CAST




සමාවෙන්න පසුගිය සතියේ Touch කථා මාලාව ඔයාලට දෙන්න බැරිවුනා. මේ සතිය තුළම තවත් කොටසත් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බැරිවුනොත් ඊළඟ සතියෙම කොටස් දෙකම දෙනවා. මෙන්න මේ කොටසේ වෙන දේ... මාටින්ට යතුරක් හම්බවෙනවා ටෙලර්ගෙ. ඒ එයා මැරෙන්න කලින් ජේක්ට දෙන එකක්. ඒකෙ 1188 කියල අංකයක් ගහල තියෙනවා. ඒවගේම නටාලී, වීඩියෝ බ්ලොග් එකක් කරන කෙල්ලෙක්. එයාට ලැබෙනවා පාලෝ කියන ඉතාලි කෙනෙක්ගෙ පෙන් එකක්. ඒකෙ වීඩියෝ එකක් තියෙනවා. ඒ පාලෝගෙ පෙම්වතියට දෙන්න තිබුණු වීඩියෝ එකක්. නමුත් ඒක දෙන්න වෙන්නෙ නෑ. ඒවගේම, ජේක්ගෙ නැන්දා, ඇබිගේල් එනවා ජේක්ව නවත්තලා තියෙන තැනට!!මාර ප්‍රශ්නය ඒක නම්. එයා ඇවිල්ලා ජේක්ගෙ භාරකාරීත්වය ගන්න පෙත්සමක් හදනවා. එයා කියනවා මාටින්ට “ඔයාට මේ සැරේ ලේසි වෙන්නෙ නෑ කියලා“ ඒවගේම අර ඉස්සෙල්ලා කිව්ව යතුර නිසා තව දෙදෙනෙක්ට උදව්වක් කරන්න ලැබෙනවා. ඒ මුදල් වලින්.සෙල්ලමකින්. මේ කොටස බොහොම ආදරණීය විදියට හදලා තියෙනවා. කථාවත් ගලායන්නෙ ආදරය සමඟ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන්ම බලාවි කියලා විශ්වාස කරනවා. ඒ වගේම Touch ප්‍රේක්ෂක ඔයාලගෙන් නැවතත් සමාව ඉල්ලනවා පසුගිය සතියේ දෙන්න බැරිවුනාට.අවශ්‍යතාවක් තියෙනවනම් මාව [email protected] ලිපිනයෙන් සම්බන්ධකරගන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes