Trollhunters Season 1

මෙවර කතාමාලාවෙන්..

අලුත් උපසිරැසියක් එක්ක ආවා ඔන්න මේ පැත්තට...අවුරුද්ද හිමිට ගෙවිලා යන අතරේ මටත් හිතුනා අවුරුදු තෑග්ගක් අරගෙන එන්ට.ඉතින් මේක ගොඩාක් වටින එකක් වෙයි කියල හිතනවා. මේක කරන්න අරගෙන මාසයක් විතර වෙනවා.කාලෙකින් ඇනිමේෂන් සිරිස් එකක් කලේ නැති නිසා හොය හොය ඉන්නකොට තමයි මේක හම්බුනේ.බලනකොට සම්පුර්ණම ඇවිත්.මේක netflix නාලිකාවෙ තමයි විකාශය කරල තියෙන්නෙ කොටස් ඔක්කොම එකම දවසේ.2016.12.23 තමයි විකාශය කරල තියෙන්නෙ.ඉතින් කොටස කොටස දෙනවට වඩා සම්පුර්ණ කරන එක හොදයි කියල හිතුනු හින්ද මෙන්න අරගෙන ආවා.අපි හැරෙමු කතාව පැත්තට.

මේක තමයි trollhunters.කුරුමිට්ටො සහ මිනිස්සු අතර තමයි කතාව ගලාගෙන යන්නෙ. dreamworks නිසා ඉතින් අයේ කියන්න දෙයක් නැ ඇනිමේෂන් ගැන.මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ ආර්කේඩියා කියන නගරය.ඉතින් මේ නගරය යටින් ජිවත් වෙනවා අමුතු ජිවින් කොට්ඨාසයක්. ඒ තමයි කුරුමිට්ටෝ.මෙයාල මිනිස්සු අතරේ සැගවිලා තමයි ඉන්නේ.මේ කුරුමිට්ටො අතරෙත් ඉන්නවා හොද අයයි නරක අයයි.නරක කුරුමිට්ටන්ට ඕනේ මනුෂ්‍ය වර්ගයා විනාශ කරලා ලෝකෙ තනිකර කුරුමිට්ටන්ගේ අතට ගන්න.ඉතින් මේ හොද කුරුමිට්ටො නපුරු කුරුමිට්ටන්ව අදුරු දුපතක හිරකරල තමයි ආර්කෙඩීයාවට ඇවිත් ඉන්නෙ.ඒත් මේ නපුරු කුරුමිට්ටන්ගේ නායකයාගෙ පුතා මේ අදුරු දුපත් වලින් නිදහස් වෙලා ආපහු ඒ හිරවෙච්ච අයව නිදහස් කරගන්න තමයි උත්සාහ කරන්නෙ.ඒ තමයි බුලාර්.ඉතින් මේ නරක කුරුමිට්ටන්ගෙන් හොද අයව ආරක්ෂා කරන්න මායා පලකයක් තියනවා.ඒ පලකයෙන් තොරගන්න කෙනා තමයි කුරුමිටි ආරක්ෂකයා වෙන්නෙ.බුලාර්ට අදුරු දුපත් වලින් එයාගෙ නපුරු වර්ගයාව නිදහස් කරගන්න නම් පලකය අවශ්‍ය වෙනවා.ඉතින් මේ බුලාර් එතකොට හිටපු කුරුමිටි ආරක්ෂකයා වෙන කන්ජිගර්ව මරණවා. නමුත් මේ හැම කුරුමිට්ටන්ටම පොඩි ප්‍රශ්නයක් තියනවා.ඔවුන්ට හිරු එලියට නිරාවරණය වෙන්න බැ. ඔවුන්ව ගල් වෙනවා.ඉතින් කන්ජිගාර්ගේ අන්තිම සටනෙන් ඔහු හිරු එලියට නිරාවරණය වෙලා ගල් පිලිමයක් වෙනවා.ඊට පස්සේ පලකය ඊලගට තෝරගන්නේ මනුෂ්‍යයෙක්.ඔන්න මෙයා තමයි කතාවේ ප්‍රධානියා. ජිම් ලේක් ජුනියර්.පලකය මනුෂ්‍යයෙක්ව තොරගන්න ඇත්තෙ හිරු එලියට බාධාවක් නැති නිසා වෙන්න ඕනේ.ඉතින් මෙ කුරුමිට්ටො ගැන කිසි දෙයක් දන්නෙ නැති ජිම්ගේ ලොකය උඩු යටිකුරු වෙලා යනවා මේ පලකයේ තෝරාගැනිමත් එක්ක. එයාට ලෝක දෙකක ආරක්ෂාකරු විදියට කාලය ගෙවන්න වෙනවා.තනියම නම් නෙමෙයි.මෙයාගෙ කන්ඩායමේ තව යාලුවෝ ටිකක් ඉන්නවා.ඔහුගේ මිත්‍රයෝ ටොබ්ස්.ක්ලේරි.ජිම්ව ආරක්ෂකයෙක් විදියට පුහුණු කරන්න ඉන්නේ කුරුමිට්ටන්ගේන් බ්ලින්කි.තව ආර්ග් කියල කුරුමිට්ටෙකුත් ඉන්නවා.මේ කටිටිය එකතුවෙලා ලෝක දෙකක් ආරක්ෂා කරන හැටි තමයි කතාවෙ ගලාගෙන යන්නෙ. ඉතින් මේ ජිම්ට බූලර් පරද්දන්න පුළුවන් වෙයිද.ඒ වගේම ජිම්ට අමුතු අමුතු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් ඉතුරු ටික අරගෙනම බලන්ට.මිට වඩා කිව්වොත් කතාවම කියවෙනවා.

ඒ වගෙම කියන්ට ඕනේ මේක imdb 8.6/10 අගයක් අරගෙන තියෙනවා.කතාව නම් අඩු පාඩුවක් නැතුව ලස්සනට ගලාගෙන යනවා.ඒ වගේම මේකෙ දෙවනි සිසන් එකත් දෙනවා කියල තීරණය වෙලා තියෙන්නෙ.ඒකත් එහෙනම් බලාපොරොත්තුවෙන් ඉන්ට.අඩු පාඩු එහෙම තියනවනම් කොමෙන්ට් එකක් කොටගෙන යන්න.කට්ටිය හැමොම කතාව රසවිදිවි කියල හිතනවා.එහෙනම් ඊලග උපසිරැසියෙන් ඉක්මනටම හම්බෙමු.කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වෙවා......!!!!!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.