Sacred Games (2018) Season 01 |TV


Sacred Games (2018) Season 1

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් මමත් ටිවි සිරිස් එකක් ගෙනාවා....මේක හින්දි රුපවාහිනි කතාමාලාවක්. හින්දි කතාමාලාවක් කිව්වාම හැමදාම රෑට ටිවි වල යන කතාවක් කියලා නම් හිතන්න එපා. ඒ වගේ එපා කරපු කතාවක් නෙමෙයි මේක... මොකාද ගොඩක් අයට හින්දි කතාමාලාවක් කිව්ව ගමන් ''අපෝ හින්දි කතා නම් වැඩක් නැහැ'' කියන ගානට කතා කරන්නේ. හැබැයි මේක නම් අපි එදිනෙදා බලන හින්දි චිත්‍ර‍පටි වලටත් වඩා හොදයි කියලා මතක් කරන්නම ඕනි.... කලිනුත් මේ වගේ හින්දි කතා මාලා දෙක තුනක් ආවාත් ඒ කාලේ කාර්යබහුලත්වය වැඩි නිසා මට කරන්න උනේ නැහැ. හැබැයි මේ පාර නම් කරන්න හිටපු ෆිලුම් අතර මැද මේකත් කරලා ඉවරයක් කරලා දැම්මා.

මේ කතාමාලව නිකුත් කරන්නේ නෙට්ෆිල්ක්ස් ආයතනය මඟින්... ඒ වගේම මේ කතාවට පාධක වෙන්නේ Vikram Chandra විසින් රචිත Sacred Games කතෘයේ කතාන්දරයයි. රුපවාහිනි කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Anurag Kashyap හා Vikramaditya Motwane විසින්.... මේක +18 වර්ඟයට අයත් කතාවක්. දැන් +18 කිව්වාම සමහර හේට් ස්ටොරි වගේ කතා වලටත් +18 කියනවා නේ. හැබැයි මේක නම් ඇත්තටම +18 කතාවක්. කාලේකට පස්සේ අනුරාඟ් කාෂ්‍යප්ට තමන්ගේ හිතේ හැටියට නිර්මාණයක් කරන්න අවස්ථාවක් ලැබිලා කියලා පේනවා. මොකද ඔහු හින්දි චිත්‍ර‍පටියක් කලාම සෙන්සර් බොඩ් එකෙන් කැපිලා කෙටිලා එද්දි ඔහුගේ හිතේ තිබ්බ නිර්මාණය එලියට එන්නේ නැහැ. ඉතින් මේ පාර නේට්ෆිල්ක්ස් එකෙන් ඔහුට තමන්ට කැමැති විදියටම නිර්මාණය කරන්න අවස්ථාව දිලා තියනවා. මේ විදියට තවත් චිත්‍ර‍පටි හදන කෙනෙක් තමයි රාම් ගෝපාල් වර්මා කියන්නේ. ඔහුත් නෙට්ෆිල්ක්ස් එක්ක එකතු උනොත් මං හිතන්නේ ඔහුගේ හිතේ හැටියටම හදන නිර්මාණ අපිට බලන්න පුලුවන් වේවි..

දැන් කතාව ගැන කිව්වොත්... සර්තාජ් සිං කියන්නේ පොලිස් නිලධාරියෙක්... නිතිය අකුරටම ඉටු කරන්නෙක්. මේ නිසාම ඔහුට පොලිසිය ඇතුලෙන් පවා කැපිල්ල තියනවා. දවසක් සර්තාජ්ට නොදන්නා අංකයකින් ඇමතුමක් එනවා...මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි මිනි 300කට වඩා මරලා තියන පොලිසියට අත්‍යාවශයම අපරාධකාරයෙක් වෙන ගයිතුන්ඩේ කියලා පාතාල නායකයෙක්. සර්තාජ්ට මේ ඇමතුම ආවාම හිතාගන්න බැරි වෙනවා... ඒ වගේම ගයිතුන්ඩේ ඔහුට අපුරු කතාවක් කියනවා. මේ කතාව ඔබට කතාමාලාවේ කොටස් අට පුරාවට දැකගන්න ලැබේවි. ඒ වගේම ඔහු පවසනවා දවස් 25කින් මුම්බායි නඟරයට ලොකු විනාශයක් වෙනවා පුලුවන් නම් තමන් ආදරය කරන මුම්බායි නඟරය බේරගන්න කියලා. ඇත්තටම මුම්බායට දවස් විසි පහකින් කුමක්ද වෙන්නේ? ගයිතුන්ඩේ නම් පාතාල නායකයා පොලිසියට කතා කරලාම මේ කියපු කතාවේ තේරුම මොකක්ද. ඔය ටික තමයි ඔයාට මේ කතාමාලාවෙන් විසඳගන්න පුලුවන් වෙන්නේ. මේක එක කතාමාලාවකින් නතර වෙන කතාවක් නෙමෙයි මොකද තව අනිවාර්යෙන්ම මේකේ දෙවැනි සිසන් එකකුත් එනවා. යු ටියුබ් එකේ මේ කතාමාලාව ගැන කරපු ඉන්ටර්ව්වි වල එහෙම කියනවා දෙවැනි කතාමාලාවක් ලබන වසරේ වගේ එනවා කියලා. එහෙම කුතුහලය ත්‍රාසය සපිරිනු මේ කතාමාලව රසවිදින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 8ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)