Rain Season 1

මෙවර කතාමාලාවෙන්..

මේක තමයි මං මුලින්ම උපසිරැසි ගන්වන්න පටන් ගත්ත කතාමාලාව. මේක උපසිරැසි ගන්වන අතර වාරයේ තමයි මං චිත්‍ර‍පටියකුත් ඔයාලාට ලබා දුන්නේ... ඉතින් ටිකක් කල් ගියාත් මේක ඉවර කරලා සම්පුර්ණයෙන් ඔයාලට ලබා දෙන්නයි යන්නේ. වැරැදි අඩුපාඩු තිබ්බොත් මගේ පලවෙනි උත්සහාය නිසා එවාට සමාවෙන්න ඕනි...

කතාව ගැන කිව්වොත්... Rain කියනනේ netflix එක විසින් විකාශය කරපු කොටස් 8කින් සමන්විත නවතම කතා මාලාවක්.මේ කතා මාලාව IMDB 6.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මෙන්න මේ අය මේකේ චරිත වලට සහභාගි වෙලා තියෙනවා. IBEN HJEJLE, JESSICA DINNAGE, LUCAS LYNGGAARD, ALBA AUGUST වගෙ තවත් අය මේකේ රඟපාල තියෙනවා. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ඩෙන්මාර්ක් භාෂාවෙන්. මේකේ කතාව පැත්තට හැරෙනවනම් ඒක මෙහෙමයි. වැස්සකින් මිනිසුන් සමුළ ඝාතනය වි පසුව ඉතිරිවන මිනිසුන් පිරිසක් පිළිබඳව මේ කතාව දිව යනවා..මේකේ රඟපාන සිමෝනා ඒ වගේම එයාගේ මල්ලි රස්මුස් හා තවත් කිහිප දෙනෙක් වටා මේ කතාව ප්‍රධාන වශයෙන් ගෙතෙනවා...හදිසියේ ඇදහැලෙන වැස්සක් නිසා රොඟි වෙන පුද්ගලයින් වගේම... මේ සිදුවිමෙන් සිමෝනට වගේම රස්මුස්ට තම මවගේ අහිමිවිමත්...මේ වර්ශාවෙන් බේරෙන්න තමන්ගේ පියාව ඔවුන්ව බංකරයක රඳවා ඉවත්ව යාමෙන් පසු අවුරුදු ගානක් මොවුන් දෙන්නා මේ බංකරයේ තනියම කාලය ගත කරනවා...එතැනින් පසුව සිදුවන සිදුවිම් ටික බලන්න කතාව අරන් බලන්නම වෙනවා.

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 8ම ලබා ගත හැකිය.)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)