today-is-a-good-day
More

    Black And Blue (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    පහුගිය කාලේ, මේ කොරෝණා අස්සෙම, ඇමරිකාව වෙනම භීෂනයකින් පිච්චිලා යන්න පටන් ගත්තා. මතක ඇතී , දන්නවා ඇති ගොඩක් කට්ටිය මේ සිද්දිය ගැන. “Black lives Matter” එක පොලිස් නිලධාරියෙක්, කලු ජාතිකයෙක්ව එහෙම නැත්තන් නිගර් නැත්තන් කල්ලෙක්ව පාරේදී, ප්‍රසිද්දියේ මරලා දානවා. මේකට කුපිත වෙන ඇමරිකානුවෝ ,රට දෙපැත්තකට බෙදා ගන්නවා, පොලිසිය සහ සිවිල් ජනතාව කියලා. ඇමරීකාවේ කලු, සුදු වර්ගවාදය ගැන අහලා ඇතිනේ. රැප් සංගීතය පවා බිහිවෙන්නේ ඔය දේට විරුද්ධව කලු ජාතිකයන් තමාගේ හිතේ තියන හැගීම එලියට පිට කිරීම මගින්. ඒත් මේ පාර උනේ වෙනම සිද්දියක්. මේ පාර ජනතාව අස්සේ කලු, සුදු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. දෙගොල්ලොම එකතුවෙලා පොලිසියෙන් ගේම ඉල්ලුවා.

    ඉතින් මේ දේට සමානව , මේ පසුබිම ගැන පුලුල් අර්ථකතනයක් දෙමින්, ඒ වගේ එක්තරා සිද්දියක් පාටක කරගෙන තැනුනු සිනමා පටයක් තමා ” Black and Blue” කියන්නේ. මේ පොලිසිය කියන වචනය අපිටත් මල පන්නන අවස්ථා ඇතිවෙලා තියෙනවා.නිතීයෙන් මැරකන් කරන්න අවසර තියෙන කොට්ටාශයක් විදියටනේ අපි පොලිසිය ගැන හිතන් ඉන්නෙ. ඒක නෑ කියලා කියන්ඩත් බෑ වෙන සිද්දී එක්ක. මේ ෆිල්ම් එකේ වගේම හොදම දූෂීතයෝ ඉන්නේ පොලිසියේ කියන එක අපිට හොදටම පැහැදිලි උනානේ.කුඩු අල්ලන්නෙත් පොලිසිය,අන්තීමේ විකුනලා තියෙන්නෙත් පොලිසිය, අපි ෆුල් අන්දොස්.

    ඉතින් මේ ෆිල්ම් එක ගැන මං වචනයක්වත් කියන්නේ නෑ.. මොකද මේක මුල් තප්පරේ ඉදන්ම අවසන් තප්පරේ වෙනකන්ම ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු , මේ වර්ගවාදය හා නීතීය යන රාමුව ඇතුලේ , පොලිසිය රගන ආකාරය හා, දූෂනය තුලින්ම ඒකට විසදුම් හොයන එක්තරා කාන්තා චරිතයක , ශක්තිය හා දරාගැනීම පිලිබදව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රූපනය වෙන ඉතාම ඉහල ගනයේ සිනමා කෘතියක්. මෙකේ එක් තැනක සදහන් වෙනවා මේ වීරවරීය හමුදාවෙන් විශාම අරන් පොලිසියට බැදුනු බවක්.. එකෙන් මට වැටහෙච්චී දේ තමා, හමුදා නිලධාරියෙක් ලබන පුහුණුව හමුවේ , ඔවුන් වෙනම පරාසයක , නීත්‍යානුකූල ලෙස ජීවත් වීමට හිත එකග කරගන්නවා. මගේ මතය තමා පොලිසිය යන කණ්ඩායමත් මේ හමුදා මානයට එක් කරොත් අපිට පොලිසිය දේවාලයක් කරගන්න එක අමාරු වෙන එකක් නෑ.

    Naomie Harris තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. ඒ වගේම අපේ හිතේම ඉන්න නලුවෙක් වෙන Tyrese Gibson මේකේ සුපිරි රංගනයක් කරනවා. Gibson ව දන්නේ නෑ කියන්නේ කාටහරී දැනට තිරගත උනු හොදම ෆිල්ම් සීරීස් එකක් මිස් වෙලා. Imdb අගය 6.3 ක් අරන් තියෙන එකෙන්ම තෙරේනවා , මේ රාමුවට මිනිස්සු කොච්චර කැමතිද කියලා.2019  තිරගත උනු ෆිල්ම් එකක් උනත් 2099 වෙනකන් වලංගුතාවයක් තියෙන එකක් බවට පත්වෙනවා සැකයක් නෑ.මොකද මිනිස්සු කවදත් මිනිස්සුම තමා, වද වෙලා යන  කන්.පටු අදහස් පුරවන්.

    සර්ව සම්පූර්ණව පරිවර්ථනය කරලා උපසිරැසි අපේ විදියටම  , ඔන්න කවදත් අංක එක zoom.lk එකෙන් ඔබට ලබාදෙනවා. ඔබේ අදහස් ,හොද නරක, අපිට බනිනවා නන් ඒවා, මොනා හරි කමක් නෑ අදහසකුත් කොටන් යන්ඩ. එහෙනන් ජය වේවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Black And Blue (2019) සිංහල උපසිරැසි” Black.And.Blue.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1570 times – 844 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තරිදු ශාලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request :
      Hiteumaen (2020) – IMDb
      Cut Off (2018) – IMDb

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram