CAST




ඔන්න ඉතින් ටීන් වුල්ෆ් 10 කථා මාලාවේ පළමු අවසානය තමයි මේ. මාස ගාණක් පුරාවටම සබ් එක ගෙනැල්ලා මටත් ටික කාලයක් යනකල් නිදහසේ ඉන්න පුලුවන් වෙයි.

මම දන්නවා වෙනදාටත් වඩා කට්ටිය මේ සැරේ කථාමාලාව ගොඩක් ආසාවෙන් වගේම කුතුහලයෙන් බැලුවා කියලා. මොකද හීනෙකින්වත් හිතපු නැති දෙයක් බිකන් හිල්ස් වලට වෙන්න ගත්තේ. දඩයම. භූත දඩයක්කාරයෝ කියන්නේ එසේ මෙසේ කට්ටියක් නෙවෙයිනේ. කාටවත් මෙල්ලකරන්න බෑ. මෙල්ලවෙන්නෙත් නෑ. මෙතෙක් දවසක් අපේ කට්ටිය කොහොමහරි බැලුවේ ස්ටයිල්ස්ව ගෙන්නගන්නනේ.

ගිය සතියෙදි ලිඩියා එයාගේ මතකය මඟින් ස්ටයිල්ස්ව හොයාගෙන යද්දි එයාලට ලොකු ආලෝකයක් එක්ක ස්ටයිල්ස් එනවා පෙනුනා නේද? එතන ඉදන් අද කතාව තියෙන්නේ. එවගේම අද කොටසේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ හිතුවා වගේම ස්ටයිල්ස්ව ආපහු මේ ලෝකෙට ගෙන්න ගන්න පුලුවන් වෙනවා. හැබැයි හිතපු විදියට නම් නෙවෙයි. ඒ අතරේ බීකන් හිල්ස්වල අමුතු යමක් සිද්දවෙනවා. එකසැරේට කෝච්චි පාරක් ඇවිත් ඉස්කෝලෙට. හැමෝටම හිතාගන්න බැරි යමක් ඒක. මේ සතියෙදි ගොඩක් දේවල් සිද්දවුනා. ඒක නිසා බලන්න මොනවද ඒ කියලා.

එවගේම කතාමාලාව අදින් නිමවෙන්නේ ඊළඟ පටන්ගැන්මක් ගැන පොඩි ඉගියක් එක්ක. නමුත් කිසිදු ට්‍රේලර් එකක්වත් නැතුව. වෙනදා වගේ නෙවෙයි. ඉතින් තව මාස කීපයක් ඉන්න වෙනවා කථාමාලාවේ දෙවැනි කොටස පටන්ගන්නකල්. එහෙනම් කට්ටියටම ජයවේවා කිව්වා.ටීන් වුල්ෆ් මේ කතාව ගැන හිතන්නේ මොකද කියලා අදහසකින් කියාගෙනම යන්න. හැමෝටම තෙරුවන් සරණයි!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes