Zakhmi (TV Mini-Series 2018)

මෙවර කතාමාලාවෙන්..

ඔන්න එහෙනම් කාලේකට පස්සේ තමයි මං මේ හමුවෙන්න එන්නේ...රුපවාහිනි කතාමාලාවක් තමයි ඉතින් අරන් ආවේ... දැන් ඉන්දියාවේ වෙබ් සිරිස් බොහෝම ජනප්‍රිය වෙන්න පටන් අරන් තියනවා... මාසේකට වෙබ් සිරිස් තුන හතරක්ම දැන් නිකුත් වෙනවා විවිද විවිද ඇප් හරහා...කලින් මේ වගේ ආපු කතාමාලාවක් තමයි Karenjit Kaur The Untold Story of Sunny Leone (2018) කියන්නේ.... අපි කලින් දුන්න නේට්ෆිල්ක්ස් කතා වෙන Sacred Games වගේ ලොකු දෙයක් නම් හැබැයි මේ සිරිස් වලින් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් හින්දි රුපවාහිනි කාතා එහෙම බලනවා නම් ඉතින් ඔයාලට මේවා අල්ලලා යාවි. ඒ වගේම මේ කතාමාලාවලට ඔබ කැමැතිද නැත්ද කියලාත් කිව්වොත් මේවාට ඉංග්‍රිසි සබ් තිබුනා හෝ නැතා ඔයාලට උපසිරැසි දෙන්න බලාපොරොත්තුවක් තියනවා. හැබැයි ඒ සේරම වෙන්නේ මේ කතාමාලාවට ලැබෙන ප්‍ර‍තිචාර අනුව තමයි

දැන් මේ කතාව ගැන කිව්වොත් මේක බෙදා හරින්නේ VB On The Web සමාගමයි...එහෙම නැත්නම් ලේසියෙන්ම කිව්වොත් Vikram Bhatt විසින්. ඔවුන් විසින් නිශ්පාදනය කරන ලද 1920,Love Games,Hate Story වගේ චිත්‍ර‍පටි එහෙම බලලා ඇති නේ... මේකත් ටිකක් හේට් ස්ටොරි වගේ කතාවක්... කාන්තා ප්‍ර‍ධාන චරිතයක් වටා තමයි මුළු කතාවම දිවයන්නේ... මෙහි රඟපාන ප්‍ර‍ධාන නිලිය වන Tia Bajpai විසින් 1920: Evil Returns හා Hate Story වැනි චිත්‍ර‍පටි වල කලින් රංඟනයෙන් දායක වෙලා තියනවා.

මං කලින් කිව්වා වගේම මේක පලිගැනිමේ කතාවක්...කතාව ටිකක් කියන්නම් කෝ... සයිරා කියන්නේ තමන්ගේ සැමියා රොහිත් එක්ක බොහෝම ආදරෙන් ජිවත් වෙන කාන්තාවක්... හැබැයි මේ අයගේ ආදර කතාවට වැඩි ආයුෂ නැති වෙනවා. ඇයට ආරංචියක් ලැබෙනවා තමන්ගේ සැමියා අනතුරකින් මිය ගිහින් ඇති බව වගේම අනතුර උන වෙලාවේ ඔහු ගමන් කරපු වාහනේ ගිනි ගත්ත නිසා මිනිය අදුන ගන්න බැරි තරමටම පිච්චිලා කියලා. කොහොම හරි මේ අනතුර වගේම මේ සිදුවිම ගැන සයිරාට සැක හිතෙන්න ගන්නවා. ඇය පොලිසියට යනවා මේ ගැන පරික්ෂණයක් කරන්න කියලා ඔවුන්ට කියන්න. ඇය ඔවුන්ට පැහැදිලි කරනවා මේක අනතුරක් නෙමෙයි හිතාමතාම කවුරු හරි තමන්ගේ සැමියාව මරලා දාලා කියලා..කොහොම හරි ඇයගේ සැකය තහවුරු වෙනවා පොලිසියේ හැසිරිම නිසා.. ඇයට තේරුම් යනවා මේකට පොලිසියත් සම්බන්ධවෙලා තියන වග... ඉතින් මේ ගැන ඇය තනිවම හොයන්න ගන්නවා....මේ ගැන ඇය හොයන්න ගන්න නිසාම ලොකු කරදරයකට මුණ දෙන්න වෙනවා...ඒ සිදුවිම් වලින් නොමැරි බේරෙන සයිරා නැවත පැමිණෙන්නේ මේ සිදුවිමේ සුළමුල හොයන්න වගේම තමන්ගේ සැමියාව මරපු අයව මරලා පලිය ගන්න... ඒක ඉතින් කරන්න පුලුවන්ද කියලා බලන්න පුලුවන් මේ කතාමාලාව බැලුවොත් තමයි. මං කලින් කිව්වා වගේම හේට් ස්ටොරි වගේ චිත්‍ර‍පටි කලින් නැරබුවා නම් මේ කතාව ගැන හොද වැටහිමක් එවි. එහෙනම් මේ කතාමාලාව බලන්න ආරාධනා කරන ගමන්... මේ වගේ වෙබ් සිරිස් තවත් බලන්න කැමැති නම් ඒකත් කියාගෙන යන්න කියලා ආරාධනා කරනවා.... තව වැදගත්ම දෙයක් අපි දිලා තියන සුම්ලින්ක් හබ් එකෙන්ම මේක බාගන්න. මොකද මේකේ යුටියුබ් කොපියක් වගේම වෙබ් කොපි වශයෙන් නෙට් එකේ වෙනම කොපි තියනවා. වැරැදි කොපිය අරගෙන පසු තැවෙන්නේ නැතුව දිලා තියන එකම අරගන්න. එහෙනම් අපි ගියා සුභ දවසක්!

(ටොරන්ට් පට හා ඩිරෙක්ට් ලින්ක් සදහා ලබා දි ඇති ලින්ක් එක තුලින් කොටස් 11ම ලබා ගත හැකිය.)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

If you have any complains about our contents, please email us at [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)