To the Beautiful You (2012) TV

CAST




මෙවර කොටසින්..

වැඩ ගොඩක් අස්සෙ ඔන්න 06 වෙනි කොටස අරන් ආවා. මතකද කලින් කොටසෙ අනතිමට ගු ජේ හී ඇමෙරිකාවට යන්න හදනවා කන්ග් තේ ජුන් උස පනිනහැටි නොබලාම? ඔයාලා දැනටමත් දන්නවා ඇති එහෙම වෙන්නෙ නෑ කියලා මොකද එයා ගියොත් කතාවෙන් වැඩක් නැති නිසා. ඉතින් අයියා කතාව ගැන හිතලම ගු ජේ හී ට ඉන්න දෙනවා. මේ අතර තමයි පාස‍ලේ වාර්ෂික උත්සවය තියෙන්නෙ. හැමෝම ඒකට ලෑස්ති වෙන්නත් ඕනෙ. හැමෝම වැඩ කරන්නත් ඕන නිසා පන්තියෙ මිස් කන්ග තේ ජුන්ට ලොකු වැඩක් දෙනවා. එතකොටම ගු ජේ හීත් අත උස්සනවා. එයාගෙ පස්සෙන් වැටිලා ඉන්න උන් ග්යොල් ත් අත උස්සනවා. ඔහොම කට්ටිය එකතු වෙලා තමයි උත්සවය කෙරෙන්නෙ. ඒත් මේ උත්සවයෙ එක වි‍ශේෂත්වයක් තියෙනවා. ඒ එක්තරා විදියක අංගයක් නිසා. සුන්ග් රිත් ගු ජේ හී ට මේ අංගයට සහභාගි වෙන්න කියනවා. මොකක්ද මේ අංගය? ගු ජේ හී ඒක කරාවිද? ඒක කළා කියලා එයාට මොනවද ලැබෙන්නෙ? මේවා කතාව බලලම දැනගන්න. දැන් කතාවෙන් බාගයක්ම වගේ කියලා. තව නම් බෑ. උපසිරැසි අරගෙන යන ගමන් මගේ උපසිරැසි කොහොමද කියලා වචනයක් කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම්, ඊළග කොටසින් හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes