CAST




හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවා.චුට්ටක් පරක්කුයිනේ. අවුරුද්ද අන්තිමේ වැඩ ගොඩක හිරවෙලා.වැඩෙ අතාරින්නෙ නෑ කොහොමත් මේක ඉවරකරනවා.කට්ටිය බයවෙන්න එපා.ඒ අස්සෙ trollhunters දෙවනි සීසන් එක රිලිස් උනා.එකත් කරගෙන යනගමන්.එහෙනම් වැඩි විස්තර නැතිව කතාව පැත්තට යමු.

ඩෙස්ටනිට ඇත්තටම මොකද උනෙ කියල කට්ටිය දැක්කනේ. එක වික්ටර්ගේ වැරැද්ද නිසා උනේ කියල කට්ටියම දැනගත්තා.වික්ටර්ගේ යන්ත්‍රය ඇත්තටම වැඩ නැති නිසා වික්ටර් ඩෙස්ටනිව මරල මුහුදට දැම්මා.ඉතින් ගිය සතියේන් එතනින් කතාව ඉවර උනානෙ.ඉතින් නිකොට ඇලෙක්ස්ට චේස්ට තමන්ගෙ දෙමව්පියන්ව සැක උනාට අනිත් අය තවම බලාපොරොත්තුව අතෑරල නෑ.ඉතින් කැරොලිනා සහ ගර්ට් එකතුවෙලා කැරොලිනාගෙ ගෙදර පරික්ෂා කරන්න ගන්නවා වැදගත් දෙයක් හොයාගන්න පුලුවන්ද කියල බලන්න.ඒ වගෙම ප්‍රයිඩ් එක තිරණය කරනවා තවත් ගොදුරක් හොයාගන්න.ඉතින් වික්ටර් කෙනෙක් අල්ලගෙන ආවට පොරට තාම විකාර පේන එක හොදවෙලා නෑ.එක නිසා කරදර ගොඩකට මුහුණපාන්න වෙනවා.ඒ වගේම ගර්ට් කලින් කැරොලිනා බෙරන්න ගිහින් කට්ටියක් එක්ක වලියක් දාගත්තනෙ.එක ආයෙත් මෙ වතාවෙ ඇවිලිලා යනවා.ප්‍රයිඩ් එකේ ඇත්තටම වෙන දේ ගැන කට්ටිය හොද විස්තර ටිකක් මේ කොටසෙන් දැනගන්න පුළුවන්වෙයි.එහෙනම් මිට වඩා කියන්නෙ නෑ අරගෙනම බලන්නකො.

එහෙනම් වෙනදා වගේම ඉතින් කියන්නෙ ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවනේ, ඇනිමේශන් රසිකයන්ටත්.troll එක ඉක්මනින්ම දෙන්න උත්සහ කරනවා. තව ඉදිරියට එන්න හොද ෆිල්ම් ටිකකුත් තියෙනවනේ.එහෙනම් එවත් එක්කම ඊලට උපසිරැසියෙන් හමුවෙනතුරු කට්ටියටම ජය වේවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes