CAST




මෙවර කොටසින්..

කාලේකට පස්සේ ඔන්න දිගු විරාමයකට පස්සේ ඔයාලා ආදරය කරන තවත් කතාවක 11වැනි කොටස දෙන්න හදන්නේ. මම හිතන විදියට නම් මේ කතාවත් කොටස් 22ක් විතර යනකම් දිගු කතාමාලාවක් වේවි වගේ.කොහොම හරි ඒ කොටස් සියල්ලම ඔයාලාට කොහොම හරි දෙන්න අපි සුදානමින් ඉන්නවා.පසුගිය කොටස් ගැන පොඩි හැදින්විමක් කරලාම අද කකාව පටන් ගන්නම් එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ වැටීම සිදුවෙනවා. සියලුම වාහන ක්‍රියා විරහිත වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. මේ සියලු සිදුවීම් මැද, මෙම කතාව අවුරුදු 15ක් ඉදිරියට දිවයනවා. මුළු ලෝකයම පැරණි ක්‍රමයට ඉටිපන්දම් එළියෙන් රැය ගතකරන්න පුරුදු වෙනවා. වගා කරමින් තම ජීවිතය සරල කරගනිමින් ජිවත් වෙනවා. මේ අතරතුර අර කලින් කියූ පුද්ගලයාව සොයා යම්කිසි කණ්ඩායමක් පැමිණෙනවා.ඒ කණ්ඩායමේ කෙනෙක් චාර්ලිගේ මල්ලිව පැහැරගෙන යනවා.චාර්ලි මයිල්ස් ඇතුලු පිරිස ඇයගේ පැහරගත් මල්ලිව සොයාගෙන ෆිල්ඩේෆියාවට යනවා.මේ ගමනේදි ඔවුන්ට නොයෙක් කරදර බාධක රැසක් පැමිණෙනවා.පසුගිය කතාමාලාව බලපු අය ඒ වා දකින්න ඇතිනේ.කොහොම හරි බලශක්තිය නැවත ලබාගන්න පුලුවන් ආකාරයක්ද සොයාගන්නවා.එතනින් නවතින කතාව අද පටන්ගන්නේ.කැප්ටන් ටොම් නෙවිල් විසින් හෙලිකොප්ටර් යනා ක්‍රියාත්මක කරන්න හැකි ආකාරයක් සොයාගන්නවා.මේ නිසා මයිල්ස් චාර්ලි ඇතුලු අයටනම් හොද දෙයක් වෙන්නේ නම් නැහැ. වැඩිය විස්තර කරන්න යන්නේ නෑ කතාව අරගෙනම බලන්නකෝ.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes