TeenWolf Season 3

ඔයාල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්න කතාමාලාවක මෙතෙක් විකාශය වුන අවසාන කතාසමය අරගෙන එන්න තමයි මම මේ සූදානම් වෙන්නෙ, ගොඩක් දෙනෙක් පහුගිය දවස් වල මට ගොඩක් කරදර කලා මේක දෙන්න කියල, ඒ හැමෝගෙම ඉල්ලීම සළකලා බලල තමයි එක කොටස ගානෙ දෙන්න තීරණය කලේ,

දෙවෙනි කතාසමය ගැන පොඩ්ඩක් මතක් කරනවනම්, ඇලිසන්ගෙ සීයා බීකන් හිල්ස් වලට එනව එයාගෙ දුව මරපු මිනිස් වෘක ඩෙරෙක්ගෙන් පලි ගන්න, ඒත් එක්කම කෙනමා කියලා මිත්‍යා විශ්වාස වල ඉන්න පුදුමාකාර ශක්තියක් තියෙන සතෙකුත් බීකන් හිල්ස් වලට එනවා, ඉතින් මේ සතා පොදුවෙ හැම කෙනෙක්ටම තර්ජනයක් වෙනවා, ඉතින් කට්ටියම එකතුවෙලා මේ සතා ගැන හොයාගෙන යනකොට දැනගන්න ලැබෙනවා, මේ සතා පලිගැනීමේ චේතනාව තියෙන අයට උදවුවට එන සතෙක් කියලා, පස්සෙ දැනගන්නව කෙනාමාව කෙනෙක්ව පාලනය කරනවා කියලා, ඉතින් මේ විදියට කෙනමාව පාලනය කරන්නෙ මැට් ඒවගේම කෙනමා විදියට පරිවර්ථනය වෙන්නෙ ජැක්සන් කියල කට්ටිය දැනගන්නවා, ඉතින් කොහොමහරි ස්කොට් කට්ටියවත් එකතු කරගෙන කෙනමා එක්ක සටන් කරනවා, මෙතනදි ඇලිසන්ගෙ සීයා කෙනමාගෙ ස්වාමියා වෙන මැට් ව මරල, එයා කෙනමාගෙ ස්වාමියා වෙනවා, ඇලිසන්ගෙ සීයට ඕනෙකරන්නෙ මිනිස්වෘකයෙක් වෙන්න, ඒකට හේතුව ඔහුට වැළදදිලා තියෙන දරුණු පිළිකාව සුවකරගන්න තියෙන වුවමනාව නිසා, මේ අතරතුරේදි ඇලිසන්ගෙ අම්මා ස්කොට්ව මරන්න උත්සහ කරනව එතනදි ඇල්ෆා වෙන ඩෙරෙක්ගෙන් සිද්ද වුන හපාකෑම නිසා, ඇලිසන්ගෙ අම්මත් මිනිස් වෘකයෙක් වෙයි කියන බයට, ඇලිසන්ගෙ අම්ම සියදිවි නසාගන්නවා, ඒවගේම ඩෙරෙක්ගෙ මාමත් ලිඩියාගෙ උදවුවෙන් ආපහු ජීවතුන් අතරට එනවා, ඔන්න ඔය විදියට තමයි දෙවෙනි කතාසමය ගලාගෙන යන්නෙ.