The Messengers




කොහොමද කට්ටිය???..මම අද ආවේ අලුත්ම TV කතා මාලාවක් එක්ක.කතා මාලාවේ නම The Messengers..මේක නිකුත් වුණේ අප්‍රියෙල් 17 වෙනිදා. උපසිරැස ප්‍රමාද වීම ගැන කණගාටුයි. මේ කතා මාලාවේ පලවෙනි කොටස වෙද්දීම IMDB අගය 7.7ක් ලබාගෙන තියනවා. මේ කතා මාලාව විද්‍යා ප්‍රබන්ධ ගණයට තමා වැටෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ Eoghan O'Donnell විසිනුයි. CW නාලිකාවේ ප්‍රචාරය වෙන්නේ.

අපි කතාව පැත්තට හැරෙමු.කතාවේ මුලින්ම වෙන්නේ වෙඩි තැබීමක්.ඊට අවුරුදු 7කට පස්සේ ඉදල කතාව පටන් ගන්නවා. විවිධ වයස් මට්ටම් වල විවිධ දේ කරන පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. උල්කාපාත ඝට්ටනයකින් පසුව මේ සියලුම දෙනාගේ ජීවිත වෙනස් වෙනවා. මොවුන්ට විවිධ බලයන් ලැබෙනවා. උල්කාව සමඟ තවත් අයෙක් පෘතුවියට එනවා. ඔහු කවුද කියන එක මේ කොටසින් හරියටම සොයාගන්න බෑ. අනිත් අයට ලැබෙන බලයන් ඔබට බලාගන්න පුලුවන්. පරක්කු වෙලා තියෙන නිසා මේ ඇති. හැමෝටම ඇවිත් සිංහල උපසිරස සමඟ මේ අලුත් කතා මාලාව රස විදින්නට ආරාධනා කරනවා..ඊළඟ සතියේ හමුවෙමු. සුභ දවසක්!!!!!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes