CAST




මෙන්න වැම්පයර්වරුන්ගේ දිනපොතේ 14වෙන කොටස අරගෙන ආවා.. මේ කොටසින් තමයි මෙතෙක් ඩැමන් ආසාවෙන් බලන් හිටපු, කැතරින් හිරකරලා තියෙන සොහොන විවෘත කරන දවස උදාවෙන්නේ... මේ කාර්යයට ඩැමන් වගේම ඇනා ගොඩක් උනන්දුවෙන් හිටියත් අනෙක් අය මෙයට උදවු කරන්නේ වෙනත් බලාපොරොත්තු හිතේ තියාගෙනයි. කොහොම වුණත් අන්තිමට ඔවුන් සොහොනේ දොර විවෘත කරනවා. ඒකෙන් පස්සේ සිද්ධවෙන්නේ කවුරුවත් නොහිතන දෙයක්. හැමෝම හිතාගෙන හිටියට සොහොන විවෘත කරලා කැතරින්ව එලියට ගන්න, සොහොන විවෘත කළත් ඒක කරගන්න ලැබෙන්නේ නෑ... හැබැයි වෙනත් කෙනෙක් නම් සොහොනින් එලියට එනවා... මේ කවුද, මොකක්ද කැතරින්ට වුණේ කියලා බලන්න මේ කොටස බලන්න ආරාධනා කරනවා! ලබන කොටසින් ඉක්මනින් හමුවෙමු, එහෙනම් සුභ දවසක්

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes