අර දෙන්නත් ලෙසටම බය වෙලා පස්සේ එක පාරම සිහිය එනවා...කවුද කියල බැලින්නම් මේයා තමා ගෙදර අයිති ඩොක්ටර් ආනන්ද්.. එතකොට දොර ඇරියෙ කවුද? අර දෙන්නට ඉබේම කියවෙනවා.. හනිකට පහලට ගිහින් බලනකොට ගැටගහපුවත් ලිහන් ගිහිල්ලා.....කැමරා චෙක් කරාම එලියට ගිහිනුත් නෑ.. එතකොට මෙයා කොහෙද? ඇයි ඩොක්ටර්ව හිර කරලා තිබුනේ?

තවත් පොලිස් කාරයෙක් ඇතුලු සෙසු චරිත කිහිපයක් සීන් එකට එන්ටර් වෙනවා..එයාලත් මේ උගුලේ පැටලේද??? අරූ මිනී මරුවෙක්ද?? කවුද වැරදි කාරයා?? මිනීමරුවෙක්ද??? නැත්නම් අපිව වටේ අරන් යනවද?

අවසාන වශයෙන් නිවසින් කවුරු ගැලවිලා යාවිද... මේවා දැනගන්නනම් මේක බලන්නම වෙනවා... කිසි කම්මැලිකමක් නැතුව එක දිගටම බලලා දැම්ම හැකි.. කාටත් බලන්න කියලා කියනවා..අපි ගියා එහෙනම්...තවත් උපසිරැසියකින් හම්බවෙමු.

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 7ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)