Lost Season 6

මෙවර කතාමාලාවෙන්..

සෑහෙන්න දිග කතාමාලාවක අවසන් කතාමාලාව අරගෙන තමයි අද මම ආවෙ, මොනදේ කියන්නත් කලින් මතක් කරන්න එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ තුසිත, මෙයා නැත්තම් අපිට ලොස්ට් බලන්න තිබුන හීනය ලොස්ට් වෙලා යන්න තිබුනා, මේ වගේ දිග කතාමාලාවක් ලබාදෙන්න ලොකු වගකීමක් කරට අරගෙන ඒකෙ වෙඩි වගේ සබ් ටික දාලා දුන්න අපේ තුයියාට අපි හැමෝම වෙනුවෙන් මම ස්තූතිය පුද කර සිටිනවා, ඒ වගේම මේකට උපසිරැසි ගන්වන්න හිතපුවත් නැති කාලෙක අපේ හෙඩ්ස් සහෝගෙ ඉල්ළීමක් එක්ක තමයි මේකෙ උපසිරැසි ලබාදෙන්න සම්බන්ද වුනේ, ගොඩක් දෙනෙක්ගේ කැප කිරීමක ප්‍රථිපලයක් විදියට තමයි ඔයාලට මේ වගේ සුපිරි කතාමාලාවක් ලබාදෙන්න අවස්තාව ලැබුනේ, ඒ අනුව, සුලාන්, කවිදු, ඩිලාන් මෙයාලටත් ගොඩක් ස්තූතියි, ගොඩක් අය අපිට වැඩියෙන්ම උපසිරැසි ඉල්ලලා කරදර කරපු කතාමාලාවක් තමයි මේක, ඔන්න අද ඉදන්නම් අපිට ආපහු කරදර කරන්න වෙන එකක් නෑ, මොකද මේ තමයි ලොස්ට් අවසාන කතාමාලාව, මේ වෙනකොට ලොස්ට් කතාමාලාව වෙනුවෙන් අපි සමස්ථ උපසිරැසි කොටස් 121 වෙනුවෙන්ම උපසිරැසි නිකුත් කරලා හමාරයි, කතාවෙ හොද විදියට අවසන් වෙනවා කියලා තමයි මටනම් හිතේන්නේ, මට ඒක හරියටම කියන්න බෑ, මමත් තාම මේක බලලා ඉවර නැති නිසා, සමහර අයටනම් තේරෙන්නේ නැතිවෙයි ඒක ප්‍රශ්නයක් නෑ මොකද teenage mutant ninja turtle 2014 ෆිල්ම් එකේ ලියනාඩෝත් කියනවනේ එයාට ලොස්ට් කතාවෙ ඉවර වෙන විදිය තේරෙන්නෙ නෑ කියලා, එහෙනම් ඉතින් අවුරුදු කීයක් දූපතේ ගතකලාද කියලවත් දන්නෙ නැති කණ්ඩායමේ අවසානය කොහොමද වෙන්නේ කියලා මේ කතාසමය අවසානයේදි බලාගන්න පුලුවන්,

ගියවර කතාමාලාව ගැන මතක් කරනවානම්, බෙන්ජමින් දූපතෙන් යන්න සිදු කරපු දේ නිසා, දූපත එක එක කාළ පරාසයන් වලට ගමන් කරන්න පටන් ගන්නවා, මෙහෙම ගිහින් අවසානෙදි නතර වෙන්නේ 1977 අවුරුද්දෙ දූපතේ පවත්වාගෙන ගිය ධර්ම ප්‍රත්‍යක්‍රම ශක්තිය කියන පර්යේශණ මධ්‍යස්තානය පවත්වපු සමයෙදි, දූපතේ ඉතුරු වුන කණ්ඩායම මේ කදවුරට වෙලා බලන් ඉන්නවා අනිත් අය ආපහු එයි කියලා, ජෝන් ලොක් දූපතෙන් පිටවෙලා යන්නේ, දූපතෙන් ගිය අයව ආපහු එක්කගෙන එන්න, හැබැයි කවුරුවත් ඒකට කැමති වෙන්නේ නෑ, ජෝන්ට කියන්නේ එයාලව කැමති කරගන්න තියෙන එකම විදිය එයා දිවි නසාගන්න එක කියලා, පස්සෙ කොහොමින්හරි කට්ටිය කැමති වෙලා ආපහු දූපතට එනවා ඒ ජෝන්ගේ මිනියත් අරගෙන, හැබැයි මෙතනදි මෙයාලා ආපහු දූපතට ගොඩබානකොට ජැක්, කේට්, හර්ලි තුන් දෙනා විතරයි 1977 ධර්ම ප්‍රත්‍යක්‍රම ශක්තියට ගොඩබාන්නේ, අනිත් ආව කට්ටිය ගොඩබාන්නේ වර්ථමාන කාළ පරාසයට, මෙතනදි හැබැයි ජෝන් ලොක් ආපහු පණපිටින් ඉන්නවා,

(අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)