CAST




ඉතින් ඔන්න දෙවනි කොටසත් අරගෙන මේ පැත්තට ආවා.ඉතින් කතාව අල්ලලා ගිය කට්ටිය එහෙම ඇති නේ.ඉක්මනට වැඩේ ඉවර වෙන තරමට මම නිදහස්.එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකො. ඉතින් ගියවර කොටසින් කට්ටිය කතාව අදුරගත්තනේ.කෙටියෙන් කිව්වොත් අපේ ලමයි කන්ඩායම හොයාගත්තා තමන්ගේ දෙමව්පියන් ඇත්තටම හිතන් ඉන්න අය වගේ නෙමෙයි කියල. ඉතින් අද කතාවෙන් ඔයාලට දැනගන්න ලැබේවි ඒ පුජාවට ගනිපු ලමයා කවුද.ඇයි එයා එහෙම තොරගත්තේ කියල. ඒ වගේම අද ඒ සිද්ධිය වෙන්න කලින් දවසෙ දෙමව්පියො කරපු දෙවල් ටික තමයි කතාවෙ දිගහැරෙන්නෙ.ඇලෙක්ස්ගේ තාත්තා කලින් හිරේ ඉදන් නිදහස් වෙච්ච කෙනෙක්.එයා කලින් නගරයේ ලොකුම මැරයා විදියට තමයි කාලෙ ගෙවල තියෙන්නෙ. ඉතින් ලොක්ක අයින් උනාම දෙවනියෙක් එතනට එනවනෙ.ඩර්විස් කියන්නෙ විල්ඩර්ගෙන් පස්සෙ ඒ තැන භාරගනිපු කෙනා.එයාගෙනුත් විල්ඩර්ට කරදර වගයක් එනවා.ඒ අස්සෙ අනිත් අයත් ප්‍රයිඩ් රැස්විමට ලැස්ති වෙනගමන් ඉන්නෙ. කැරොලිනාගෙ අම්මා පල්ලියෙ ඇත්තටම කරන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි ඉගියක් ඔයාලට අද ලැබේවි.එහෙනම් මිට වඩා දෙයක් කියන්නෙ නෑ අදට.ඊලග කොටසින් නැවත හමුවනතුරු.කට්ටියටම ජය වේවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes