Teen Wolf Seaon 2

මෙවර කතාමාලාවෙන්..

ඔයාල ගොඩක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු කතාමාලාවක දෙවෙනි සම්පූර්න කතාමාලව අරගෙනයි අද මම ආවෙ, පලවෙනි කතාසමය ගැන පොඩ්ඩක් මතක් කරනවනම්, ස්කොට් මැකෝල් කියන්නෙ බීකන් හිල්ස් උසස් පාසලේ ඉගනුම ලබන ශිෂ්‍යයෙක්, හැබැයි මෙයා පාසලේ කැපීපෙනෙන ශිෂ්‍යයෙක් නෙමෙයි, මෙයාට පොඩි හුස්මගැනිමේ ආසාතමිකතාවකුත් තියෙනවා, හැබැයි ඒ හැමදේම තියෙන්නෙ එක්තරා සිදුවීමක් තියෙනකම් විතරයි, ඒ තමයි ඇල්ෆා කියන මිනිස්වෘක නායකයගෙන් සිදුවන හපාකෑම, ඉතින් මේ හපාකෑමෙන් පස්සෙ මෙයාට අසාමාන්‍ය හැකියාවන් කීපයක්ම ලැබෙනවා, මෙයාගෙ ඒ හැකියා ප්‍රයෝජනයට අරගෙන එයාගෙ පාසලේදි ලක්‍රොස් ක්‍රීඩාවෙන් කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වෙනවා, මේ අතරෙ ස්කොට් ට පාසලට අලුතින් එන ගෑනු ලමයෙක්ව පෙම්වතිය කරගන්න ලැබනවා, පස්සෙ මෙයා දැනගන්නවා ඒ ගෑනු ලමයගෙ පවුලෙ අය කරන්නෙ මිනිස්වෘකයන් දඩයම් කරන එක කියලා, ඉතින් මේ වගේ හේතු ගොඩක් නිසා ස්කොට්ට ඕනෙ වෙනවා ආපහු සාමාන්‍ය කෙනෙක් බවට පත්වෙන්න, ස්කොට් මුලින් හිතන්නෙ ඩෙරෙක් හේල් කියන මින්ස්වෘකයා, තමයි එයාට ඒ දේ කලේ කියලා, ඒත් පස්සෙ තමයි එයා දැනගන්නෙ ඒක කලේ ඩෙරෙක්ගෙ මාමා පීටර් කියන මිනිස් වෘකයා කියලා, ඉතින් ස්කොට් එයාව හොයාගෙන ගිහින් ආපහු සාමාන්‍ය තත්වයට පත්වෙන්න උත්සහ කරන එක තමයි පලවෙනි කතාමාලාවෙන් කියවෙන්නෙ, ඒත් ස්කොට් සාමාන්‍ය කෙනෙක් වෙන එක, ඩෙරෙක් නිසා වැළකෙනවා, මොකද ඩෙරෙක් එයාගෙ මාමව මරල දාන නිසා, මම විස්තර කලේ ස්කොට් ගැන විතරයි, තව කීපදෙනෙක්ගෙම සිදුවීම් ගොඩක් පලවෙනි කතාමාලාවෙ ඇතුලත් වෙනවා...ඉතින් අද ඔයාලට දෙවෙනි කතාමාලාවෙ සම්පූර්ණ කොටස් වල සිංහල උපසිරැසි ලබාදෙනවා, තුන්වෙනි කතාසමයෙ කොටස් වල වැඩ කටයුතුත් මේ දිනවල කෙරීගෙන යනවා, තුන්වෙනි කතාසමයත් මේ සතියෙන් විකාශය අවසන් කරනවා, හතවෙනි කතාමාලාව විකාශය වෙන දවසක් හරියටම ප්‍රකාශ කරල නෑ, තුන්වෙනි කතාමාලාවෙ කොටස් 24ක් තිබුනත් ඒක කතා දෙකක් විදියට තමයි විකාශය වුනේ, ඒ නිසා අපි ඒක කොටස් දෙකකට දෙන්න තමයි තීර්ණය කරල තියෙන්නෙ, කතාසමයන් දෙකක්ම දැනට දීල ඉවර නිසා, පුලුවන් අය අදහසක් දක්වලා යන්න, ඊලඟ කතාසමය සමඟින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් ජයවේවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)