CAST




කොහොමද යාලුවනේ. මුලින්ම හැමෝටම සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න අලුත් අවුරුද්දෙ ප්‍රථම රූපවාහිනී මාලාවල කොටස අරගෙන එන්නෙ Touch කතා මාලාවෙන් මම ,ප්‍රමෝද් අපි බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා.ජේක්ට සරුංගලයක් අරගෙන දෙනවා එයාගෙ තාත්තා. ඒ කියන්නෙ මාටින්. හැබැයි සොහොනක් ළඟදි ඒ සරුංගලය ජේක් අතින් අතෑරගන්නවා.ඒක නිසා ජීවිත ගණනාවකටම බලපෑමක් ඇතිවෙන්න සමත්වෙනවා. ඇත්තටම මේ කොටස හරිම ලස්සනයි.මාටින්ට මෙවර ලැබෙන අංකය වන්නේ 9.5. ඒ අංකය කොහොම මාටින් විසඳගනීවිද දන්නෙ නෑ නේද?ජේක්ගෙ අම්මා ගැන අපි නොදන්න කරුණු තිබුනා නේද? ඒ සේරම මේ කොටසෙන් දැනගන්න පුලුවන්. එයාට මොකද වුනේ, අන්තිම කාලෙ සිද්දවුන දේවල් ආදිය. ඒවගේම 1+1=3 කියන එකත් මොකක්ද කියලා තේරුම්ගන්න පුලුවන්. ඒක ගැන දෙවැනි කොටසෙන් කියැවුනේ. මේ කොටසෙත් එකිනෙකා අතර සම්බන්ධය හරිම අපූරුවට හදලා තියෙනවා. Touch කොටස් දෙන්න පමා වුනොත් සමාවෙන්න. මොකද මේක පරිවර්ථනය කරන්න ගොඩක් කල් යනවා. ඒ වගේම ඔයාලට ලස්සනට මේක දෙන්නත් ඕනනේ....එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ඕන දෙයක් [email protected] ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න. හැමෝටම තෙරුවන් සරණයි!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes