That Winter, Wind Blows Season 1

මෙවර කතාමාලාවෙන්..

මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ That Winter, Wind Blows නම් කොරියානු කතා මාලාව. මෙය තිරගත වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි Jung Eun-ji, Kim Bum, Song Hye-kyo, Jo In-sung,.මේ වගේ ප්‍රධාන නළු නිලියන් රැසකින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 7.9 ක් සහ TV.COM දර්ශකයේ 9.0 අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ වගේම මෙම කතා මාලාව අයත් වෙන්නේ Romance, Melodrama, යන වර්ග වලට. මේ කතා මාලාව කොටස් 16 කින් සමන්විත වෙනවා
මෙහි එන කතාව සාරාංශයක් විදිහට කියනවනම්

ඕ යොංඊ කියන්නේ ගොඩක් ධනවත් කෙනෙක් ඒ වගේම මෙයාගේ ඇස් දෙක අන්ධයි මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම වෙන් වෙනවා මේ වෙන්වීම නිසා යොංඊගේ අයියා සහ අම්මා ගෙදරින් පිටවෙලා යනවා අවුරුදු 20කට පස්සේ එයාගේ අයියා අම්මා මියගියාට පස්සේ නැවතත් ආපහු ගෙදර එනවා නමුත් යොංඊට සැකයක් ඇතිවෙනවා මේ ඇවිත් ඉන්නේ එයාගේ ඇත්තම අයියද ? ඒ වගේම එයාගේ වටේ ඉන්න අය ඇත්තටම යොංඊට ආදරේ නිසා එයත් එක්ක ඉන්නවද ? නැත්නම් එයාගේ මුදල් බලාපොරොත්තුවෙන් එයා ළඟ රැඳිලා ඉන්නවද ? කියන එක ගැන. ඉතින් එයාලගේ ජිවිත තුල සිදු වෙන සිදුවීම් මාලාව තමයි කතාවට ඇතුලත් වෙන්නේ. නමුත් නැවතත් ආපහු ගෙදරට ආපු යොංඊගේ අයියා එයාගේ ඇත්තම අයියද ? ඒ වගේම ඒ අතරතුරදී එයාට සිද්ද වෙන ප්‍රශ්න ඒවා විසඳාගනීවිද? මේ දේවල් බලන්න නම් ඔයාලට කතා මාලාව බාගෙන බලන්න වෙනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.