Mackerel Run

මෙවර කතාමාලාවෙන්..

මම අද අරන් ආවේ මේ මගේ පලවෙනි කතා මාලාව මේක 2007 වසරේ කොරියානු SBS නාලිකාවේ විකාශය වෙච්ච කෙටි කථා මාලාවක්. මේක අයිති වෙන්නේ විකට හා ආදරනිය කතා ගණයට. මේ කතාව ආසියානු විකි අඩවියේ 90/100 වගේ හොඳ අගයක් අරන් තියනවා. මෙහි ගොඩක් ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා මෙහි ප්‍රධාන චරිතය මේ දවස් වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය ලී මින් හො ගේ මුල් කාලයේ ඔහු ප්‍රධාන චරිතය රඟපාපු එක් ප්‍රධාන කතා මාලාවක්. මෙකේ තවත් ජනප්‍රිය කොරියානු නළු නිලියන් රඟපානවා මූන් චේ-වොන්, ක්වොන් සේ-ඉන්, ජොං යුන්-ජේ වගේ අය ඒ අතර වෙනවා.. මේ කතාව ගොඩක් විනොදාත්මක එකක්. මෙය කොටස් 8න් සමන්විතයි.

කතාව ගැන කියනවනම් චා ගෙං චන්(ලී මින් හො) තමයි ප්‍රධන චරිතය කරන්නේ.යො කියන්නේ පාපන්දු ජිවිතය කරගත්ත කෙනෙක් හැබැයි ජාතික උසස් පාසල් පාපන්දු තරඟාවලියකදි මෙයා තමන්ගේ පිලේම දැල වෙත පාපන්දුව ගහනවා. මෙකෙන් පස්සේ හෙයාගේ ඉස්කොලේ අයට මෙයාව වදයක් වෙනවා ටික දෙනෙක් ඇරෙන්න ඉස්කොලේ හැමොටම මෙයාව පෙන්න බැ. කොටින්ම කිව්වොත් ඉස්කොලේ පාලනයටත් ඔන මෙයා අස් කරන්න. එත් මෙයා දිගටම ඉස්කොලේ එන නිසා එයාලට මෙයාගේ කරදරෙන් බෙරෙන්න මෙයාව ඉස්කොලෙන් අස්වෙන තත්වයට ඇදලා දානවා. අන්තිමට මෙයාටම එපා වෙලා ඉස්කොලෙන් අයින් වෙන හදන වෙලාවෙම ඉස්කොලෙට අලුත් සිසුවියක් එනවා මේ සිසුවිය මිට කලින් දවස් 2දි ගොං චන්ට මුන ගැහිලා එයාගේ හිත ගියපු කෙනා. මෙයා ආපු නිසා ගොං චන් ඉස්කොලෙන් අයින් වෙන එක හිතින් අත ඇරලා දිගටම ඉස්කොලේ එන්න තිරණය කරනවා. එත් අවාසනාවට වගේ මෙයාව අස් කරන්න ඉස්කොලේ පාලනය සැලැස්ම හදලා ඉවරයි ඒ තමයි එයාව නිකන්ම ඉස්කොලෙන් අයින් වෙන විදියක්. ඒ ඔනැම සිසුවෙක් දින 75ක් ආවේ නැති වුනාම ඉස්කොලෙන් අයින් වෙන්න වෙනවා. මේ චා ගොං චන් දින 74ක් ඇවිත් නැ එයා තව එක දවසක් ආවේ නැත්තම් එයා නිකම්ම අස් වෙන්න වෙනවා. මොහු ඉස්කෙලේ එන්න ආසාවෙන් පටන් ගත්තා විතරයි මෙයාගේ පාසල් ජිවිතේට කණ කොකා අඬනවා. මෙයා දවසක් නැර ඉස්කොලේ එන්න දරණ උත්සහය හා මෙයාට වෙන දෙවල් වගේම අර සිසුවියගේ ආදරය දිනා ගන්න මෙයා කරන එවා මේ කතාව පුරාවට දකින්න පුළුවන් මේක ගොඩක් විනොදාත්මක වෙයි කියලා මම හිතනවා. එහෙනම් මෙක බලලා අදහසක් කියලා යන්න. පොඩි කතා මාලාවක් නිසා වැඩි කාලයක් යන්නෙත් නැ. ඒ වගේම මේ කතාමාලාවට අන්තර්ජාලයේ කිසිම ටොරන්ට් එකක් නෑ. එකට ටොරන්ට් එකක් හදලා දුන්නේ. වෙබ් අඩවියේ ඉන්න සහෝදරයෙක්. ඔහුම ඩිරෙක්ට් ලින්ක් එකකුත් දිලා තියෙනවා. කැමැති අය එකත් අරගන්න.එහෙනම් මේ වගේ හොඳ නිර්මාණයකින් හමු වෙමු. දිගටම zoom එක්ක ඉන්න.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)