Playful Kiss

කොරියානු ටෙලිවිෂන් ආක්‍රමණයට ලොකයේ අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද හසුවී හමාර බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ කොරියානු කතාමාලාවෙනුත් ශ්‍රී ලංකාවෙ ප්‍රෙක්ෂක පිරිස ආක්‍රමණය කරන්න තමයි මේ සුදානම් වෙන්නේ. Playful Kiss කතාව නිපදවිමට පටංගන්නේ 2010 වසරේදියි. ආදර හා හාස්‍ය කාණ්ඩයන්ට අයත් වන අති විශිෂ්ට කතාමාලාවක්. කොරියාවෙ MBC නාලිකාවෙන් මහජනයා අතරට පැමිණි මේ ආදර කතාව අද සූම් තුලින් ලාංකික හදවත් ස්පර්ශ කරවන්නයි මේ සූදානම.. මං හිතනවා කතාව ගැන කියන්න දෙයක් නෑ...ලස්සන ආදර කතාවක්...

Ha Ni කියන්නේ ටිකක් දඩබ්බර ගැහැනු ලමයෙකුගෙ චරිතයක්..නාහෙට අහන්නේ නෑ...ඇයට ස්කෝලෙ ගැන කිසිම ගානක් නෑ.. ඇය ඉන්නෙ ඇයගෙම ලෝකයේ...ඇයට අනෙක් අයගෙන් කිසිම වැඩක් නෑ..කොහොම හරි ඇය‍ට Baek Seung-Jo කියන පිරිමි ලමයා ගැන යම් කිසි ආදරයක් ඇති වෙනවා.. Baek Seung-Jo කියන්නේ ඉස්කෝලෙ ඉහල නමක් දිනාගත්ත..තනිකරම අධ්‍යාපනය ගැන හිතන කොල්ලෙක්...කොහොම හරි Ha Ni කියන ගෑනු ලමයා Baek Seung-Jo කියන කොල්ලට ආදර ලියුමක් ලියනවා...ඒත් Baek Seung-Jo විසින් ඇයව ප්‍රතික්ෂේප කරනවා..ඔහු කියන්නේ නාහෙට අහන්නේ නැති ඉගෙනගන්නෙ නැති කෙල්ලන්ට ඔහු අකමැති බවයි...ඉතිං මෙතනින් පස්සේ මොනවද වුනේ?. හැමෝටම කුතුහලයක් නේද?. එමෙනම් ඔන්න අද ඉඳන් ඒ ලස්ස ආදර කතාවත් ඔයාලට අපෙන් දායාද වෙනවා... හැමෝම කතාමාලාව රසවිඳියි කියලා හිතනවා..