CAST




සුභ ආරංචියක් වෙයි Touch ප්‍රේක්ෂකයන්ට මේක නම්. බොහෝ දෙනා අහලා තිබුනා මෙහි 2 කථා මාලාව ගැන.Touch Season 2 ප්‍රථම වරට Fox නාළිකාවෙන් විකාශය කිරීමට බලාපොරොත්තු වන්නේ පෙබරවාරි මස 8 වැනිදා. තවම අප විසින් මෙය ලබාදෙන දිනයන් ගැන නම් ස්ථිර තීරණයක් නෑ. Touch පළමු කථා මාලාව අවසන් කරන්න අප බලාපොරොත්තු වෙන්නේ මාර්තු 6 වනදා. අපි එහෙනම් මේ කොටස ගැන බලමු. මම හිතන්නෙ මෙතෙක් කොටස් වලින් ජේක් ලොකුම බලපෑමක් කල කොටස මේක. මේකෙදි ජේක් නිසා බොහෝ දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා. ඒ වගේම ලොකු අනතුරකුත් සිද්දවෙනවා.මේ කොටස් ටික දිගටම ඔයා බැලුවනම්, හිතට ප්‍රශ්නයක් එන්න ඇති ක්ලෙයා ගේ අම්මා ගැන. ලොකු ප්‍රශ්නාර්ථයක් එක් කොටසකදී ප්‍රේක්ෂකයන්ට ලබාදුන්නා. අන්න ඒකට උත්තරත් මේකෙදි ලැබේවි.ඒවගේම හරිම දුක ඇතිවෙන කොටසක් මේක. ඒ කථාවේ ප්‍රධාන චරිතයක් අපට නැතිවෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ජීවිතය පරිත්‍යාග කර තවත් ජීවිත කීපයක් බේරගන්නවා.මම බලපු හොඳම කොටස කිව්වත් හරි!! තවත් දේවල් කීපයක් ඔයාලට කියන්න ඕන. මේ කථා මාලාව පටන් ගත්තෙ බොහෝ දෙනෙක් උපසිරැසි දෙන්න කියල අපෙන් ඉල්ලීම් කරලා තිබුන නිසා. පළමු කාරණය, Touch කථා මාලාවෙ දෙබස් පරිවර්ථනයේදි බොහෝ සැලකිලිමත්වෙන්න වෙනවා. මොකද එක වචනයකින් මුලු කතාවෙම අර්ථය නැතිවෙනවා. කථාව බලද්දි ඒක ඔයාලටම තේරෙනවා ඇති. අනිත් කාරණය මෙහි එක් කොටසක සාමාන්‍ය චිත්‍රපටයකට ආසන්න දෙබස් ප්‍රමාණයක් අඩංගුයි. ඒක නිසා තවත් වැඩේ අමාරු වෙනවා.ඒ වගේම පසුගිය සතියේ මට වැඩ නිසා දෙන්න බැරිවුන 5 වන කොටස ඔයාලට දුන්න අපේ කණ්ඩායමේ ධනුෂ්ක සොයුරාට මගේ ස්තුතිය! එහෙනම් ඊළඟ කොටසෙන් හමුවනතෙක් ඔබ සැමට ආයුබෝවන්!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes