CAST




මේ කොටස නම් මට ලබාදෙන්න ඇත්තටම ප්‍රමාද වුණා ඒ ගැන කණගාටුයි මේ දවස්වල කාර්යබහුල වැඩියි යාලුවනේ... කොහොම වුණත් ඉතිරි කොටස් ටික නම් ඉක්මනින් ලැබෙයි ඔයාලට, ඒ වගේම Walking Dead කතාමාලාවේ කළා වගේ ඔයාල වෙනුවෙන් ඉක්මනින් කොටස් දීලා මේ කතාමාලාව ඉවර කරන්න පුංචි උපක්‍රමයකුත් සූදානම් කරගෙනයි ඉන්නේ. ඒ නිසා මින් ඉදරියට කලබල වෙන්න එපා :D මේ කොටස ගැන කියනවා නම් මේ කොටසේ වැම්පයර්වරුන්ගේ නගරයේ ටිකක් විතර සාමකාමී දවසක් තමයි ගතවෙන්නේ, හැබැයි පුංචි සටනක් යනවා ඩැමන් සහ තවත් වැම්පයර් කෙනෙක් අතර, සටනක් කිව්වට ඩැමන් හොඳටම ගුටිකන සටනක් තමයි ඒක. එලේනා නොහිටින්න මේක ඩැමන් ඉන්න අවසන් කොටස වෙනවා නිසැකයි. ඒ වගේම එලේනා මෙතෙක් දැනනොහිටි ඉතාම පුදුම සහගත කතාවක් ස්ටෙෆන් එලේනාට කියනවා. ජෙරමිටත් හොඳ මිතුරියක් හමුවෙනවා, හැබැයි මට සැකයි මේ මිතුරිය වැම්පයර් කෙනෙක්ද කියලා, ඊලඟ කොටස්වලින් බලමු ඒක එහෙමද කියලා... එහෙනම් ආයෙත් වතාවක් මතක් කරනවා වැඩිදෙනෙක්ගේ ඉල්ලීම නිසා මේ මුල් කොටස් මෙහෙම යන ගමන් වැම්පයර් ඩයරිස් අලුතින් යන කොටස් ටිකත් ඔයාලට මේ සමගම සිංහල උපසිරැසි එක්ක බලන්න අවස්ථාව හදලා දෙනවා කියලා :) පසුව හමුවෙමු!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes