The Witcher (2019) Season 1

මෙවර කතාමාලාවෙන්..

සුම් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න සෙට් එකම ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙමනම්.මේ හදන්නේ සැහෙන කාලයකින් සුම් රසිකයින් වෙනුවෙන් ටෙලි කතා මාලාවක් අරගෙන එන්න.නිකම්ම එකක් නෙවෙයි ගොඩක් අය මග බලාගෙන හිටපු කතාමලාවක්.ඒ වගේම කියන්න ඕන සුම් එකෙන් රුපවාහිනී කතාමාලා වලට උපසිරැසි ගැන්වීම අත්හිටුවලා තිබුනේ අප විසින් ලබා දුන්න බොහොමයක් කතාමාලා අතරමග නතර උන හේතුව නිසා.එම නිසා සුම් එකේ නිර්මාතෘ දර්ශන අයියත් එක්කත් සැහෙන සාකච්චාවකින් පස්සේ තමයි මේ කතා මාලාව ලබා දෙන්න අපි තීරණය කලේ.එම නිසා මේ කතාමාලාව අතරමග නතර නොවෙන බවට අපි පොරොන්දු වෙනවා.එහෙමනම් වැඩි කතා නැතුව මේ කතා මාලාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. The Witcher රූපවාහිනියට අලුත් උනාට ගේම්ස් එහෙම සෙල්ලම් කරන අපේ කොල්ලෝ කෙල්ලොන්ට නම් මේ චරිතය අලුත් එකක් නෙවෙයි.ගොඩක් ජනප්‍රිය උන වීඩියෝගේම් එකක් තමයි witcher කියන්නේ.එ වීඩියෝ ක්‍රීඩාවට පාදක උන පොත ආශ්‍රයෙන් තමයි මේ කතා මාලාවත් නිර්මාණය වෙලා තියෙන්නේ.ඒ වගේම 9.2 ක ඉහල IMDB අගයක් ලබා ගන්නත් මෙය සමත් වෙලා තියෙනවා.ගේම් එක වගේම කතාමාලාවත් හොද බවට ලැබුණු ඉගියක් විදියට ගන්නත් පුළුවන් ඒක.මේ කතාව අයත් වෙන්නේ Action ඝනයට.ඒ වගේම කොටස් 8 කින් සමන්විත පළමු කතාමාලාවම ඊයේ දවසේ තමයි නිකුත් උනේ.ඒ හැම කොටසකටම හැකි ඉක්මනින් උපසිරැසි ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.එහෙමනම් වැඩි කතා නැතුව මේක බලලම ඉන්නකෝ.ගිහින් එන්නම් සුභ දවසක්

දෙවැනි කොටසින්
නැවතත් ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝමවම witcher පළමු කතා මාලාවේ දෙවැනි කොටසත් එක්ක තමයි අපි අද මේ එකතු වෙන්න හදන්නේ,හිතනවා හැමෝම පලවෙනි කොටස නරඹන්න ඇති කියල.එහෙනම් මතක ඇතිනේ නගර සභිකයව හොයාගෙන බ්ලවිකන් වල තැබෑරුමකට යන witcher ට නොසිතු ඇබැද්දියකටමුහුණ දෙන්න වෙනවා.නමුත් රෙන්ෆ්රිගේ මැදිහත් වීම නිසා කදරයක් නැතුව witcher ට එතනින් පිට වෙන්න ලැබෙනවා.ඒ වගේම එතනට පැමිණෙන කුඩා දැරිය මරිල්කා witcher ව ස්ට්‍රෙගබෝර් ලඟට එක්කන් යනවා.රෙන්ෆ්රි කියන්නේ මායාකාරියක් බව ඒ වගේම රෙන්ෆ්රිව මරනවට ඕනෑම දෙයක් දෙන බවත් ස්ට්‍රෙගබෝර් කියනවා ඒ උනත් witcher ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ.ඔය අතරේ සින්ට්‍රා රාජධානියට නිල්ෆ්ගාඩ්ල පහර දෙනවා සටනින් සින්ට්‍රා රාජධානිය පරාජයට පත් වෙනවා.සිරිල්ලා කුමරිය වනාන්තරයට පැන යනවා witcher ව හොයාගෙන.ඒ වගේම කතාව අවසානයේ රෙන්ෆ්රි බ්ලවිකන් වලට පහර දෙනවා ස්ට්‍රෙගබෝර්ව මරන්න හිතාගෙන රෙන්ෆ්රිව නවත්වන්න witcher ට එයාව මරන්න සිද්ධ වෙනවා.එහෙමනම් අද කතාව නරඹල ඉමු.ගිහින් එන්නම් සුභ දවසක්.

3 වැනි කොටසින්
හැමෝමවම ආයුබෝවන් කියල පිලිගන්නවා අපි මේ එකතු වෙන්න හදන්නේ The Witcher කතාමාලාවේ පළමු අදියරේ 3 වන කොටසත් එක්ක එහෙමනම් වැඩි කතා නැතුව දෙවැනි කොටසේ උන දේවල් මතක් කරගෙන ඉමු.දැන් හැමෝටම අවබෝධයක් ලැබිලා ඇතිනේ witcher චරිතය ගැන witcher කියන්නේ සල්ලි වලට විවිධාකාර සත්තු මරණ කෙනෙක් ඒ වගේම මේ කතා මාලාවේ තවත් ප්‍රධාන චරිත කිහිපයක් අපිට අඳුනගන්න ලැබුණා.ඒ තමයි සිරිල්ලා කුමරිය.ඒ වගේම යෙනෙෆර් නම් මායාකාරියක් මේ තුන් දෙනා තමයි දැනට මේ කතාවේ ප්‍රධාන චරිත 3 ඒ වගේම කියන්න ඕන දැන් කතාමාලාව වර්තමානයේ සිද්ධි වගේම අතීතයේ සිද්ධිත් පෙන්වනවා හදිස්සියෙන්ම වගේ ඒ නිසා හොද අවධානෙන් නරඹන්න නැත්නම් තේරුම් ගන්න අමාරු වේවි.ඉතින් දෙවැනි කොටසේදී පිග්ලට්ගේ චරිතය ගැන තමයි ගොඩක් පෙන්නුවේ.එයාව තවත් මන්තරකාරියක් ඇවිත් අරගෙන ගිහින් මන්ත්‍රයන් පුරුදු කරනවා අපිට දැකගන්න ලැබුණා.ඒ වගේම සිරිල්ලා කුමරිය වනාන්තරයට පැන යනවා එහිදී ඩාරා නම් කොල්ලෙක් එයාට උදව් කරනවා සින්ට්‍රා වල ඇයගේ කඳවුරක් සොයාගෙන යන්න.නමුත් එතනටත් නිල්ෆ්ගාඩ්ල පහරදීම නිසා කුමරිය එතනින් පැනලා යනවා ඒකටත් ඩාරා උදව් කරනවා.ඒ වගේම අඩියක් ගහන්න කියලා තැබෑරුමකට යන witcher ටත් මිත්‍රයෙක් මුණ ගැහෙනවා පස්සේ දෙන්න එක්ක සිල්වාන් කෙනෙක්ව අල්ලගන්න යනවා එතැනදී නොසිතු විදියට දෙන්නවම පිසාචයින් අල්ලගත්ත අපි දැක්ක නමුත් කතා කරලා එතනින් බේරිලා එන්න දෙන්නට පුළුවන් උනා.එහෙම නම් අද කතාව නරඹමු ගිහින් එන්නම් සුභ දවසක්.

4 වැනි කොටසින්
ආයුබෝවන් හැමෝටම මේ අරගෙන එන්නේ witcher පළමු කතාමාලාවේ 4 වන කතාංගය එහෙමනම් සුපුරුදු විදියට පහුගිය කොටස් වල උන දේවල් මතක් කරගෙන ඉමු.ඔයාලා 3 වන කතාංගය නැරඹුවා නම් මතක ඇති ගෙරල්ට් ටෙමේරියා වලට යනවා සතෙක්ව අල්ලන්න සතෙක් කිව්වට සතෙක්ම නෙවෙයි සාපයක් වැදුනු කුමාරිකාවක් තමයි ඒ විදියට සතෙක් වෙලා හිටියේ කොහොමහරි මහත් පරිශ්‍රමයකින් පස්සේ කුමාරිකාව සාපයෙන් මුදවාගන්න ගෙරල්ට්ට පුළුවන් උනා.ඒ වගේම මායා බලයේ උදව්වෙන් සුරූපී කාන්තාවක් වෙන්න යෙනෙෆර්ට හැකියාව ලැබුණා,නමුත් ඒ හේතුවෙන් ඇයට ඇයගේ ගර්භාෂය අහිමි උනා.ඒ වගේම කතාංගය අවසානයේදී සිරිල්ලා කුමරියට යම් ශබ්දයක් ඇහිලා වනාන්තරයක් පැත්තට යන බවක් තමයි පෙන්නුවේ.ඉතින් අද කතාව ආරම්භ වෙන්නේ එතනින් එහෙමනම් නරඹලම ඉමුකො. ගිහින් එන්නම් සුභ දවසක්.

5 වැනි කොටසින්
හරි එහෙමනම් හැමෝටම ආයුබෝවන් කියල පිලිගන්නවා.2020 වසරට... .witcher කතාමාලාවේ පළමු අදියරේ පස්වන කොටසත් අරගෙන.හැමෝම දන්න පරිදි පළමු කතාමාලාව කොටස් 8 කින් අවසන් වෙනවා ඒ කියන්නේ තවත් කොටස් 3 ක් ඔයාලට ඉතුරු වෙලා තියෙනවා බලන්න.ඒ වගේම witcher කතාමාලාව උපසිරැසි ගන්වන්න තවත් සිංහල උපසිරැසි ගන්වන වෙබ් අඩවි කිහිපයක්ම සම්බන්ධ වෙලා තිබුනා ඒ වගේම මේ වෙද්දී ඒ බොහොමයක් ඒවගෙන් කතාමාලාවේ පලවෙනි අදියරේ කොටස් 8 ටම උපසිරැසි ලබා දීලා අවසන් කොහොම උනත් ඔවුන් නම් කිහිප දෙනෙක් එකතු වෙලා තමයි උපසිරැසි ලබා දීලා තිබුනේ.ඉතින් ඇත්ත වශයෙන්ම මේ කතාමාලාව දෙසැම්බර් 20 වෙනිදා තමයි අන්තර්ජාලයට නිකුත් උනේ එහෙම බලද්දී වැඩ රාජකාරි මැද්දේ දින 11 ක් ගත වෙද්දී කතා මාලාවේ කොටස් 5 ට උපසිරැසි ලබා දෙන්න හැකිවීම සතුටක්. ඒ වගේම මේක මිට වඩා ඉක්මණට කරගන්න තිබුනා තවත් උපසිරසිකරුවන් කිහිපදෙනෙකුගේ සහය ලැබුණා නම් නමුත් එහෙම ඉල්ලන්න මම පැකිලුනේ අපි එහෙම කරන්න පටන් ගත්ත කතාමාලා ගොඩක් අතරමග නැවතුනු නිසා වගේම මේ කතා මාලාවටත් එහෙම නොවෙන්න ඕන නිසා.ඉතින් අපෙන් ප්‍රමාදයක් සිද්ධ උනා කියලා හිතනවා නම් වෙබ්අඩවිය වෙනුවෙන් මේ වෙලාවේ මම සමාව ඉල්ලන්න කැමතියි.ඒ වගේම කියන්න ඕන අපි බලාපොරොත්තු උන තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ මේ කතාමාලාවට ඒකට බොහොමයක් හේතු තිබෙන බවත් අපි දන්නවා. මුලිකම හේතුව විදියට අපි ලබා දෙන කතාමාලා පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ විශ්වාසය බිඳ වැටීමක් තියෙන බව තමයි අපි හිතන්නේ කොහොම නමුත් අපිව විශ්වාස කල කිහිප දෙනාටත් වචනයකින් හරි අපිට සහයෝගය දක්වපු හැමෝටමත් අලුත් අවුරුද්දක් පටන් ගත්ත මේ දවසේ ස්තුති කරන්න කැමතියි.ඒ වගේම ඉතුරු කොටස් 3 ටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙමනම් පහුගිය කොටස් වල උන දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගමු.ඉතින් පහුගිය කොටසේදී අපිට දැකගන්න පුළුවන් උනා සිරිල්ලා කුමරිය බ්‍රොකිලෝන් වනාන්තරයේ හිර වෙනවා ඒ වගේම සිරිල්ලා කුමරිය ඉපදුනු හැටි එයාගේ අම්මයි තාත්තයි ගැන වගේම ගෙරල්ට්ටයි සිරිල්ලා කුමරියටයි තියෙන සම්බන්ධය මොකද්ද කියලත් අපිට දැනගන්න පුළුවන් උනා.ඒ වගේම සිරිල්ලා කුමරියා වනාන්තරයට යනවා දැකලා එයාගේ පස්සෙන් ආව ඩාරාවත් නැවත කුමරියට මුණගැහෙනවා.ඒ වගේම ඩාරා දැනගන්නවා සිරි කියන්නේ සිරිල්ලා කුමරිය බව සහ සින්ට්‍රා රාජධානියේ උරුමක්කාරිය බව.ඒ වගේම යෙනෙෆර්ගේ වැඩ කිඩ ටිකකුත් අපිට බලාගන්න පුළුවන් උනා ඇයත් දැන් දක්ෂ මන්තරකාරියක් බවයි පෙනුනේ නමුත් ඇයට දරුවාව සහ බිසවව බේරගන්න උනේ නම් නැහැ.ඒ වගේම අපි දැන් දන්නවා විමිතිය නිතිය යටතේ තමයි සිරිල්ලා කුමරියව ගෙරල්ට්ට අයිති උනේ.කතාව අවසන් වෙද්දී අපි දැක්කා නිල්ෆ්ගාඩ්ල සිරිල්ලා කුමරිය ඉන්න තැන හොයාගන්නවා මන්තරකාරයින්ගේ උදව්වෙන්.එහෙම නම් අද කොටස නරඹල ඉමු.ඒ වගේම ඉතුරු කොටස් 3 ත් එක්ක හම්බෙමු.හැමෝටම සුභ දවසක්.

6 වැනි කොටසින්
සුම් සෙට් එකම ආයුබෝවන් කියල පිලිගන්නවා.witcher පළමු කතා මාලාවේ 6 වන කොටසත් අරගෙන තමයි ආවේ ඔන්න.එහෙනම් වැඩි කතා නැතුව සුපුරුදු විදියටම පහුගිය කොටස් වල උන දේවල් මතක් කරගෙන ඉමු.ඉතින් පහුගිය කොටසේදී අපි දැක්ක නිල්ෆ්ගාඩ්ල විසින් බ්‍රොකිලෝන් වනයේ ඉන්න සිරි කුමරියව රවට්ටලා අරගෙන එන්න විවිධ ස්වරුපයන්ට හැරෙන්න පුළුවන් කෙනෙක්ව මොසැක් විදියට හරවලා පිටත් කරලා යවනවා.එතැනදී ඇත්ත මොසැක්ට තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්නත් උනා.ඒ වගේම යෙනෙෆර් තමන්ගේ නිසරු බවට ප්‍රතිකාර හොයාගෙන රට වටේ යනවා.ඒ වගේම ඩ්‍රයඩ්ලා දැනගන්නවා ෆියෝනා කියන්නේ සිරිලා කුමරිය බව.ඇයව විශ්වාස කල නොහැකි බව සමහරක් අය පැවසුවත් ඩ්‍රයඩ් රැජිණ ඇයට තව දුරටත් වනාන්තරයේ රැඳී ඉන්න අවසර දෙනවා.ඔය අතරේ ගෙරල්ට්ට සහ ජස්කියර්ට ජින් කෙනෙක් හම්බෙනවා.එතනදී සෙල්ලමට වාරයක් දෙකක් ඉල්ලන ජස්කියර්ට තව පොඩ්ඩෙන් ජීවිතෙත් නැති වෙලා තමයි නවතින්නේ..නමුත් ගෙරල්ට් සහ යෙනෙෆර් නිසා ඔහු බේරෙනවා.එතැනදී තමයි ගෙරල්ට් සහ යෙනෙෆර් මුලින්ම මුණගැහෙන්නේ.නමුත් යෙනෙෆර් නිසා ගෙරල්ට්ට හිරේ ලගින්නත් උනා.ඒ වගේම යෙනෙෆර්ට ඕන වෙනවා ජින්ව පාවිච්චි කරලා නැවතත් දරුපල ලබාගන්න.නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.ඒ වගේම කතාව අවසානයේ මොසැක් විදියට වෙනස් උන පුද්ගලයා සමත් වෙනවා සිරි කුමරිය කැලෑවෙන් එලියට අරන් එන්න.එහෙමනම් අද කතාව නරඹන්න කියල ආරාධනා කරනවා හැමෝටම.ඔයාලගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.ඒ වගේම ඉතුරු කොටස් 2 ත් හැකි ඉක්මණින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්.

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 8ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)