Rebel
03-24-2013, 01:34 PM
කොහොමද ZOOM කොල්ලෝ කෙල්ලෝ ටිකට..අද මන් ගෙනාව සිතන්න යමක්.එදා ආදරයෙත් සංගීතයේත් අපුරු එකතුවක් වුනු ලස්සන ගීතයක්.හැමෝම අහල ඇති..
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න..
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න..
http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/couple-nivjoyjoy-love-hearts-sweet-love-couples-lovers-comments-my-heart-is-yours-yours-only-michelle-angel-romance-stars-co_zps46ec155e.jpg
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමන්න..
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..
http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/Couple-love-31396193-1440-900_zps64d8a233.jpg
ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න..
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න..
හැමෝම මේ සින්දුව අහල ඇතිනේ.එත් මේකේ තේරුම හැමෝම දන්නේ නැතුව ඇති.මේක සත්‍ය සිදුවීමක්.මේ ගීතය පද රචනය කල ධම්මික භාණ්ඩාර මහත්මය අත් විදපු සිදුවීමක්.ඔහු ගුරුවරයෙක්ව සිටින කාලයේ ඔහුගේ පන්තියේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගොඩාක් ආදරයෙන් වේලිලා හිටියා.ඇත්තම කිවුවොත් බොක්කෙන්ම කරපු සිරා Love 1ක්.කෙල්ල කොහොමහරි A3ක් අරගෙන පේරාදෙණිය කැම්පස් 1ට ගියා.එත් කොල්ලට යන්න බැරි වුනා.ඊට අවුරුදු කිහිපයකට පස්සේ ධම්මික මහත්මයාට මේ කොල්ලව හම්බවුනා.එතකොට ධම්මික මහත්මය ඇහුවා කොල්ලගෙන් "කෝ උබත් එක්ක ඒ කාලේ එකට බත් කාපු කෙල්ල" කියලා.එතකොට කොල්ල කිවුවා "නෑ සර්..එය පේරාදෙණිය කැම්පස් ගියාම එයා කොච්චර සුන්දර දේවල් දකිනවද..එත් ඒ සුන්දරත්වය මන් නිසා එයට විඳින්න බැරි වේවි.ඒ නිසා මන් අයින් වුනා.එත් එයා නම් කැමති වුනේ නෑ" කියලා.මේ සිදුවීම මත තමයි මේ ලස්සන ගීතය ලියවුනේ..
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න..
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න..
පේරාදෙණිය සරසවියට හන්තාන හොදට පේනවා.එතන සුන්දරම දසුන තමයි හන්තානට හඳ පායන අවස්ථාව.එත් ඒ සුන්දරත්වය මට දකින්න බෑ.එත් ඔයාට දකින්න පුළුවන්..
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමන්න..
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..
පේරාදෙණිය සරසවියට හිරිපොද වැස්ස නිතරම වැටෙනවා.ඒ වැස්ස එන්නේ තනියම නෙමෙයි.අඳුරත් අරගෙන.ඉතින් හැමෝම ආදරේ කර කර කුඩේ යටින් යනකොට ඔයාට තනියක් දැනේවි.ඒ නිසා ඔයා කවුරුහරි කුඩේ යටට ගන්න..
ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න..
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න..
සරසවි ජීවිතය හොදට අදුනන අහිංසක පෙම්වතෙක් ඔහු.සරසවියේ පෙම්වතුන් පෙම් කරන දසුන් හැමතැනම දකින්න ලැබෙනවා.එතකොට තවත් කෙනෙක් ඇගෙන් ආදරය ඉල්ලාවි.ඒ ආදරය ප්‍රතික්ෂේප කරන්න එපා.මගේ මතකයන් අමතක කරලා ඒ ආදරය විදින්න.සරසවියේ සුන්දරත්වය උපරිමයෙන් ලබා ගන්න..
මේ සින්දුවෙන් අපිට ගන්න පුළුවන් වැදගත් කාරණා 2ක් තියෙනවා යාලුවනේ.ඒ තමයි පරිත්‍යාගශීලි සත්‍ය ආදරය හා පැරණි ගීතවල ඇති අර්ථවත් බව.නුතන සමාජයේ ආදරය කියන්නේ වචන වලට පමණක්,s_x වලට පමණක් සිමා වුන දෙයක් විතරයි.එත් ආදරය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්.ආදරයට ආදරය කරන්න.එවිට ආදරය ඔබව ආදරයෙන් රැකගනිවී...
සත්‍ය සිදුවීමයි මගේ අදහසුයි එකතු කරලයි මන් මේ post 1 ලියුවේ.හොදනම් Comment කරලා කැමති අය රෙප් දීලා යන්න...
http://i1354.photobucket.com/albums/q682/Thishd/thanks_zps418984b3.gif