Sinbad

මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන "සිම්බෑඩ්" ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky|TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. මෙහි මුල් කොටස පුංචි තිරයේ දර්ශනය කිරීම් ඇරඹුවේ මේ මස (ජූලි) 7 වෙනි සෙනසුරාදයි. දැනට කොටස් 13 ක පමණ රූපගත කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා. මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු (හොලිවුඩ්) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් ටෙලි කතාවකනම් දාවන කාලය වෙන්නේ විනාඩි 45ක් වගෙයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල. එහෙනම් කතාව නරබන්න කියල ඇරයුම් කරන ගමන් අපේ මේ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි ලබාදීමේ ප්‍රථම වෑයම ගැන ඔබට හිතෙන දේ අකුරු කරලා යන්න අමතක කරන්න එපා.