CAST




අපිට සමහරදේවල් මතකයේ තියෙනකොට වදයක් වෙන්න පුලුවන්. ඒත් අපේ මතකයෙන් ඒ දේවල් ඈත්වුනාම අපිට දැනෙන දේ වචනයෙන් කියන්න බෑ නේද. ටීන් වුල්ෆ් මේ කොටසත් එහෙමයි. ගොඩක් සංවේදී කොටසක් කිව්වොත් හරි.

පසුගිය කොටසෙදි අපේ කට්ටිය තේරුම් ගත්තා ස්ටයිල්ස්ව ගෙන්නගන්න ද්වාරයකින් විතරයි පුලුවන් කියලා. ඒ කියන්නේ මේ ලෝකයත්, ස්ටයිල්ස්ව හිරකරලා තියෙන ලෝකයත් අතර තියෙන දොරටුව. ඒ ද්වාරය අරින්න නම් ස්ටයිල්ස්ව මතක් කරගන්න වෙනවා.

ඉතින් ස්කොට්, ලිඩියා හා මලියා එකතුවෙලා ස්ටයිල්ස්ව මතක් කරගන්න හදනවා. වෙනස් විදියකට. කිව්වොත් එහෙම මැරෙන්න ඔන්න මෙන්න යන ගමනක්. පසුගිය කතා සමයන් වලදිත් අයිස් වතුර එකක දාලා මතකයන් ගත්තා මතකයිනේ? ඉතින් අපි බලමු මේ සැරේ ඒ වගේ තවත් ක්‍ර‍මයක් කරන්න ගිහින් වැඩේ මොකක් වේවිද කියලා.

අවසානයේ අපේ කට්ටියගෙනුත් තව කීපදෙනෙක් මේ කොටසෙදිත් නැතිවෙනවා. එවගේම තියෝ අපි නොහිතපු මොහොතක ලොකු කැපකිරීමක් කරනවා.
එහෙනම් මේ කොටසත් බලලා අදහසක් දාගෙනම යන්නකෝ. හැමෝටම තෙරුවන් සරණයි!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes