PDA

View Full Version : අවුරුදු දෙකකට වෙච්ච දෙයක්



මරු හිරා
03-12-2013, 08:50 AM
මාර්තු මාසයේ 11 වෙනිදා මගේ ජීවිතේ විශේෂම දවසක් උනා අවුරුදු දෙකක්ම. එකක් ගැන කියනවා නම් ඒ 2011 වසරේ මාර්තු 11 දවස. මගේ යාලුවෙක් වෙච්ච මදුෂාන් FB චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක අලුත් සයිට් එකක් ගැන කිව්වා. තාම වැඩිය කට්ටිය නැති ෆන් එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතන සයිට් එකක්. මමත් ඉතින් දීපු ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනා. රෙජිස්ටර් උනාට මෙලෝ දෙයක් තේරුනේ නම් නෑ ෆෝරම් ගැන. මම කලින් එහෙම සයිට් එකක පෝස්ට් දාල තිබ්බේ නෑ. නිකමට වගේ දාල තියන ඒවා කියවල බැලුවා. මම රෙජිස්ටර් උනේ මගේ ඇත්ත නමින්. ඒ උනාට බලද්දී තමන්ගේ ඇත්ත නම දාපු එකෙක්වත් නෑ වගේ පෙනුන නිසා මාත් මේ දැන් තියන නමට නම වෙනස් කරවගත්ත. මම එනකොට හිටපු හැමෝම සීනියර් මෙම්බර්ස්ලා. මම විතරයි ජූනියර්. ඒක එහෙම උනේ කොහොමද කියල මට තේරුනේ නෑ. හැබැයි ඔන්න පෝස්ට් 100ක් දානකොට සීනියර් උනා. ඒ දවස් වල පෝස්ට් 100ක් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඔන්න මම මුලින්ම පෝස්ට් 100 දාල සීනියර් උන එකට සුබපැතුවේ අපේ copper තමයි.

ඒ දවස් වල මට මෙතන හිටපු මෙම්බර්ස්ලා ගොඩක් උදව් කරා. ඒ අයව ඔක්කොම නම් වශයෙන් කියන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය එතකොට හිටියේ නැති නිසා. ඒ තමයි Punisher, බොරලුගොඩ, Dmax, Amila, Senarath, Madushan100, Dulin, tintin, gamage, Maheshi, Angel Senuri සහ copper වගේ කට්ටිය. කවුරුහරි කියන්න අමතක උනා නම් සමා වෙන්න ඕන. මෙතන කියපු සමහර අයව දැන් ඉන්න කට්ටිය දන්නෙත් නෑ. මට පලමු රෙප් පහර එල්ල කරේ බොරලුගොඩ. එතකොට මුලින්ම චැටක් දාල සයිට් එක ගැන හරියට දැනගත්තේ Punisherගෙන්. Dmax තමයි පෝස්ට් 1000ක් දාපු එකට සුබපතල ත්‍රෙඩ් එකක් දැම්මේ. tintin දැන් සයිට් එකට ආවේ නැති උනාට මගේ හොඳම හොඳ යාලුවෙක්.

ටික දවසකින් තවත් අමතක කරන්න බැරි යාළුවො සෙට් එකක් සෙට් උනා. ඒ තමයි CREATIVEN, සෝරෝ, Mal Baba, Manju, Sudupusa, Princekrish, Sujeewa, Diga වගේ කට්ටිය. මට ෆිල්ම් බාගෙන බලන්න තරම් හොඳ කනෙක්ෂන් එකක් තිබ්බේ නෑ. ඉතින් CREATIVEN සහ මම දෙන්නම එකතු වෙලා තියන ඒවා මාරු කරගෙන තමයි බැලුවේ. අපේ ඒ ඇතිවෙච්ච මිත්‍රකම කවදාවත් අමතක කරන්න බැරි තරම් ලොකු මිත්‍රකමක් බවට පත් උනා. මෙතනත් නම් කියන්න අමතක උන ඇය ඇති. ඒ ගැන පොඩ්ඩක් සමාවෙන්න.

සබ්ටයිටල් කලාවේ රජවරු වගේ ඉන්න දිනුෂ්ක උදාර, නවීන් පෙරේරා වගේ අයත් සෙට් උනේ මේකෙන් තමයි. ඒ වගේම මගේ දෙවන උපසිරසි ගැන්වීමේදී මගේ හොඳම යාලුවෙක් බවට පත් වෙච්ච ධනුෂ්ක ලක්මාල් හෙවත් තාරකව ගොඩක් සතුටෙන් මතක් කරනවා. ඒකෙන් නොනැවතී අපි දෙන්නට තවත් ෆිල්ම් එකකට සබ් දෙන්නත් පුළුවන් උනා. මටත් කලින් සයිට් එකට ඇවිත් හිටියට Ushantha අයියව ෆිට් උනේ මේ කාලේදී තමයි. මොකද ඔහුත් කාර්යබහුල නිසා සයිට් එකේ වැඩිය ආවේ නෑ කාලයක්ම. දැන් නම් ඉතින් Ushantha කියන්නේ මේකට නැතුවම බැරි සාමාජිකයෙක්. ඒ වගේම තමයි අපේ CJA කියන්නෙත් හොඳම යාලුවෙක්. ඒ විතරක් නෙවෙයි දැන් සයිට් එකේ දකින්න නැති Time Traveller.

දවසක් CREATIVEN මට එහේ ගිය වෙලාවක Halo Multiplayer game එක දුන්නා. ඔන්න ඊට පස්සේ තමයි තවත් කට්ටියක් සෙට් වෙන්න මුල් උනේ. ඒ තමයි පහන් තාරක සහ danukamax කියන කට්ටිය. DJ Nimantha නම් කලින් මේකේ ත්‍රෙඩ් දාපු නිසා දැනගෙන හිටියා. ඒ Halo Multiplayer ත්‍රෙඩ් එකෙන් පස්සේ දැන් තවමත් කට්ටිය ගේම් එක සෙල්ලම් කරන්න සෙට් වෙනවා.
ඔන්න එහෙනම් වැඩි කතා නැතුව වර්තමානයට එන්නම්. වර්තමානයේ අපේ ඉන්න යාළුවො ගැන නම් නම් විදිහට කියන්න යන්නේ නෑ. මොකද එහෙම උනොත් මේ ත්‍රෙඩ් එකේ ඒකට ඉඩ නැති වෙනවා. කලින් ගොඩක් දුරට නම් වශයෙන් සඳහන් කරේ ඒ කට්ටියගෙන් ගොඩක් දැන් සයිට් එකේ දකින්න නැති නිසා. ZOOM මිතුරු කොදෙව්වට සෙට් වෙන යාළුවො සේරම මම ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒ කට්ටිය සෙට් වෙන්නෙ නැත්නම් දැන් රෑට නින්ද යන්නෙත් නෑ වගේ. රෙප් දෙන එකත් අමුතුම විදිහකට වෙනස් කරගෙන තියනවා දැන් ඉන්න කට්ටිය. මේ ඉන්න යාළුවො නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ඊළඟ වැදගත් දවස උනේ 2013 මාර්තු 11 වෙනිදා. ඉතින් ඒ දවස හේතුකොටගෙන ඉදිරියේ ටික කාලයක් මටත් සයිට් එක පැත්තට එන්න නොහැකි වෙන්නත් ඉඩ නම් තියනවා. ඒත් ඉතින් පුළුවන් වෙන හැම වෙලාවම සයිට් එකට එන්න බලාපොරොත්තු වෙනවා. මේ සයිට් එක දිගටම කරගෙන යන්න HEDZ සහෝදරයට සුබ පතනවා. මේ සයිට් එක නොතිබෙන්න මේ යාළුවො කවුරුවත් හම්බ නොවෙන්න තිබ්බ. එහනම් හැමෝටම සුබ අනාගතයක් වේවා. මීට දුක සැප දෙකේම එකසේ ඔබත් සමඟ සිටින මරු හිරා.


http://i.imgur.com/xttpG1z.gif

http://i.imgur.com/TZ8ALtl.gif

thilinaz
03-12-2013, 09:15 AM
විසිල් 5යි බල්ටි 2යි , ඔන්න මගෙන් තමා පළමු සුබපැතුම

ජය වේවා මරු හිරා


:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap:

amilaamdj
03-12-2013, 09:33 AM
ඔබගේ අනාගතයට අපෙන් සුබපැතුම්.

http://dl5.glitter-graphics.net/pub/482/482595bp20ksiiv6.gif (http://www.glitter-graphics.com)

මරු හිරා
03-12-2013, 09:42 AM
විසිල් 5යි බල්ටි 2යි , ඔන්න මගෙන් තමා පළමු සුබපැතුම

ජය වේවා මරු හිරා


:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap:


ඔබගේ අනාගතයට අපෙන් සුබපැතුම්.

http://dl5.glitter-graphics.net/pub/482/482595bp20ksiiv6.gif (http://www.glitter-graphics.com)

තෑන්ක්ස් වේවා දෙන්නටම

*maheshi*
03-12-2013, 09:47 AM
අවුරුදු දෙකක් ගෙවුණු ඉක්මන නේද.. කාලය නම් පුදුම වේගයකින් යන්නේ...
:yes: :yes: :yes:

මරු හිරා
03-12-2013, 09:57 AM
අවුරුදු දෙකක් ගෙවුණු ඉක්මන නේද.. කාලය නම් පුදුම වේගයකින් යන්නේ...
:yes: :yes: :yes:

ඒකනේ අනේ අපි වයසටත් යනවනේ

Dj | නිමන්ත
03-12-2013, 10:02 AM
අවුරුදු දෙකක් කියන්නෙ සුලු කාලයක් නෙවේ මරුවෝ.. උඹ අපිත් එක්ක නොහිටින්න අපි කැලේ බං, උඹයි සූම් එකේ යාළුවෝ සෙට් එකයි ඉන්න හින්දා තමා අපිත් ෆන් එකේ ඉන්නෙ. මචං මේ ආ ගමනට මගෙන් උනුසුම් සුබපැතුම්.. අපි තවත් කල්පයක්ම සූම් අත්නොහැර ඉමු.

:thumbsup::thumbsup::14_002::14_002:<3:14_002::14_002::thumbsup:

gayan159
03-12-2013, 10:05 AM
pastane ban ela ela

මරු හිරා
03-12-2013, 10:07 AM
අවුරුදු දෙකක් කියන්නෙ සුලු කාලයක් නෙවේ මරුවෝ.. උඹ අපිත් එක්ක නොහිටින්න අපි කැලේ බං, උඹයි සූම් එකේ යාළුවෝ සෙට් එකයි ඉන්න හින්දා තමා අපිත් ෆන් එකේ ඉන්නෙ. මචං මේ ආ ගමනට මගෙන් උනුසුම් සුබපැතුම්.. අපි තවත් කල්පයක්ම සූම් අත්නොහැර ඉමු.

:thumbsup::thumbsup::14_002::14_002:<3:14_002::14_002::thumbsup:


pastane ban ela ela

එලෙත් එල :cool:

Demax
03-12-2013, 10:10 AM
අවුරුදු දෙකක් ගියාද බන්! අද ඊයේ මේකට සෙට් උනා වගේ මට නම් මතක සිරාවට. දෙවැනි වසරට සුභ පැතුම් ඔන්න

මරු හිරා
03-12-2013, 10:13 AM
අවුරුදු දෙකක් ගියාද බන්! අද ඊයේ මේකට සෙට් උනා වගේ මට නම් මතක සිරාවට. දෙවැනි වසරට සුභ පැතුම් ඔන්න

ඒක තමයි අපි දෙන්නම එකම කාලේ සෙට් වෙච්ච අයනේ
තෑන්ක්ස් වේවා!

danukamax
03-12-2013, 10:14 AM
මරු හිරා....ඇත්තටම උබ මටනම් මාරම යාලුවෙක් වුනා...ඒ ගැන අද මම ගොඩාක් සතුටු වෙනවා...උබ පලවෙනි දවසෙ මට කෝල් කරලා හලො ගහන්න එන්න කිව්ව වෙලාවෙ මටනම් මාර හැපී....ඒ උබ සූම් එකේ නමක් තියන් ඉන්න සාමාජිකයෙක් නිසා....කොහොම හරි එදා පටන් ගත්ත ඒ මිත්‍රකම අදත් හෙටත් හැමදමත් තියේවි.ඉතින් අද වගෙ විශෙෂ දවසක මටත් අපේ හිරා වෙනුවෙන් සුභ පතන්න ලබුනු එක ගැන සතුටුයි....මගෙනුත් උනුසුම් සුභ පැතුම් හිරෝ....තවත් බොහෝ කාලයක් සුම් එකත් එක්ක අපිත් එක්ක ඉන්න හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා....

මරු හිරා
03-12-2013, 10:16 AM
මරු හිරා....ඇත්තටම උබ මටනම් මාරම යාලුවෙක් වුනා...ඒ ගැන අද මම ගොඩාක් සතුටු වෙනවා...උබ පලවෙනි දවසෙ මට කෝල් කරලා හලො ගහන්න එන්න කිව්ව වෙලාවෙ මටනම් මාර හැපී....ඒ උබ සූම් එකේ නමක් තියන් ඉන්න සාමාජිකයෙක් නිසා....කොහොම හරි එදා පටන් ගත්ත ඒ මිත්‍රකම අදත් හෙටත් හැමදමත් තියේවි.ඉතින් අද වගෙ විශෙෂ දවසක මටත් අපේ හිරා වෙනුවෙන් සුභ පතන්න ලබුනු එක ගැන සතුටුයි....මගෙනුත් උනුසුම් සුභ පැතුම් හිරෝ....තවත් බොහෝ කාලයක් සුම් එකත් එක්ක අපිත් එක්ක ඉන්න හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා....

තෑන්ක්ස් මචන් එසේම වේවා උඹටත්!

මරු හිරා
03-12-2013, 10:42 AM
:D

shashi1987
03-12-2013, 12:16 PM
අවුරදු දෙක සපුරන අපේ හිරා බබාට සුභ පැතුම්

Ushantha
03-12-2013, 12:18 PM
ඇත්තටම සතුටුයි මචන්. දැන් සූම අපිට ගෙදර වගේ. මම වැඩ වැඩි කාලෙට සයිට් එකේ පෝස්ට් දැම්මේ නැති උනාට අඩින් පල්ලෙන් හරි සයිට් එක කියවනවා. සූම නිසා මමත් හිත හොද කොල්ලෝ සෙට් එකක් හදුනා ගත්තා. ඒ අතරින් මට ඉන්න විශේෂම කෙනෙක් තමයි මරැ හිරා.. ඒක උඹ දන්නවා නේ. ඒ වගේම නිමා, දනූ, ගලේ, ප්‍රින්ස්, පනී, එකී නොකී මෙකී හැම දෙනාවම හදුනා ගන්න ලැබුණ එක සතුටක්. මේ හැම දෙනාම එකක් සූම් එකේ චිරාත් කාලයක් වැජඹෙන්න ලැබේවායි කියලා අපි කැපෙනවා. ජය ශ්‍රී සූම්. ජය ශ්‍රී කස්ටිය.. තව එකක් කියන්න ඕන හිරා ඔයා දැන් සූම් එකට නැතුවම බැරි සාමාජිකයෙක් වෙලා ඉවරයි.. සම්ප්‍රාප්ත වෙලා දෙවසරක් සපිරෙණ අද දිනයේ මගේ හදවතින්ම සුභ පතනවා උඹට. ඒ වගේම ඉක්මනටම ටොප් පෝස්ටර් වෙන්න හැකියාව ලැබේවායි කියලා පතනවා.

dinusha123
03-12-2013, 12:21 PM
සුභ පෑතුම් මචන්......
උඹට එන අදහස් ,උඹ කරන දේවල් මාරම තමයි මචන්,
මමත් zoom එකට සෙට් වෙලා 16 වෙනිදට අවුරුද්දක් වෙනවා...
ඒ උනාට මිතුරු කොදෙව්වට සෙට් උනෙ සති දෙකකට විතර කලින්,
දෑන් ඉතින් zoom එකට ආවේ නෑහෑ කියන්නේ කෑවේ නෑහෑ වගේ තමයි........

:thumbsup::clap:

biri
03-12-2013, 12:51 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::clap::clap::clap::clap::clap: :clap::clap::clap::clap::clap::clap::clap:

Shasz
03-12-2013, 01:01 PM
මේකයි ඉතිං හිරෝ කියන්න තියෙන්නේ.....ඔබ තුමා මගේ පතාගෙන ආපු හතුරා වෙන්න පුළුවන්........ඒ දැනට මම ඒ ටික අමතක කරලා පොඩි ආශීර්වාදයක් දෙන්නම් ආ................මැහුම් දාගන්න වැඩ නොකර තවත් දිගු කාලයක් වැජබෙන්න ශක්තිය දිරිය ලැබේවා...........:D:D:D

මරු හිරා
03-12-2013, 01:03 PM
හැමෝගෙම අදහස් වලට තෑන්ක්ස්

Thisara Dinushka
03-12-2013, 01:39 PM
මචන් මගෙන් උබට උණුසුම් සුභ පැතුම්...උබ වගේම මාත් රෙජිස්ටර් උනේ මගේ නමින්.කොහොමද බන්ස් ඒක වෙනස් කරන්නේ?ඒ වගේම මට තාම Halo game එකේ ZOOM sever 1 හම්බුනේ නෑ මචන්.මන් ඉතින් වෙන sever වලට සෙට් වෙලා game 1 ගහනවා.ඒ වගේම මචන් උබේ අනාගතයට මගෙන් සුභපැතුම්...!!! සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා....!!!!

:thumbsup::thumbsup:<3<3

Isuru1990
03-12-2013, 02:07 PM
:14_002:<3:)
හිරෝ මම උඹේ ඔක්කොම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා පතනවා! පුළුවන් වෙලාවට සයිට් එක පැත්තට එන්නකෝ. ජයවේවා සහෝ!

thasneen
03-12-2013, 02:17 PM
:thumbsup::thumbsup::thumbsup::yes::yes::yes:

akmeemana
03-12-2013, 02:39 PM
Elakiri Saho (y) Subapathum

Viraj_rox
03-12-2013, 02:42 PM
අවුරුදු 2කට මගේ සුභ පැතුම්

princekrish
03-12-2013, 04:03 PM
ඉස්සෙල්ලාම අපේ මාරුවට මුළු හදවතින්ම සුබ පතනවා . . .
දැන් ඉතින් මාරු හිරා කිව්වම සුම් එකේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා මං හිතන්නේ නෑ,හිරා කියන්නේ දැන් මේකේ නැතුවම බැරි සාමාජිකයෙක්.ටික දවසක් ඉන්න වෙන්නේ නැති කතාවක් කියනව නේ?පුළුවන් තරම් ඉක්මනට එන්න ඕනි හොදේ . . . .අර කිව්වත් වගේ මාත් ඉස්සෙල්ලාම රෙජිස්ටර් උනේ මගේ නමින්,පස්සේ කට්ටියගේ නම් දැක්කම මං වෙනස් කරේ,ඒ දවස් වලා user name එක වෙනස් කරන විදිහ හැමෝගෙන්ම වගේ ඇහුව,ඒ වෙලාවේ හිරා මට ලොකු සපෝර්ට් එකක් දුන්නා මතකයි.සුම් එකෙන් සෙට් උනේ හරි පුදුම යාලුවෝ ටිකක්,කවදාවත් ඇස් දෙකට දැකලා ඇති උනාට ඒ තියන යාළුකම ගොඩක් ලොකු එකක්.අපේ punishar අයියා,එතකොට හිරා,ගයියා ,ඩිජේ නිමා,දනුකයා,උෂාන්ත අයියා,අසියා,චතුවා, කී නොකී මේ සියලුම දෙනා මේ වෙනකොට හොදම යාලුවෝ වෙලා ඉවරයි . . . . .
චිරාත් කාලයක් ZOOM එක්කම ඉන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕනි . . . . .
තෙරුවන් සරණයි !

RANGANA BLC
03-12-2013, 04:42 PM
අවුරුදු 2 ට සුබ පැතුම් ,මම නම් සුම් එකේ රෙගිස්ටෙර් වෙලා සැහෙන කාලෙකට පස්සේ තමා ෆෝරම් ගැන දැන් ගත්තේ
ගොඩක් හොද යාලුවෝ ටිකක් හම්බ උනා ,සුම් එකෙන් වැඩිය දකින්නන නැත උනාට මටනම් නිතර හිරව දකින්න පුළුවන් වෙයි :b
පුළුවන් හැම වෙලවෙම ඇවිල්ලා යන්න කියල කියනව ,මම දන්නේ 27 වෙනි පොස්ට් එක ,මොකද අද ටිකකට කලින් තමා මම ගෙදර අවේ

අයිත් සුබ පැතුම්

KH7
03-12-2013, 05:01 PM
අවුරුදු දෙකක් කියන්නෙ සුලු කාලයක් නෙවේ මරුවෝ.. උඹ අපිත් එක්ක නොහිටින්න අපි කැලේ බං, උඹයි සූම් එකේ යාළුවෝ සෙට් එකයි ඉන්න හින්දා තමා අපිත් ෆන් එකේ ඉන්නෙ. මචං මේ ආ ගමනට මගෙන් උනුසුම් සුබපැතුම්.. අපි තවත් කල්පයක්ම සූම් අත්නොහැර ඉමු.

:thumbsup::thumbsup::14_002::14_002:<3:14_002::14_002::thumbsup:

Ela Machan Magenuth Suba Pethum..
:thumbsup::thumbsup::thumbsup::thumbsup::57::57::4 0_002::40_002:

මරු හිරා
03-12-2013, 07:19 PM
ස්තුතියි හැමෝගෙම අදහස් වලට

yohan
03-12-2013, 07:27 PM
අවුරුදු දෙකක් කියන්නෙ සුලු කාලයක් නෙවේ මරුවෝ.. උඹ අපිත් එක්ක නොහිටින්න අපි කැලේ බං, උඹයි සූම් එකේ යාළුවෝ සෙට් එකයි ඉන්න හින්දා තමා අපිත් ෆන් එකේ ඉන්නෙ. මචං මේ ආ ගමනට මගෙන් උනුසුම් සුබපැතුම්.. අපි තවත් කල්පයක්ම සූම් අත්නොහැර ඉමු.

:thumbsup::thumbsup::14_002::14_002:<3:14_002::14_002::thumbsup:

අඩෝ 1න්ම එල එල.............අපි ඉන්න ටිකේ සුම් එක්කයි.............

damith225
03-12-2013, 07:27 PM
Wish u happy birth day to zoom.lk.....

Eranga 44
03-12-2013, 08:16 PM
:thumbsup:

Eranga 44
03-12-2013, 08:17 PM
Wish u happy birth day to zoom.lk.....

මේ තියෙන්නෙ zoomඑකේ birthdayඑකක් ගැන නෙමෙයි මරු හිරා ගැන

chathu28
03-12-2013, 08:34 PM
අපිනම් අලුත්නේ මරුවෝ... එත් හොද කතාවක්... කවදාවත් මුල අමතක කරලා නැ... උබට හොද අනාගතයක් තියනවා... මං සුබ පතනවා...:thumbsup::thumbsup::thumbsup:

Udara|රොකියා
03-12-2013, 08:51 PM
සූම් එකට නැතුවම බැරි මාරු හිරා ...............
අවුරුදු දෙකකුත් ගිහින් අර අහිංසක මන්ජුවටත් වැඩක් දීලා මෙගා පෝස්ටර් බැජ් එකත් අර ගත්තා නේද ?
මටනම් කාලෙකට මේ පැත්තට එන්න වෙන එකක් නැහැ ඉදිරියට අලුත් රැකියාව එක්ක නිදහස් වෙලාවක් හොයාගන බොහොම අමාරුයි දැන්නම්.
කොහොමවුනත් අවුරුදු දෙකාට් සුබපතනවා

prasannalive
03-12-2013, 09:36 PM
:thumbsup::thumbsup::thumbsup: ELazzz

Naveen
03-12-2013, 09:57 PM
අවුරුදු දෙක වෙනුවෙන් සුභ පැතුම්.....

http://images4.fanpop.com/image/photos/19900000/Congrats-on-your-dedicated-medal-JayJay-spunky-jay-19917207-494-329.gif

Time Traveler
03-13-2013, 12:04 PM
:thumbsup::thumbsup::thumbsup::14_002::14_002::14_ 002::clap::clap::clap::40_002::40_002::40_002:
සූම් එකට සම්බන්ධවෙලා ගෙවුණු අවුරුදු දෙකට මගෙත් උණුසුම් සුභපැතුම්!
මමනම් සූම් එකට ඇවිල්ලා තාම අවුරුද්දක් නැති වුනත් මේ ටික කාලයට මට මෙතනින් හොඳ යාළුවෝ ගොඩාක් අඳුරගන්න ලැබුණා. ඒ අතරින් එක්කෙනෙක් තමයි මරු හිරා කියන්නෙත්. ආපහු ඇවිල්ලා සූම් එකත් එක්ක තවත් චිරාත් කාලයක් ඉන්නට ලැබේවා කියලා පතන අතරම ඔයාගේ අධ්‍යාපණ කටයුතු ඇතුළුව පෞද්ගලික ජීවිතයේ පැතුම් සියල්ලත් මල්ඵල ගැන්වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජයෙන් ජයමවේවා යාළුවා!
:)

asitha sandaruwan
03-13-2013, 12:26 PM
හිරෝ නියමයි........සුභ පැතුම් මේ ගෙවුණු අවුරුදු දෙකට.ඒ වගේම හිරාගේ ඉදිරි අනාගතයටත් මම සුභ පතනවා.ජයෙන් ජය!!!!

iroshanak
03-13-2013, 12:37 PM
අවුරුදු දෙකක් "මරුවා සමග වාසේ". මගෙනුත් උණුසුම් සුබපැතුම්......! :rose::rose::rose::rose::rose::thumbsup:

hrhdude
03-13-2013, 12:42 PM
ඔක්කොම පතන්න ඕනි සුබ පතලනේ! මගෙනුත් අනාගතේට සුබ පැතුම් එහෙනම්!:thumbsup::heartbeat:<3

සෝරෝ
03-13-2013, 01:58 PM
අනී....... මගේ නමත් තියෙනවා.............. හලී සෝක්............. :D

KUKULAMMA
03-13-2013, 03:36 PM
aniwa.ela kollek..apinam thaama aluth.bit math dannathi ewa ahagaththe oyagen.good luck bro.mama hithanne campus patan gannane yanne......elaela.aththa jeewithe api kawadahari hambemu:thumbsup:

මරු හිරා
03-13-2013, 05:14 PM
ගොඩක් ස්තුතියි යාලුවනේ ඔයාලගේ අදහස් වලට

HEDZ
03-16-2013, 09:34 PM
ඔයාලා හැමදෙනා වෙබ් අඩවිය වෙනුවෙන් දැක්වු ආදරය මත තමයි මේ තරම් දුරක් අපි ආවේ අවුරුදු දෙකක් අපිත් එක්ක සිටියාට බොහොම ස්තුතියි.
දිගටම හැමදාම ඔයාලගේ උදව් ඇතිව යන්න අපි බලාපොරොත්තුවෙනවා. :)

Axio
03-16-2013, 10:15 PM
Thawa dheerga kaalayak wajabhewaa kiyala praarthanaa karanawa...!!! ;)

මරු හිරා
03-16-2013, 10:40 PM
ඔයාලා හැමදෙනා වෙබ් අඩවිය වෙනුවෙන් දැක්වු ආදරය මත තමයි මේ තරම් දුරක් අපි ආවේ අවුරුදු දෙකක් අපිත් එක්ක සිටියාට බොහොම ස්තුතියි.
දිගටම හැමදාම ඔයාලගේ උදව් ඇතිව යන්න අපි බලාපොරොත්තුවෙනවා. :)

අනිවා සයිට් එක මෙච්චර කාලයක් පවතින්න ලොකුම ශක්තියක් උනා අපේ උපසිරසි හදන යාළුවන් වගේම ෆෝරම් එකේ ඒ කාලේ ඉඳලම හිටපු අයත්
ඒ නිසා තමයි ඒ අයවත් මතක් කරේ

CJA
03-16-2013, 11:23 PM
අඩෝ මරුවා අවුරුදු දෙකයිනේ.. එලෙත් එල මචා.. මගෙන් සුභම සුභ පැතුම්...

:thumbsup::thumbsup::thumbsup:

nilanmarasingha
03-22-2013, 07:29 PM
MARUWO...................elama tama....menna magenuth hot hot subapathum...:)
math mekata avith godak kal na.....
eth net kiyanne zoom.lk wage tamai....
wage newei ehemama tama....
home page eka zoom.lk
mata dan meka FB wage...
tawa eka aduwak tye me site eke,online chat ekk nati eka tamai aula..
puluwannm HEDZ eka gena tikk hithala balanna

මරු හිරා
03-22-2013, 08:17 PM
අඩෝ මරුවා අවුරුදු දෙකයිනේ.. එලෙත් එල මචා.. මගෙන් සුභම සුභ පැතුම්...

:thumbsup::thumbsup::thumbsup:


MARUWO...................elama tama....menna magenuth hot hot subapathum...:)
math mekata avith godak kal na.....
eth net kiyanne zoom.lk wage tamai....
wage newei ehemama tama....
home page eka zoom.lk
mata dan meka FB wage...
tawa eka aduwak tye me site eke,online chat ekk nati eka tamai aula..
puluwannm HEDZ eka gena tikk hithala balanna

තෑන්ක්ස් මචන්ලා