Oh My Ghostess

මෙවර කතාමාලාවෙන්..

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොරියානු කතාමාලාවක් දෙන්න ලැස්ති කලා. මේ කතාමාලාවට උපසිරැසි කරලා ගොඩක් කල් උනත් ලබා දෙන්න නොහැකි උනා. කොහොමත් IDX කරලා දෙද්දි තවත් පරක්කු වෙන නිසා තිරණය කරලා ඉක්මනින්ම SRT ලෙස උපසිරැසි නිකුත් කරලා පස්සේ IDX ලෙස සබ් නිකුත් කරන්න. ඒ නිසා එස් ආර් ටි බලන්න කැමැති අය අරගෙන බලන්න. අයි ඩි එක්ස් සබ් එකත් පසුවට අප්ලොඩ් කරන්නම්.

2015 ජුලි මස තමයි මේ කතාමාලාව විකාශනය වෙලා තියෙන්නේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Jo Jung-suk,Park Bo-young,Kim Seul-gie,Lim Ju-hwan රංඟනයෙන් දායක වෙනවා.කතාව ගැන කියන්නම් කෝ එක්තරා විදියක හොල්මනක් ඉන්නවා. මේ හොල්මන කෙල්ලෙක්. මේ කෙල්ලගේ ආත්මයට සැනසිමක් නැති වෙලා භුතයෙක් වෙලා තියෙන්නේ මැරිලා ආත්මයක් වෙන්න කලින් පිරිමි කෙනෙක් සිපගෙන නැති නිසා.හොල්මනක් නිසා සාමන්‍ය විදියට කෙනෙක්ව සිපගන්නත් බැහැ නේ. මේ හොල්මන් කෙල්ල ඒක නිසා කරන්නේ එක එක ගැණු ළමයිගේ ශරිරි වලට වැහෙන එක. මේ කතාවේ ප්‍ර‍ධාන චරිතය වෙන Bong-sun කියන ගැණු ළමයාගේ ඇගට අර මං කියපු හොල්මන ඇතුලු උනාට පස්සේ මොනාද වෙන්නේ කියලා තමයි කතාවේ තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)