Avatar -The Last Airbender

" ඔන්න අද මම ඔයාලට ගෙනාවේ 2005 සිට 2008 දක්වා ලොව පුරා අතිශය ජනප්‍රිය ලෙස තිරගත වූ TV Series එකක්. මේක imdb හි 9.1 ක් තරම් ඉතාමත් ඉහල අගයක් හිමිකරගත් කතා මාලාවක්. Season 3ක් සහ මිනිත්තු 30 ධාවන කාලයකින් යුත් කොටස් 60ක් පුරා මෙම කතා මාලාව දිව යනවා. මෙම කතා මාලාවේ සාරාංශය මෙසේය. ලෝකය තුල ජලය, පොලොව, ගින්දර හා වායුව යන මූලධාතු වටා ලෝකය ජනපද හතරකට බෙදී පවතිනවා. සෑම ජනපදයකම ඒ ඒ මූලධාතු පාලනය කල හැකි බන්ධකයන් පිරිසක් සිටිනවා. ඒ අතර සියලුම මූලධාතු පාලනය කළ හැකි එක පුද්ගලයෙකු සිටිනවා. ඔහු තමන් සතු බලය උපයෝගී කරගෙන ජනපද අතර සාමය ආරක්ෂා කරනවා. මේ අතර තුර අග්නි දේශය පාලනය කළ සූසන් නැමැති පාලකයා ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගන්නවා. ඔවුන්ගේ මේ දුශ්ඨ ක්‍රියාව නැවැත්වීමේ බලය පවතින්නේ ඇවටාර්ට පමනයි. නමුත් ඔහු හිටිහැටියේ අතුරුදහන් වෙනවා.අවුරුදු 100කට පමණ පසු අග්නි දේශය ජයග්‍රහනය අසලටම පැමිණ ඇති විට අතුරුදහන් වූ ඇවටාර් නැවත හමු වෙනවා. නමුත් ඒ වන විට ඔහු ඇවටාර් වීමට තරම් සුදුසුකම් ලබා නැති කුඩා දරුවෙක්. ඈන්ග් නැමැති මොහු, ඔහුට හමු වන මිතුරන් වන කටාරා හා සෝකා යන දෙදෙනාත් සමඟ එක්ව ලෝකය බේරා ගැනීමට දරණ උත්සහය මෙම කතා මාලාව තුලින් ඔයාලා ඔක්කොටම බලා ගන්න පුලුවන්. මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම ඒ නිසා උපසිරැසි ගැන්වීම සම්බන්දව ඇති අඩුපාඩු, යෝජනා, චොදනා සියල්ලම ගැන පොඩි COMMENT එකක් දාන්න අමතක කරන්න එපා.