Origin (2018) Season 1

මෙවර කතාමාලාවෙන්..

ඔන්න ඉතින් මේ දවස් වලට ගෙදරටම වෙලා ඉන්න ඔයාල වෙනුවෙන්ම TV series එකකට උපැසිරැසි දෙන්න තමයි මේ හදන්නේ,ඔයා TV series වලට ආස කරන කෙනෙක්නම් මේක මගැරගන්න එකක් නැතිවෙයි පළවෙනි කොටස පටන් ගන්න වෙලාවේ ඉදන්ම ඔයා මේ TV series එකට ඇබ්බැහි වෙනව කිව්වොත් නිවැරදියි... හරි එහෙනම් අද අපි උපැසිරැසි දෙන්න පටන් ගන්නේ Origin කියන රූපවාහිනී කතාමාලාවට,මේක YouTube Premium ඔස්සේ විකාශනය උන කතාමාලවක්..YouTube එක වගේම මේ කතාමාලවත් සුපිරියටම තියෙනවා කිව්වොත් හරි.. ඒක ඔයාල බලන කොටම තේරෙයි,කොටස් 10කින් සමන්විත මෙහි පළවෙනි කතාමාලාවට Imdb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අගයෙන්ම හිතාගන්න පුලුවන්නේ මේක කොච්චර සුපිරි කතා මාලාවක්ද කියල ..ඒවගේම මේ කතා මාලාව අයිති වෙන්නෙ Horror, Sci-Fi ගනයට, එහෙනම් ඉතින් අපි අද කොටස දිහාවට හැරෙමු...Origin කියන්නේ අභ්‍යවකාශ යානයක්. ඉතින් මේ යානයෙන් පෘථිවියේ ඉදන් වෙනත් ග්‍රහලෝකයක ජනපදයක් පිහිටුවන්න විශාල මිනිස්සු ප්‍රමාණයක් අරගෙන යනවා...එයාලව ගෙනියන්නෙ සිහි නැති කරල...එක දවසක් මෙහි ගමන් කරන කෙනෙක්ට සිහිය ඇවිල්ල නැගිටිනවා. එයා තමයි ශෝන්...ඉතින් ශෝන්ට සිහිය ඇවිල්ල බලන කොට යානයේ කවුරුවත්ම නෑ.කාර්‍යය මණ්ඩලයවත් කිසිම කෙනෙක් නැ, යානයම පාළුවට ගිහින් ඇත්තටම මේ යානයේ මොකක්ද වෙන්න ඇත්තේ...ශෝන් වගෙම තවත් අය මේ යානයේ ඉන්නවද? එයාලගේ ජීවිතේ අනතුරකද තියෙන්නෙ... යානයේ කාර්‍යය මණ්ඩලයට මොකද උනේ?මෙ සියල්ලම ඔයාල දැනගන්න අරගෙන බලන්න එහෙනම්...කලින් කිව්වා වගේම ඔයාල අරගෙ බැලුවට කිසිම පාඩුවක් වෙන්නෙ නැති කතා මාලවක්.එහෙනම් Origin දෙවන කොටසින් හම්බවෙමු....

2වැනි කොටසෙන්
හොදයි අද මම එන්නෙ origin කතා මාලාවේ 2 වෙනි කොටසත් අරගෙන තමයි... මං හිතනවා පළවෙනි කොටසේ අන්තිම ඩිංගෙදි ඔයාලව කරකලා ගන්න ඇති කියලා.....හොදයි මේ කොටසනම් පටන් ගන්නේ ලානා ගේ අතීත කතාවත් එක්ක. මේ කොටසෙදි වෙන්නේ කලින් කොටසෙදි හොයා ගත්ත කාර්‍ය මණ්ඩලේ සාමජිකයන්ගෙන් ප්‍රශ්න කරනවා යානයට මොකද වුනේ කියලා...ඒත් ටේලර් කියන මාන්ඩලිකයා නම් පොඩ්ඩක් අමුතු වෙලා...එයාට වෙඩි වැදිලත් එක්කනේ...නමුත් මෙතැන් සිට තමයි රහස් එලිවෙන්න ගන්නේ...origin යානයේ වගේම...මගීන්ගෙත්...තුන් වන කොටසින් හම්බ වෙමු

3වැනි කොටසෙන්
ඔන්න එහෙනම් අද අපි අරන් එන්නෙ origin කතාමාලාවෙ 3 වෙනි කොටස තමයි.. මුලින්ම කියන්න ඕනේ මේ කොටස මේ කතාමාලාවේ ගොඩක්ම වැදගත් කොටසක්.මොකද කියනවනම් අපි කාටත් කුතුහලය තියෙන්නෙ මේ යානාවට මොකද වුනේ කොහෙද හිටපු අනිත් මගීන් සහ කාර්‍ය මණ්ඩලයට මොකද වුනේ කියලා.. අන්න ඒ සැකයන් ඔයාලට මේ කොටසෙදි දුරු කරගන්න පුලුවන්......

4වැනි කොටසෙන්
ඔන්න එහෙනම් අද අරන් එන්නෙ origin කතාමාලාවේ 4 වෙනි කොටස තමයි... ඔයාල කවුරුත් මේ වෙනකොට දන්නව ඇතිනේ යානාවට මොකද වුනේ කියලා... ඒවගේම යානෙට අමුතු සත්වයෙකුත් ඇතුල්වෙලා ඉන්නවා කියලා...ඒ සතා දැන් ඉන්නේ එරික්ගෙ තුල කියලත්.. හොදයි එහෙනම් මේ කොටසෙදි වෙන්නෙ... එරික්ගේ ඇග තුල ඉන්න සත්වයා අපේ ලෝගන්වත් අල්ලගන්න බලනවා...වැඩේ කොහොම හරි අල වෙනවා...ඒ වගේම එරික්ට වෙඩිත් වදිනවා...අපේ ඩොක් ඉන්නෙ එයාටනම් මේ කොටසෙදි ලොකු දුකක් අත්වෙනවා... ඒ වගේම origin කතාමාලාවේ පළවෙනි හාදුව සිද්ධ වෙන්නෙත් මේ කොටහෙදි තමා...ඒ කවුරු අතරෙද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ..

5වැනි හා 6 වැනි කොටසෙන්
ඔන්න එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලිම නිසා අද අපි කතාමාලාවෙ කොටස් දෙකක්ම දෙන්න තීරනය කරා....කොහොමත් නිවාඩු පාඩුවේනෙ කට්ටිය දැන් ඉන්නේ..වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු එහෙනම්
මේ කොටස පටන්ගන්නෙ එරික් මැරිලා ඉන්න තැනකින් තමයි..ඒත් එයාව මැරුවෙ කවුද කියලා දැනගන්නන්ම් ඔයාලට අන්තිම කොටස වෙනකම්ම ඉන්න වෙනවා....ඒ වගේම මේ කොටසෙදී එක එක්කෙනාව සැක කරගන්න ගන්නවා.. තව අපේ ලීගෙ අතීත කතාවත් තියෙනවා...අපි කවුරුත් මග බලාන හිටිය ගැහැනු ළමයා මේ කොටසෙදි ඔයාලට දැක බලා ගන්න පුලුවන්

7වැනි හා 8 වැනි කොටසෙන්
ඔන්න එහෙනම් මේ කොටස ගොඩක්ම කුතුහලයෙන් බලන්න පුලුවන් කොටසක්...අපේ ලී අක්කා හොයාගනවා ආසාදිත කවුද කියලා හොයා ගන්න පුලුවන් විදියේ දෙයක්...ඔයාලම බලන්නකෝ...තව මේකෙදි යානයේ සිදුරක් ඇතිවෙනවා හිතලා බලංනකෝ,කට්ටිය නිකම් වැකුම් ක්ලීනර් එකකට අහු වෙනවා වගේ වෙනවා...ඒකෙදි ලාරව සිදුර තියන කාමරේ හිර වෙනවා..බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි අභ්‍යවකාශය හරහා එන එක ....මොනවා වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න....

9 වැනි කොටසෙන්
ඔන්න එහෙනම් මම අද එන්නෙ ඔරිගින් කතා මාලාවේ නව වෙනි කොටසත් අරගෙන... ඔන්න පුතේ අපි කවුරුත් මග බලාගෙන හිටපු දේ මේ කොටසෙ තමා තියෙන්නෙ ..යානේ තියා ග්‍රහලෝකෙ අද්දරටම එනවා...ඒ වගේම අපි කවුරුත් බලාගෙන හිටපු ලෝගන්ගෙ කෙල්ලගෙ අතීත කතාවත් තියෙනවා...මංනම් අසම කොටස මේක තමයි......ඒ වගේම තියා වල ඉදන් ඔරිගින් යානෙට එක පාරටම යානයක් ඇවිත් වලල්ලෙන් වලල්ල ඉන්න ජීවීන් සේරම මැරෙන්න ගෑස් එකක් ගහනවා...ඇයි ඉතිං තීයා වල කට්ටිය මෙහෙම ඔරිගින් යානේ අයව මරන්න හදන්නෙ..මේකෙන් බේරෙයිද...මැරේයිද...මීට වඩා මුකුත්ම කියන්න විදියක් නෑ එහෙනම් අන්තිම කොටසින් හෙට හමු වෙමු...

10 වැනි කොටසෙන්
ඔන්න ඉතිං යාලුවනේ අපි මේ අරන් එන්නෙ ඔරිගින් කතා මාලාවේ අවසාන කොටස.මෙතෙක් කතාවෙ තිබුනු අවුල් සේරම මේ කොටස තුලදී නිරාකරනය වෙනවා...කලින් කොටසෙදි තියා වල ඉදන් ආපු යානාව,ගෑස් එකක් ගැහුවනෙ.ඉතිං මේක නවත්න්න යන අපේ ඔරිගින් යානෙ දෙන්නෙක් හොයාගන්නවා ඒ යානෙ නැවත ස්වයංක්‍රීයවම තියා වලට යන්න ප්‍රෝගෑම් කරල තියෙන්නෙ කියලා. ඒත් ගැටලුව තමයි ඒකට ගෙනියන්න පුලුවන් බර සීමාවක් තියෙන එක. ඉතිං හොයාගත්තු දෙන්නා කාටත් හොරෙන්ම යයිද???නැත්නම් අනිත් අය ගෑස් එක අහුවෙලා මැරේද???? කාටත් තියෙන වැදගත්ම ප්‍රශ්නෙ ආසාදිතයා කවුද කියන එක. මේ කොටසෙදි ඔයාලට නිරාකරණය කරගන්න පුලුවන්...ඒවගේම මේ වෙද්දි යානව තියා වලට ගොඩ බසින්න ඔන්න මෙන්න නෙ හිටියේ .. ඉතිං තියා වලට යානෙ හිටපු අනිත් අය ගිහිල්ලද මුලදි පැන ගත්තු අය.....ඒ කුතුහලය නම් මටත් තියෙනවා.. සිසන් 2 ආවොත් බලමු ඒක...
ඉතිං යාලුවනේ මෙතෙක් අප හා එක්වී සිටි ඔබට ස්තූතියි...තවත කතා මාලාවකින් හරි ෆිල්ම් එකකින් හරි හම්බ වෙමු.....

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 10ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)