To the Beautiful You (2012)

ඔන්න මම කට්ටිය ඉල්ල ඉල්ල හිටපු කතාමාලවකුත් ගෙනාවා. මේක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න කියලම කතාව පටන්ගමු. කවුද කැමති ආයෙත් තමන්ගෙ පාසල් කාලයට යන්න... අපි ගොඩක් අය කැමතියිනෙ. ඉතින් මමත් හිතුවා තමන්ගෙ අවසන් පාසල් කාලය මතක් වෙන්නත් එක්ක මේක හොද වෙයි කියලා. මේක කතාව ගෙතෙන්නෙ කොරියාවෙ උස පැනීමේ ශූරයෙක් හා ගොඩක් දුර රටක හැදී වැඩුනු කොරියානු ගැහැණු ළමයෙක් අතර. අර උස පැනීම් ශූරයා අන්තර්ජාතික පදක්කමක් දිනනවා. ඒක දකින ඒ ගෑණූළමයාට ඇති වෙනවා අමුතු හැගීමක්. අමුතු ධෛර්යයක්. එයත් තමන් නිකන් හිටපු කාලෙ නවත්තලා, ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඒ අතර ආරංචියක් එනවා ඒ ශූරයගෙ කකුලට හානිවෙලා කියලා. මේ ගෑණූළමයත් වෙන කිසි දෙයක් නොහිතා තමන්ගෙ වීරයට උදව් කරන්න කොණ්ඩය කපාගෙන පිරිමි ළමයෙක් වගේ කොරියාවෙ ඒ ශූරයා යන පිරිමි පාසලට ඇතුල් වෙනවා. මෙතනින් තමා කතාව පටන්ගන්නෙ. මුල් කොටස් කීපයේ ගොඩක් අවධානය දීලා තියෙන්නෙ කොමඩි වලට. මැද හරියෙදි ලව් ස්ටෝරි ඕන අයටත් ලව් ස්ටෝරි ලැබෙයි. මේ ටොරන්ට් එක හොදයි වගේම එකක තියෙන්නෙ 250 MB වගේ තමයි. එහෙනම් බාගෙන බලන්නකෝ. අදහසක් දාලා යන්න නම් අමතක කරන්න එපා. ඊළග ‍කොටසින් හමුවෙමු.